Sunday, June 23, 2013

ගව ඝාතන විරෝධය


රාවණ බලයයි, සිංහල රාවෙයි,

නානසාරගේ බොදු බල සෙනගයි

චම්පික සාදුයි, වීරවංශලයි 

ඥාතින් වෙනුවෙන් සටනක් අරඹයි


Tuesday, June 18, 2013

බල්ලන් නොමරා සල්ලි හම්බ කිරීම


බල්ලන් ගැන කතිකාවක් බ්ලොග් අවකාශයේ ඇති වී තිබේ. ප්‍රකට බ්ලොග් කරුවන් දෙපොලක් වන W3 ලංකා ලියන අජිත් පැරකුම් හා මාතලන් දෙදෙනා පසුගියදා බල්ලන් ගැන හා උන්ගේ හපා කෑම් ගැනත් බල්ලන් මැරීම හා නොමැරීම ගැනත්  ලියා තිබෙනු දක්නට ලැබිණි.

මොවුන් දෙදෙනාගේ ම ලිපිවල එක් පොදු සාධකයක් තිබිණි. එනම් දඩාවතේ යන බල්ලන් මැරීම නැවතී ඇත්තේ බල්ලන් කෙරෙහි ආණ්ඩුව දක්වන වූ අනුකම්පාව නිසා බවයි.

"මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දෙමළ ජනයාට කිසිදු අනුකම්පාවක් නො දක්වන ලදමුත්, බල්ලන්ට නම් සෑහෙන අනුකම්පාවක් දක්වයි. බල්ලන් අල්ලා මරා දැමීම මේ වන විට ලංකාවේ සම්පූර්ණයෙන් ම නතර කර තිබේ. " - W3 Lanka

"අපේ රජතුමාත් බල්ලන්ට ආදරේ නිසා, බල්ලෝ මරණ එක නවත්තලා දැම්මේය. මේ කරුමේ නිසා දැන් පාරක යන්න බැරි ගානට, කකුල් හතරේ බල්ලොත් පාරේ පිරිලාය. උන් හපා කාලා මැරෙණ සෙට් එක, කකුල් දෙකේ උන්ගේ ගෙම් වල ගනනට වඩා, බොහෝ වැඩිය. ඉන්ජැක්සන් ගහන්න යන වියදමත් බොහෝ වැඩිය"- මාතලන්

නමුත් ඇත්ත නම් බල්ලන් මැරීම මෙන්ම උන්ව වඳ සැත්කම් වලට ලක් කිරීමත් නැවතී ඇත්තේ හුදු සත්ව කරුණාව නිසා නොවන බවයි.

මේ සඳහා බලපෑම් කරන්නේ ඖෂධ නිෂ්පාදන සමාගම්ය. එකක් රුපියල් තිස් දහසක් පමණ වන ජල භීතිකා එන්නත් අලෙවිය දිගටම ඉහල මට්ටමක තබා ගැනීමට නම් මේ අයාලේ යන බලු සංහතිය ඉතාමත් අත්‍යවශ්‍ය වේ.

ඖෂධ සමාගම් ඒ වෙනුවෙන් සත්ව අවිහිංසා සමිති වලටත් මාධ්‍ය වලටත් අත දිග හැර වියදම් කරයි.සමහර විට මේ ඊනියා අවිහිංසාවාදි සමිති මේ සමාගම්වලම නිර්මාණය. පසුගිය කාලයේ ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වූ බල්ලන් වඳ සැත්කම් වලට ලක් කිරීමේ ක්‍රියාවලිය අඩපණ වීම පසුපස ද මේ සමාගම් සිටී.ජල භීතිකාවෙන් මිය යන ජනතාව ගැන වචනයක්වත් නොලියන , කතා නොකරන උන් බල්ලන මැරීම ගැන මහ හඬ නගන්නේ ඒ නිසාය.

මිනිසුන් කොතරම් මියගියත් මේ ඖෂධ සමාගම් වලට ඉන් කමක් නැත . උන්ට වැදගත් ලාභයම පමණි.





Monday, June 10, 2013

ධීවරයෙකුගේ වටිනාකම කීයද?



