Tuesday, January 17, 2017

රටට පෑයු අලුත් තරුව- එම්. ඒතුමා

 
 
 

සිරි ලංකාවට අලුත් තරුවක් පායමින් තිබේ. එසේ මෙසේ තරුවක් නෙවේය. මානසික රෝගඥ තරුවක්ය. සමහර විට ලෝකයේ සිටින හොඳම රෝග මානසිකඥයා වීමටද ඉඩ තිබේ.

ඒතුමා අප වැනි දුහුනෙක් නොව ලෝකය දැක , කා වතුර ද බී සිටින උගතෙකි.ඒ තුමා ගේ සුවිශේෂි ලක්ෂණය නම් ඒතුමා හැර ලෝකයේ සිටින අනික් සියලු දෙනා ( සමා වෙන්න- අනිත් සියලු දෙනා කිව්වාට එසේ මත් නොවේ. ඒතුමාගේ මතවලට එහෙයි කියන අය හැර අනිත් සියලු දෙනාය) මානසික රෝගින්ය.

ඒ තුමාගේ ඇති තවත් අති විශේෂ ලක්ෂණයක් නම්   ඒතුමාට සමාජ වාදය පෙන්වන්ඩ බැරි වීමය. හරියටම කිව්වොත් නයාට අඳු කොල වගේය. ඒ නිසා  ජයාට සමාජවාදය වගේ කියා අලුත් කියමනක් හැදිය හැකිය. නමුත්   ඒතුමා  රුසියාවේ ඉගෙන ගෙන ඇති නිසාත්, රුසියන් සමාජ වාදි කාරයෝ ඒ තුමාට පිනට ඉගෙන ගන්න දුන්නු නිසාත් උන්ට වැඩිය බනින්නේ ද නැත. බැරි වෙලාවත් එතුමාට පින් රුසියන් අධ්‍යාපනයක් නොලැබුනානම් එහෙම සමාජවාදි කාරයින්ට දුවන්ඩ පාරවල් නැති වෙන්නේය. ඒ වා එහෙමය.

කාල් මාක්ස්ගේ ඩාස් කැපිටාල් අග සිට මුලට හැට හය වතාවක් ද, මුල සිට  අගට හැත්තෑ තුන් වතාවක් ද කියවා ඇත. ( ඒ තුමා ඒ පොතේ කවරය  එක්දාස් අටසිය හත් වතාවක් කියවා තිබේ). ඒ නිසා ලංකාවේ සිටින ඩාස් කැපිටාල් කවරය විතරක් කියවා ඇති සමාජවාදින්ට වඩා හොඳට ඒ ගැන දන්නේය.

ඒ විතරක් නෙවේය. ලංකාවේ ඉන්න සමාජ වාදියෝ කර ඇත්තේ පංති පහක් පමණක් වුනත් ඒ තුමා පංති 20ක්ම කර තිබේය. ඒ එක පංතියක අවුරුදු දෙක ගානේය. එහෙම ඉගෙන ගත්ත ඒ තුමා ලංකාවේ විස්ස විද්‍යාලයෙක් ඉගෙන ගන්ට බැරි වුනා නොවේය. අකැමති වුනේය. උපාධි ගන්ට රුසියාවට ගියේ ඒ නිසාය.ඉතින් ඒ නිසා  ලෙනින්ට වඩා හොඳට ලෙනිනිස්ම් දන්නේය. එව්වා එහෙම තමාය.

සමාජවාදයට අමතරව ඒතුමා උග්‍ර මානසික රෝගියෙක්ය.  රෝග විශේෂ්ඥයෙක්ය. භූ ගෝලඥයෙක්ය. ඉතිහාසඥයෙක්ය. ගණිතඥයෙක්ය. සමාජ විද්‍යාඥයෙක්ය.  යුද්ධ විශේෂඥයෙක්ය. මානව  විද්‍යාඥයෙක්ය. ඉතින් ඒතුමා පොරක් නොවේද? තරුවක් නොවේද?

සටහන- 1   ඒතුමාට භාර දී ඇති කොන්ත්‍රාත්තුව ගැන වැඩි විස්තර ඇසීමෙන් වලකින්න.

සටහන-2   සිසිර කුමාර මාණික්කාආරච්චි  නම් මහතෙක් ඉස්සර කාලේ හිටියේය. ඔහු අද ඉන්න තැනක් දන්න අයෙක් සිටීද?

9 comments:

  1. රුවන් ජයතුන්ග සයිකොතෙරපිස්ට් ගැනද කියන්නේ හිටන්?



    ReplyDelete
    Replies
    1. ඔඅය එන්නෙ සටහන - 1 න් කියන කෂ්ටිය.
      දන්නෙම නෑ වගෙ, හොර ගෙඩිය.

      Delete
  2. //
    සටහන- 1 ම්ට භාර දී ඇති කොන්ත්‍රාත්තුව ගැන වැඩි විස්තර ඇසීමෙන් වලකින්න. //

    ලන්ඩන් වල ඇල්බට් අන්කල් කරනවා වගේ එක් කොන්තරත්තුවට කීප දෙනෙකුගෙන් ම මුදල් ගන්නව නෙවෙයි හිටන්!

    ReplyDelete
  3. ///සටහන-2 සිසිර කුමාර මාණික්කාආරච්චි නම් මහතෙක් ඉස්සර කාලේ හිටියේය. ඔහු අද ඉන්න තැනක් දන්න අයෙක් සිටීද?/////

    දන්නවා.....දේශපාලන මඩ සාහිත්‍ය ඉතිහාසයේ කුණු බක්කියේ...ගොන් පාට් ඉස්මතු කරගත්තනේ දේශපාලනේ නිසා. බෑ සහ උම්ඹෑ අතර වෙනස තමයි මචෝ.

    ReplyDelete
  4. කවුරුහරි හොඳ බ්ලොග් එකක් ලියනවානම් ඉතින් අපිට ඉවසන්න බැරිබව අහන්නත් දෙයක්ද? එයා බ්ලොග් ලිවීම නවත්වනකල්ම මේ වගේ පෝස්ට් දාන එකයි තියෙන්නේ.

    ReplyDelete
  5. +++++++++++++++++ a good post

    සිසිර කුමාර මාණික්කාආරච්චි දක්‍ෂ ලේඛකයෙකි, ඔහුගේ පොත් (ශ්‍රී ලංකා ඉල්ලංකා, සාහිත්‍ය කොල්ලය ) තවමත් ජනප්‍රියය​. ඔහු මිය ගියේ 1979-80 කාලයේය​.

    ReplyDelete
  6. ලිවීමට, කියවීමට ඇබ්බැහි වීම ද එක්තරා පිස්සුවකි.

    ඒ අනුව අප සැමටම සමාන පිස්සුවක් ඇත. ඊට අමතරව එකිනෙකාගෙන් වෙනස් වූ පිස්සු ද ඇත.

    ReplyDelete