Thursday, December 1, 2016

කස්ත්‍රෝ හා අපි-Hasta la victoria siempre

අපට නම් ‍ෆිඩෙල් කැස්ත්‍රෝ යනු  පීඩනයට එරෙහිව නිදහසේ  හා මානව දයාවේ 
සිහින  සමග අවි අතට ගත්   පරම්පරාවක අවසන් පුරුකයි.

ෆිඩෙල් කැස්ත්‍රෝ ගේ මරණය ගැන කියුබාවෙන් පලා ගොස් ඇමෙරිකාවේ ලැගුම් ගෙන සිටින කියුබානු සංක්‍රමණිකයන්ගේ සිට ලංකාවේ පැරණි වමේ මෘත කලේබර දක්වා වූ බොහෝ දෙනෙකුන් සතු‍ටු  වෙමින් සිටී.

ඉන් එක් අයෙකු වන අපගේ ශූර බ්ලොග් කාර W3LANKA පැරකුම් කියන්නේ "කස්ත්‍රො මිය ගියා ය කියලා ඔහුට  නම් කිසිම හැඟීමක් නැති බවයි".  ඒ ඔහුට දැනෙන ආකාරයයි.


අපේ තව සමහරක් අමු අමුවේම ඇමෙරිකානු මාධ්‍ය කොපි කරමින්  කැස්ත්‍රෝට පෙර කියුබාවේ තිබූ  ශ්‍රී විභූතියක් ගැන දොඩවති.ඒ බව පෙන්වමින් සංඛ්‍යා ලේඛන ද ඉදිරිපත් කරති. ඔවුනට අනුව පූර්ව කැස්ත්‍රෝ කියුබාව යනු යුරෝපයටත් වඩා දියුණු රටකි. හවානාවේ තිබූ කැඩිලක් රථ ප්‍රමාණය ගැන සුසුම් ලන මේ බුඩ්ඩිමතුන්  ලෝකයේ වැඩිම කැඩිලක් ආනයන ය තිබුණේ කියුබාවේ බව අපට කියති.

එහෙත් ඔවුන් නොකියන දේ... එක්කෝ නොදැන හෝ දැනගෙනම සඟවමින්-..... වන්නේ මෙම සැප රථ ගෙන ආවේ අතලොස්සක් වූ කියුබානු  ධනපතියන්ට හා කියුබාවේ නිවාඩු ගත කිරීමට පැමිණෙන ඇමෙරිකානු ධනපතියන්ගේ ප්‍රයෝජනයට බවයි.එකල කියුබාව වූ කලී ඇමෙරිකානු සංචාරකයින්ගේ සූදු පිටිය  හා ගණිකා මඩම වූ බවයි.

පූර්ව විප්ලවීය කියුබාවේ දරුවන්ගෙන් අඩකට වැඩි  පිරිසක් මන්දපෝෂණ්යෙන් පෙලෙමින් කොකු පණු රෝගයෙන් දරුණු ලෙස පීඩා විඳිමින් සිටි  බව හා එකල කියුබාවේ එක් කොණක සිට අනික් කොණ දක්වා වූ මහා උක්වතු එක්කෝ ඇමෙරිකානු සමාගම් හෝ අතලොස්සක් වූ කියුබානු කෝටිපතියන්ට අයත් තිබුණු බව ඔවුන්  නොදනිති. නැතහොත් ඒ බවක් හඟවති.

කැස්ත්‍රෝගේ විප්ලවයෙන් හානි වූයේ ඒ අතලොස්සක් දෙනාට හා කියුබානු පොලවේ සාරය උරා බිව් ඇමෙරිකානු සමාගම් වලටය.
කැස්ත්‍රෝගේ අභාවය ගැන ශෝක වෙමින් දස දහස් ගණන් තරුණ , බාල මහලු කියුබානුවන් පාරට බැස  ශෝක වන්නේ ඒ නිසාය.නමුත් අපේ බුඩ්ඩිමතුන් සිටගන්නේ කැස්ත්‍රෝගේ අභාවය ගැන ප්‍රීති වන අතලොස්සක් වූ  ඒ පරාජිත පිරිස් සමගය. වන්නාටය.

