Friday, December 2, 2016

යහපාලනේ මාරද????



දේශපාලන විරුද්ධවාදින් මර්ධනය කිරීමේ යහපාලන ක්‍රමය යටතේ සිරගත කර සිටින පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂයේ කුමාර් ගුණරත්නම් තම දඬුවම් කාලය ගෙවා, හෙට දින අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් වෙනු ඇත..

බන්ධනාගාරයෙන් එලියට එන කුමාර්ගේ ඉරණම කුමක් වේදැයි මේ දක්වාම අවිනිශ්චිතව තිබුණද ඔහුට ලංකාවේ පුරවැසි භාවය ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි ඊයේ සවස වාර්තාවිය.

එය එසේනම් දිගින් දිගටම නා ගත්  යහපාලන ආණ්ඩුව  කලකට පසුව ගත් හොඳ තීරණයකි.
දැන් යහපාලන වාදින්, ඔන්න ඕකයි යහපාලනේ වෙනස ,  කොහොමද වෙනස, කියමින් උදම් අනනු ඇත.

එහෙත් ආණ්ඩුවට එම තීරණය ගැනීමට සිදු වූයේ  කුමාර් ගුණරත්නම්ගේ පෙ.ස.පෙ  තවත් වාමාංශික හා නිදහස් මතධාරින් එක්ව දිගින් දිගටම කළ බලපෑම් නිසා මිස යහපාලනයේ හොඳකමක්  නිසා  නම් නොවේ,එසේම ජාත්‍යන්තරයෙන් ද සමහර විට ආණ්ඩුවට බලපෑමක් එන්නට ඇත.

ඒ නිසා යහපාලනය මාරයි කියමින් උදම් අනන්නට දෙයක්  කුමාර් සිද්ධියේ නැති බව යහපාලන අනුගාමිකයන්  හා අනිකුත් සියලු දෙනා මතකයේ තබා ගැනීම අනාගතයට වැඩ දායක වනු ඇත.

නිදහසේ සිටි මිනිසෙක් අල්ලා හිරගෙට දමා ඔහු නිදහස් වූ පසු  " ඔන්න අපි මිනිහා එලියට දැම්මා, ඒ විතරක් නෙවේ රටෙන් පන්නන්නේ ත් නෑ . . අපි හතුරන්ට වුණත් සමාව දෙනවා. ඒ නිසා අපි හරි හොඳයි" කීම විලි ලැජ්ජා නැති බංකොලොත් වැඩකි.

එසේම කුමාර් ගුණරත්නම් සිරගත කිරීම ගැන " කුමාර් කෙනෙක් අඳුනන්නේවත් නැති" ජවිපෙ නායකයින්ට එල්ල වූ චෝදනා ගැනද ඔවුන් සෑහෙන පිළිතුරක් , පිලිගත හැකි මට්ටමේ පිළිතුරක් දෙනු ඇතැයි සිතිය නොහැක. සමහර විට මේ ගැන චතුර සේනාරත්න යමක් පවසනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

අවසන් වශයෙන් කුමාර් ගුණරත්නම් සිරගත කිරීම ගැන රෝහිත භාෂණ අබේවර්ධන  JDS වෙබ් අඩවියේ තැබූ සටහනක් අමුණන්නේ එය අපේ පරම්පරාවේ කතාව නිසාය.

ප්‍රේම‍කුමාර් ගුණරත්නම් වනාහී කාමභෝගී චෞර මහල්ලන්ගේ දොළ පිණිස නීතිපොත් පෙරළා බලා පිටුවහල් කළ යුතු  'ඕස්ට්‍රේලියානුවෙක්ක්' නොවේ. ලෙයින් ලියැවුණු දකුණු ලංකාවේ දුක්බර ඉතිහාසයක මතක අග්නියෙන් කැළැල් වූ හදක් ඇති මගේ පරම්පරාවේ සහෝදරයෙකි. ඔහුගේ නිදහසට පිටුපෑම යුක්තිය අහිමි කළ මගේ පරපුරේ ලේ වැකි මතකයට පිටුපෑමකි.☐

5 comments:

  1. ඒ කියන්නේ ප්‍රේමකුමාර් ඕසී පුරවැසිකම අතහරිනවා කියන එක ද, නැතිනම් ද්විත්ව පුරවැසියෙකු වෙනවා කියන එක ද?

    ReplyDelete
  2. අනේ හුකේ අකන්ඩ අකන්ඩ කියා කියා කුරුටුගාමී පොන්න හැත්ත බොරු බයිලා ගහනවා. තව කල්ප කාලාන්තරයකරවත් මුන්ට විරුද්ධ පක්ෂයේ වැදගත් තැනකටවත් එන්න බැහැ. කුමාර් ගුණරත්නම් කියන ත්‍රස්තවාදියා එලවා දැමිය යුතුයි.

    අකණ්ඩ හූසා - අලින්ඩ කේසා

    ReplyDelete
  3. ඔය පහුගිය ටිකේ රටේ ජනාධිපති රට රටවල් වලට ගිහින් ලංකාවේ පුරවැසිභාවය ගන්න එන්නැයි කියපු එකේ මෙච්චර මෙහේ ඉන්න ආසා මනුස්සයාට ඕක දීලා දැම්මානං ඉවරයිනේ.......

    ReplyDelete