ධිවරයන් 18 දෙනකු මියගොස්, 36 දෙනකු අතුරුදන්ව ඇති බව වාර්තු වූබවත්, මිය ගිය ධීවරයන්ගේ පවුල් වෙනුවෙන් ක්ෂණිකවම රුපියල් 15000ක් ලබා දීමට කටයුතු කරන බවත්, විදේශ ගතව සිටින ධීවරය ඇමැති ශ්‍රී ලංකාවට ආ පසු රුපියල් ලක්ෂය බැගින් දීමට කැබිනට් පත්‍රිකාවන් යොමු කරන බවත් ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා පානදුර ධීවර වරායේදී මීට ටික වේලාවකට පෙර පැවසීය.
(උපුටා ගැනීම ලංකාදීපයෙන්)

සටහන- ගල උඩ වරායවල්, මොණරුන්ට ගුවන් තොට, නාස්තිකාර සැණකෙලි, රජ පුතුන්ගේ කාර් රේස් සඳහා රුපියල් මිලියන දහස් ගණන් වියදම් කරන රටක ධීවරයෙකුගේ වටිනාකම ලෙස ගණන් බලා ඇත්තේ රුපියල් 15,000 කි. වරාය අධිකාරියේ සභාපතිගේ මාසික වැ‍ටුප පමණක් රුපියල් ලක්ෂ තුනකට ආසන්න අතර ගුවන් තො‍ටුපල සභාපති මස්සිනාගේ වැ‍ටුපද ලක්ෂ දෙක පනී.

Thursday, June 6, 2013

කළවා නීතිය

කළවා පෙනෙන්නට ගවුමක් ඇඳන් යන
කෙල්ලන් කකුල් අතගා  දූෂණ කරන්නට
නීතියේ ප්‍රතිපාදනය තියෙනා බවට
ආරංචියක් තිබේ රත්නපුර පැත්තෙන්

කොටට අඳින කෙල්ලන් ගේ කකුල් ගැන
මොන මොන වගන්තිද ලියලා තිබුනේ 
උඹැහේ උගත් නීති පොතේ 
කියලා දෙන්ට  අපේ හාමුදුරුවනේ

රංචාගොඩ ළමයා


Thursday, May 30, 2013

ලින්කන් හා මහසෙන්



සුළි කුණා‍ටුවකට මහසෙන් යන නම යෙදීම ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජාතියෙන් සමාව ඉල්ලීම නිසා ඊට එරෙහිව පැවත්වීමට තිබූ මහා  උද්ඝෝෂණ ව්‍යාපාරය නවතා දමන බව උතුම් වූ ශ්‍රීලංකාණ්ඩුවටත් ශ්‍රී ලංකා වාසි ජහමනයා මහජනයාටත් ජාති ආලයෙන් ( 83 මාදිලිය) යුක්තව මෙයින් දැනුම් දෙමු.

මීට.

ගරු සභාපති

ර.වා.ජ. දු.ව.ක.ර.පො.නො.(කා.පො.ප.යො) පා.ශ්‍රි.උ. සි.බෞ.වි. ( දෙ. නො) ද.දෙ.වැ.සි. කෘ.විසං.

(රජරට වාරි ජලයෙන් දුම්කොල වගා කරන රසායනික පොහොර නොයොදන( කාබනික පොහොර පමණක් යොදන) පාරම්පරික ශ්‍රී ලංකා කාර උඩරට සිංහල බෞද්ධ විවාහක ( දෙවරකට නො වැඩි ) දරු දෙදෙනෙකුට වැඩියෙන් සිටින දේශප්‍රේමි කෘෂිකාර්මිකයන්ගේ විශ්‍රාමික සංගමය)

සටහන- මහසෙන් නම අල්ලාගෙන  මේ විකාරකාරයන් නටන අයුරු දු‍ටු මගේ සිතට කරුණු දෙකක් මතක් විය. එකක්  ඒබ්‍රහම් ලින්කන් ද වැම්පයර් හන්ටර් චිත්‍රපටයයි. අනික මහාවංශයේ අතිශයෝක්තියෙන් උත්කර්ෂයට නංවන ලද මහසෙන් නම ඇති කුඩු කාරයන් , බඩු කාරයන් ,හොරුන් කී දෙනෙක් අද සමාජයේ සිටියිද යන්නයි. 