සටහන- 1962 දී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් බේ ඔෆ් පිග් නැමැති ස්ථානයෙදී    , කියුබාවෙන් පලා ඇවිත් සිටි  කියුබානුවන් පිරිසක් යොදවා කියුබාව ආක්‍රමණය කිරීමට  දැරූ උත්සාහය ලජ්ජා සහගත ප්‍රාජයකින් කෙලවර විය. ඔවුන් ගේ ඒ ආක්‍රමණය එදා ඇමෙරිකාව හැඳින්වූයේ කියුබානුවන්ට නිදහස ලබා දීමේ උත්සාහයක් ලෙසය.
කීර්තිමත් දාර්ශනිකයෙක් හා දේශපාලන විචාරකයෙන් වූ බර්ට්‍රන්ඩ් රසල් ඒ ගැන කිව්වේ " කියුබානුවන්ට නිදහස ලබා දෙන්නෙමුයි ඇමෙරිකාව කියන විට ඉන් අදහස් වන්නේ කියුබානු දරුවන්ට නැවතත් මන්දපෝෂණය හා කොකු පණු රෝගයත් , කියුබාවේ උක්වතු ඇමෙරිකානු සමාගම් වලට ලබා දීමත් බවයි"-
Unarmed Victory- Burtrand Russel







11 comments:

  1. මා නම් කීවේ කැස්ත්‍රෝ කියන කොටම (සමාන මුහුණුවර නිසා) වාසුදේවත් සිහිවෙන නිසා දුකක් දැනෙන්නේ නෑ ය කියායි!

    ReplyDelete
  2. දෙගොල්ලම අන්තවාදීන්.
    කස්ත්‍රෝ කියුබාව වෙනුවෙන් සේවයක් කල කෙනෙකු බවට සැකයක් නෑ. එ් වගේම අවුරදු හතලිහකට පස්සෙ කියුබාව අද ඉන්න තැන ගැනත් ඔහු වගකිව යුතුයි.
    හැබැයි කස්ත්‍රෝගෙ ‍පින්තූරෙ ප්‍රොෆයිල් එක‍ට දාගන්න තරමට මාක්ස්වාදයෙන් ඔලුව කුරුවල් වෙච්ච එවුන් ටිකක් මෙහෙත් ඉන්නෙ.

    ReplyDelete
  3. වරක් මාකේස් නම් ලෝක ප්රකට ලේඛකයා පැවසුවේ තමාට චේ ගුවේරා ගැන වසර 1000ක් සහ පිටු මිලියනයක් ලිවිය හැකි බවයි.හෙවත් තමාට එවැනි හැකියාවක් නොමැති බැවින් චේ ගැනනොලියන බවයි.මාකේස් යනු ඉතා දියුනු සමාජ චරිතයකි.නමුත් ඔහු තමාගේ සීමාවන් දැන සිටියේය.ඔහු තමන්ට නොකල හැකි නොදන්නා දෙවල් කරන්නට ගියේ නැත.
    දැන් ෆිදෙල් ගේ මරනය සමග සිදුවූයේ කුමක්ද?සන්චාරක මගපෙන්නන්ගේ සිට පඩියට බ්ලොග් ලියන්නන් දක්වාත් එක එක ජිල්මාට් වලින් රට පැන සල්ලි ටිකක් හොයාගත්තන්ගේ සිට පාසැල් ගුරුවරියන් දක්වාත් සියලු දෙනාම ෆිදෙල් ගැන විශාරදයන් බවට එක වරම පත් වීමයි.
    දැන් අපට සිතාගත හැක්කේ කුමක්ද?.මොවුන් මාකේස්ටත් වඩා දියුනු පුද්ගලයන් බවද?නැත්නම් තමන්ගේ සීමාවන් ගැන මොකුත් නොදන්නා චින්තනයෙන් අතිශය දුගී දුප්පතුන් බවද?.
    උස මිටි කම් වලට රස්සාවල් දෙන අයගේත් මොවුන්ගේත් වෙනසක් නැහැ නේද?එන්ගලන්තයේ ඕස්ට්රේලියාවේ සිටියාට චින්තනයෙන් මොවුන් සිට්න්නේ කොහේද?

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මිස්ටර් කලාමැඩිරීස්,

      මොකෝ අර අරුණි කැස්ට්‍රෝගෙ මිනීමැරුම් පාදඩ වැඩ ගැන ලියපු ලිපියෙ ලින්ක් එක ඩිලීට් කලේ?

      එහෙම කරල ඔහේ ඔහෙගෙ මේ ප්‍රශස්ති හෑල්ල ගිහිල්ල ලින්ක් එකත් එක්කම අරුණිගෙ බ්ලොග් එකේ එල්ලල ආව නේද?

