Monday, June 13, 2016

නාම ගොච්ඡං නජීරති



 පසුගිය දොහොක  දේශපාලකයින් රොත්තක් මහජනතාවගේ මුදලින් හැදූ ගොඩ නැගිල්ලක් විවෘත කරන්ට කලුතර ගොහින් වෙච්චි අලකලංචිය මතකයිනේ. අතිගරු වෙල්ගම  හිටපු ඇමටි තුමා විවෘත කිරීම පුවරු වල තමන්ගේ නම නෑ කියලා මහ අඩව්වක් ඇල්ලුවා. අපි නොදන්නවා වුණාට සමහර විට මේ ගොඩනැගිල්ල එතුමාගේ පරම්පරා බූදලේ වියදම් කරලා හදපු එකක් වෙන්ටෑ.

 මහජනතාවගේ රීරී මාංශේ  හූරලා ගන්න බදු මුදල් වලින් කොරන මේ ඊනියා සංවර්ධන වැඩ පටන් ගන්න කොට , ඉවර කොරන කොට , වැඩේට ගිය මුදලටත් වඩා වියදම් කරලා නාම පුවරු ගහන එක දැන් රටේ නීතියක් වෙලා . හරියට උන්ගේ අම්මා අප්පගේ බූදලෙන් හදනවා වගේ. නම කොටා ගන්න එකට හපන් නම කෙ‍ටුවේ නැතිවාම ආවේස වෙලා වගේ දඟලන දැඟලිල්ල.

වෙල්ගම විතරක් නම් මදෑ. හිටපු ජානධිපති උන්නැහෙත් කියනවා , ඒ සිද්දිය දැක්කම වෙල්ගම ඉඹින්න හිතුනාය,  වෙල්ගම කෙරේ හොඳ වැඩක්ය,අපි පටන් ගත්තු වැඩවලට යහපාලන කස්ටිය නම් දා ගන්නවාය , අපේ නම් දාන්නේ නැතිය ආදි වශයෙන්. ඕන්  හිටපු ජනාධිපති තුමා ගේ ආකල්පය.

නාම පුවරු ලෙඩේ තදටම තිබ්බ එක්කෙනෙක් තමා අපේ හිටපු මහ තුමා . මතකයිනේ මැදමූලනෙන් ගෙනා සල්ලි වලින් හදපු මහින්ද රාජපක්ෂ වරාය, මහින්ද රාජපක්ෂ ගුවන් තො‍ටුපල, ක්‍රීඩාංගණ, සම්මන්ත්‍රණ ශාලා, ඉස්කෝල, විතරක් නෙවේ මරදාන පැත්තේ ප්‍රසිද්ධ වැසිකිලියකත් ගහලා තියෙනවා ගරු ගෝඨා   මැතිතුමාගේ සංකල්පයක් අනුවය කියලා,.තවත් මොන කතාද?

සටහන- අපි පුංචි කාලේ අපේ ගුරුවරු කියලා දුන්නේ ලංකාව සංවර්ධනය වෙමින් තිබෙන  රටක් කියාය. ඒ කාලේ නොදන්න කමට අපි හිතුවේ එහෙමනම් ඒක ලඟදීම සංවර්ධනය වී සුරපුරක් වෙයි කියලාය. දැන් අපි මැරෙන්නත් කිට්ටිඋය. ඒත් තවමත් මේක සංවර්ධනය වෙමින් පවතින රටක්ය.  මේක එහෙම  හදන්න පුලුවන් රටක් නෙවේය. හදන්නනම්, මකවලා හදන්න වෙනවාය. ආණ්ඩු විතරක් නෙවේ ජනතාවත් අලුතින් පත් කර ගන්ඩ වෙනවාය. වෙල්ගමලා පස්සේ යන මිනිස්සු ඉන්න රටක මොන සංවර්ධනයක්ද?

6 comments:

  1. Well said brother..!! "ආණ්ඩු විතරක් නෙවේ ජනතාවත් අලුතින් පත් කර ගන්ඩ වෙනවාය."

    ReplyDelete
    Replies
    1. ඔයා ලංකාවට නැවත පැමිණිවිට විට මතක් කරලම එක කරන්න

      Delete
  2. /* දැන් අපි මැරෙන්නත් කිට්ටිඋය. */

    පිස්සුද ඕයි, මං නං අවුරුදු සීයක් ඉන්නයි අදහස!
    http://rasikalogy.blogspot.com/2016/06/notes-from-yesteryears.html

    ReplyDelete
  3. හිටපු මහතුමා විතරක් නොවෙයි ඉන්න මහතුමාත් නාම පුවරු භීතියෙන් පෙළෙනවා. කොයි මහතුමාලටත් නාම භීතිය තියෙනවා. ඔය ගැන මෙතන තියෙනවා.

    http://nokieekatha.blogspot.com/2015/06/blog-post_23.html

    ReplyDelete
  4. ඇයි තව කිව්වා ශ්‍රැංගිලා හෝටලේ නාමල්ගේය ඒක විවෘත කලේ වෙන කවුදය කියලත්

    ReplyDelete
  5. මමත් මේ වගේ පොස්ට් එකක් දැම්මා අර ඒ දවස් වල පාරක් වෙන කට්ටියක් ගිහින් කලින් විවෘත කෙරුවේ. ජනතාවගේ දේපොළ නේ . අයිතිය වෙන එවුන්ගේ.

    ReplyDelete