Wednesday, May 29, 2013

ලින්කන් හා මහසෙන්




සුළි කුණා‍ටුවකට මහසෙන් යන නම යෙදීම ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජාතියෙන් සමාව ඉල්ලීම නිසා ඊට එරෙහිව පැවත්වීමට තිබූ මහා  උද්ඝෝෂණ ව්‍යාපාරය නවතා දමන බව උතුම් වූ ශ්‍රීලංකාණ්ඩුවටත් ශ්‍රී ලංකා වාසි ජහමනයා මහජනයාටත් ජාති ආලයෙන් ( 83 මාදිලිය) යුක්තව මෙයින් දැනුම් දෙමු.

මීට.

ගරු සභාපති

ර.වා.ජ. දු.ව.ක.ර.පො.නො.(කා.පො.ප.යො) පා.ශ්‍රි.උ. සි.බෞ.වි. ( දෙ. නො) ද.දෙ.වැ.සි. කෘ.විසං.

(රජරට වාරි ජලයෙන් දුම්කොල වගා කරන රසායනික පොහොර නොයොදන( කාබනික පොහොර පමණක් යොදන) පාරම්පරික ශ්‍රී ලංකා කාර උඩරට සිංහල බෞද්ධ විවාහක ( දෙවරකට නො වැඩි ) දරු දෙදෙනෙකුට වැඩියෙන් සිටින දේශප්‍රේමි කෘෂිකාර්මිකයන්ගේ විශ්‍රාමික සංගමය)

සටහන- මහසෙන් නම අල්ලාගෙන  මේ විකාරකාරයන් නටන අයුරු දු‍ටු මගේ සිතට කරුණු දෙකක් මතක් විය. එකක්  ඒබ්‍රහම් ලින්කන් ද වැම්පයර් හන්ටර් චිත්‍රපටයයි. අනික මහාවංශයේ අතිශයෝක්තියෙන් උත්කර්ෂයට නංවන ලද මහසෙන් නම ඇති කුඩු කාරයන් , බඩු කාරයන් ,හොරුන් කී දෙනෙක් අද සමාජයේ සිටියිද යන්නයි. 

Monday, May 27, 2013

ජාතික විමුක්ති අරගලය

 

ගවයෙක් ගිනිතබාගෙන මියගිය හන්දා
ගව ඝාතනය නතර කල යුතු බව 
වීරවංශ ගව ගරු මැතිඳා කියා තිබේ
ජාති ආලේ ආයෙත් ඔය මතුවෙන්නේ


ගව ඝාතනය ඔය විදියට කෙරුනෝතින්
ජනිපෙ චන්ද ටික ඔක්කොම නැති වේවී
වලිගෙයි අං දෙකයි විතරක් අඩු මේ උතුමා
තම ජීවිතේ ගැනත් හිතුවාවත්දෝ

රංචාගොඩ ළමයා

Sunday, May 26, 2013

ජාතිය වෙනුවෙන් දිවි පිදීම


නාලාගිරි ඇතුට රා දී එව්වා සේම
බුදු හිමි වනසන්ට දෙව්දත්ලා
මී හරකෙකුට වෛරයේ රා පොවලා
එවලා තිබේ වරිගය බේරා ගන්ට

පැට්‍රල් දමා  සිරුරට ඒ වහන්සෙගේ
ගිනි තිබ්බේ සුවර්නවාහිනියයි
ක‍ටු ටික සුප්පලා මස් ටික කන්ට
සෝමක්කේ යවනු මැන ඔබේ බලු කපු‍ටු පැටව්

-රංචාගොඩ ලමයා-
photo-http://right-tourism.com

Saturday, May 25, 2013

වීරවංශ මැතිඳුන්ට නිවන් සුව ලැබේවා


ඡායාරූපය - ඒ මහතුන්ගේම සී නිව්ස් අඩවියෙනි.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභික වූත් ,හිටපු ප්‍රචාරක ලේකම් හා පාර්ලිමේන්තු කණ්ඩායම් නායක වූත්  , ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ,  හිටපු කොමියුනිස්ට්වාදි, සමාජවාදි ,මාක්ස්වාදි මහතා අභා. සමාවෙන්න, ඒ මහතා තමන්ගේ පරම්පරාවෙන් ලැබුණ අලියෙක් කඩුවෙල විහාරස්ථානයකට පූජා කර ඇති බව සියලු සැදැවතුන් මෙයින් දැන ගනිත්වා.  