      ඔන්න ඔහෙලගෙ සමාජවාදය...මරු ඕයි

      Delete
  5. මිස්ටර් රවීස්, ඔයාට ප්‍රජාතන්තරේයි, සමාජවාද්යෙයි ටැපලිලා වගෙයි

    ReplyDelete
    Replies
    1. මිස්ටර් කලාමැඩිරීස්,

      ප්‍රජාතන්තරේ කියන්නෙ බොස් වැඩිදෙනාගේ කැමැත්ත. එහෙම බලනවනං ඔහේ උල්ලංගනේ කරල තියෙන්නෙ විරුද්ද මතවලට ඉඩදිමේ අයිතිය.

      හරි ඒක මොකක් හරි කියමුකො..දර්ශීය සමාජවාදියෙක් වගෙ වචන උඩප්පරං ගැහිල්ල පැත්තක තියල මම මතු කරපු කාරනේට පිලිතුරක් දීල හිටියනං හොඳ නැද්ද?

      Delete
  6. මට ඔය ලඳ පෙන්නන්න බෑ අයිසේ. එයයිගේ වැඩේම මැරුණු අයට මඩ ගහන එක. මානසික ලෙඩක් ද කොහෙද? මීට කලින් සුනිලා අබේසේකර මැරුණු වෙලාවෙත් වැඩේ කලා.http://bitternight.blogspot.com/search/label/%E0%B7%82%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%9D

    ReplyDelete
    Replies
    1. අයිසේ කලාමැඩිරීස්,

      ඔහේ එතකොට කියන්නෙ මනුස්සයෙක් මලාම ඒ යකා කරපු මිනීමැරුං පාදඩකං ඔක්කොම අසුරු සැනිං අමතක කරල අපි ඒ මිනිහව හෝ ගෑණිව දේවදූතයෙක් දේවදූතිකාවක් විදිහට මවල පෙන්නන්ට ඕනය කියලද?

      ඒ එක්කම ඔහේ මෙතන අරුණිගෙ පෝස්ට් එකේ ලින්ක් එක මකල කරල තියෙන්නෙ තනිකර බලහත්කාරයක්. එක අතකින් පුදුම වෙන්ට දෙයක් නෑ. ලෝකෙ සමාජවාදී වීරවරයො ඔක්කොම කලෙත් ඔය අයිසෙ කරපු දේම තමයි.මාඕ, ස්ටාලින්, පොල් පොට්, විජේවීර ඔක්කොමල අයිසෙ එක වල්ලෙ පොල්.

      අයිසේ කුමාර් මහත්තය පිලිගන්ට අනුරාදපුරේ ගිහිල්ල ආවට පස්සෙවත් පැදුරක් එලල එරමිණිය ගොතාගෙන හිත සංසුං කරගෙන විරුද්ධ මත ඉවසීම කියන එක ටිකක් පුරුදු වෙනවා.

      Delete
  7. අයිසේ රවීස් විකාර කියවන්ට එපා.
    මේක විරුද්ද මත ඉවසීම ගැන ප්‍රශ්නයක් නෙවේ. මේන් මේ ටික කියවලා බලනවකෝ ඔය ශපිරෝ අම්මන්ඩි ගැන කවුද එකෙක් මගේ දඩ හා පාදඩ ලිපියට දාලා තිබුණු කොමෙන්‍ටුවක්.

    අනේ අරුණි සපීරෝ මැතිනිය............
    ඔයා ඇගෙන තියන ඇදගැනිමක තරම...........
    නිකන්ම නිකන් ඇමරිකන් ගොන් පොස්ට් ගෙඩි පිටින් කොපි පේස්ට්කරන්න ගිහාම ලෝකෙට ජෝක් එකක් වෙනවා තමා ඉතින්.................

    තුන්වන ලෝකයේ රටක සාධාරණව, අනුන්ගේ ලේ උරාබෝන්නෙකු නොවී තමන්ගේ මහන්සියෙන් ජිවත්වෙන්නෙකු හැටියට , මට කස්ත්රෝි ට ගරු කරන්නට මිස ද්වේශ කරන්නට හේතුවක් නැත.
    ලෝකයේ ලේ උරාබොන ඇමරිකාව නම් තුප්පහි රටේ වැසියෙකු ලෙසින් එරට තුන්වන ලෝකයේ රටවලින් හුරන්කාපු ධනයෙන් ජිවත්වෙන පරපෝශිතයකු වන අරුනි ස්පීරෝට නම් කැස්ත්රෝත ට ද්වේශ කරන්නට ඕනෑ තරම් හේතු ඇත.
    ඒ අනුව අරුණිගේ වේදනාවට හේතු පැහැදිලිය.

