Tuesday, December 13, 2016

හම්බන්තොටදී කණ පැලුවම නරකයිද



 
 
රතුපස්වලදී වෙඩිතිබ්බම  හොඳද
හලාවතදී  මිනි මැරුවේ නැත්ද
 ක‍ටුනායකදී බිලිගත්තේ කවුද
එක්නැලිගොඩට  සිදු වූයේ කිම්ද

සූරියකන්දේ පොඩි උන් වල දැම්මාද
බටලන්දේ දංගෙඩි තිබුණේ නැත්ද
යටාරෝ කැපේ  වධ කුටි නොතිබුණිද
හිස් ගෙඩිවලට ඇණ ගහලා නොමැරුවාද
 
වන්නියේ ගැලුවේ  ලේ ගංගා නෙවෙද
නන්දිකඩාල්වල මෝටාර් නොවැදුණිද
බාලචන්ද්‍රලා කී දෙනෙකුන් වීද
දහසක් මව් වරුන් වැලපෙන්නේ ඇයිද

ඒ දෑ සිදු වෙද්දි ඔල්වර දුන්නාද
හිස්ගෙඩි වනා අනුමත නොකළාද
එහෙනම් යකුනේ උම්බෑ හඬ මොකද
හම්බන්තොටදී කණ පැලුවම නරකයිද

5 comments:

  1. මේ සිදුවීමේ ඇති ලොකුම වැදගත්කම නම් රණවිරු බයි ආතල් යළිත් වරක් කුඩු වීමයි!

    සමහරුන්ට මානෙල් මල් තරු විසි වෙනවා ඇති?

    ReplyDelete
  2. https://www.youtube.com/watch?v=YynqlWscpHk

    ReplyDelete
  3. අමාවක, අද පෝයදා.
    හම්බන්තොට වම්බටුවලින් සශීක කිරීමේ අරමුණින් පසුගියදා නාවික හමුදාපති මාගමිපුර වාරායේදී සුභ මොහොතින් (මාධ්‍යෙව්දියෙක්ගේ)කන පලා වමිබටු සිටවීම ආරම්භ කලේය
    එම්.ආර් (MR බිලොග් ලොවට ලගදීම.......)

    ReplyDelete
  4. කණට සැප දෙන එක කාමසූත්‍රයේ නෙමේ තියෙන්නේ නේවී සූත්‍රයේ.

    ReplyDelete