    මා හට මොහොමඩ් අලී කී දෙයකට සමාන දෙයක් මතක් වේ.
    සැබැවින්ම කැස්ත්රෝක හෝ කියුබානු ජනතාව අපට කිසිම අවැඩක් කර නැත.අපේ රටට විපත් සිදුවූ අවස්ථාවලදී මුලින්ම හා අවංකව අපේ රට වෙනුවෙන් ඉදිරිපත් වූ රටකි කියුබාව.
    ඇමරිකාවේ ප්රවතිපත්තිය ගැන අමුතුවෙන් කියන්නට අවශ්ය් නැත.
    1960 දශකයේ සිංහල දරුවන් වදකරන්නට විෂ යෙදූ බිස්කට් එවූ හැටි අපිට මතකය.
    යුද්දය සමයේ ආයුද තබා බෙල් හෙලිකොප්ටර් වලට අවශ්යි අමතර කොටස් හෝ ලබාදුන්නේ නැත.
    චෙක් රටින් අපට බල්ටි බැරල් ආයුද ලබාදෙනවාට එරෙහි වුයේ ඇමරිකාවය.
    හැබැයි කොටින්ට යහමින් ඇමරිකන් M16 ගිනි අවි තිබිණි.

    ප්රීයමා කොම්පැනිය,ෂෙල් කොම්පැනිය,ඩොල් එක, අපේ රටේ සාරය යහමින් උරාබිව්වේය.
    මෙලමයින් යෙදු ඇමරිකන් බහු ජාතික බුවල්ලන්ගේ ආහාර විසින් අපේ ජාතිය නිහඩවම මරමින් සිටී.
    ඇමරිකාවද , කැස්ත්රෝබ විරෝධී බ්රි,තාන්යඑය ඇතුලු සෙසු බටහිර බල්ලන් අපේ රටට කරපුවා අපිට අමතක නැත.

    තුන්වෙනි ලෝකයේ රටවලට බෝම්බ හෙලා දැහස් ගණන් දරුවන් පණපිටින් පුළුස්සන්නේ ඇමරිකාව මිස කැස්ත්රෝ නොවන බව අරුනිට මතක්කර දෙන්නට කැමතිය.
    ඇමරිකාවෙ කෙරුවාව ගැන පොත් දාහක් හෝ ලිවිය හැක.

    සදාකල් අපේ රටවල් හූරන් කැ ඇමරිකාවට එරෙහිව පෙනී සිටී කැස්ත්රෝප අපට සැමදා වීරයෙකි.පහන් තරුවකි.
    තමුන්ගේ බඩ රස්සාව වෙනුවෙන් ඇමරිකන් ගොන් පොස්ට් කොපි පේස්ට් කරමින් කඩේ යන අරුණි ගැන , සිංහලයෙකු ලෙස මට ඇතිවන්නේ ඇත්තේ විලි ලෑජ්ජාවකි.
    සියවස් ගණනක් අපේ වගේ රටවල් කොල්ලකෑ ඇමරිකන් මීනීමරුවන්ට කඩේ ගියවිට තමුන් ‘පොස්’ වන්නේ නැත.වන්නේ මෝඩකම එලි වීම පමණි.


    ReplyDelete
    Replies
    1. Isay My dear කලාමැදිරීස්,

      ඔහේට හිංගල නොතේරීම ගැන මට කරන්නට දෙයක් නැත. කරුණාකරලා කියන්නෙ මොකද්ද කියලා ඉස්සෙල්ලා තේරුම් ගන්න.

      මම කියන්නේ අරුණි කියනදේ හරිද වැරදිද කියන එක ගැන නොවේ. ඔහේට කොපමණ අප්‍රසන්න වුවත් ඇයට ඇයගේ අදහස් දැරීමට මෙන්ම ඒවා ප්‍රකාශ කිරිමටද අයිතිය ඇත.ඒක තේරුම් නොගෙන සම්ප්‍රප්ඵලාප දෙඩවීමෙන් කරුණාකර වළකිනු මැන.

      Delete