පාද දම්වැලින් බැඳ දමා සිටින  අලියා තමන් මෙවන් වූ පිංකමකට සහභාගි කරගැනීම ගැන ඉමහත් චිත්ත ප්‍රීතියෙන් යුතුව සිටින බවත්, මේ වෙසක් සමයේ මෙවන් පිං කමක් කිරීමට ලැබීම ගැන වීරවංශ ඇමතිතුමා ඊටත් වඩා ප්‍රීතියෙන් යුක්තව සිටින බවත්, අද වැනි දිනක බුදුන් සිටියානම් මේ පිංකම ගැන උන්වහන්සේ පවා සතු‍ටු වනු ඇතැයි වීරවංශ ඇමති තුමාගේ ගරු උපදේශක වසන්ත බණ්ඩාර මැටි මැති තුමා පවසා තිබේ.

මේ අලියා පූජාකිරීමේ උතුම් වූ පිං බලෙන් ඒ සියලු මහතුනට මෙලොව සියලු සැප සම්පත් විඳ අවසනඋතුම් වූ නිර්වාණ සුවය  ලැබේවායි සියලු දෙන ප්‍රාර්ථනා කළ යුතු.

සටහන- ඊයේ පෙරේදා දවසක ලංකා වීව් නම් වෙබ් අඩවියේ පලවු පුවතක් පහත දක්වන්නේ හුදෙක් නිකමට බව සියලු පිංවතුන් දත යුතුයි.

පින්නවල අලි අනාථාගාරයේ තවත් අලියකු පෙරේදා (22දා) කඩුවෙල ප්‍රදේශයේ විහාරස්ථානයකින් පැමිණි පිරිසක් විසින් රැගෙන ගොස් ඇත.අලි අනාථාගාරයට කැලයේ අතරමංව සිටියදී ගෙන එනු ලැබූ මෙම අලියා කුඩා කාලයේදී 'වීරා' නමින් හඳුන්වනු ලැබිණි. පසුව පනාගොඩ යුද හමුදා මූලස්ථානයට ගෙන යනු ලැබූ මෙම අලියා 'කණ්ඩුල-2' වශයෙන් නම් කර ඇත.  
යුද හමුදා ආචාර පෙළපාළි සඳහා යොදාගත් මෙම අලියා නැවැත පින්නවල අලි අනාථාගාරයට පසුගිය කාලයේදී භාරදෙනු ලැබීය.මෙම අලියාට ජලය ලබාදීමට ගිය පළපුරුදු ඇත්ගොව්වකු වූ මංගල ශාන්ත යන අයට පසුගිය දිනෙක මෙම අලියා විසින් පහරදෙනු ලැබීමෙන් අනතුරුව එම ඇත්ගොව්වා දැනට පේරාදෙණිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
මෙම අලියා රැගෙන යෑමට පැමිණි කණ්ඩායමඅලියා රැගෙන යන අයුරු ඡායාරූප ගතකළ මාධ්‍යවේදීන්ට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් තර්ජනය කර තිබේ.  
අලි අනාථාගාරයේ අලි ගහණය වර්ධනය කිරීම සඳහා ප්‍රජනනයේ යොදාගත හැකි මෙවැනි අලි ඇතුන් මෙලෙස විවිධ ආයතනවලට විශාල වශයෙන් ලබාදීමෙන් අලි අනාථාගාරයට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන්ට නැරැඹීමට ඉතිරි වනුයේ වයස්ගත අලින් කීපදෙනකු පමණක් බවද එම සේවකයෝ පවසති.

Friday, May 24, 2013

වර්ජනය අසාර්ථක වීමේ හේතුව දිවයින කතුතුමා හොයාගනී.




පසු ගිය දා පැවති සංකේත වර්ජනය අසාර්ථක වීමේ හේතුව දිවයින  පත්තර කාර මහත්තුරුන් හොයාගෙන තිබේ. පහතින් දැක්වෙන්නේ ඊයේ දිවයින කතුවැකියේ ඒ ගැන තිබූ ආකාරයයි.

ඉහත සඳහන් කළ සහ නොකළ සියලු දුක්‌ගැහැට, නොපනත්කම් මධ්‍යයේද ජනතාව රජය සමඟ සිටින්නේ මන්ද යන්න රජයට වැටහෙන්නේ නැති බව සත්‍යයකි. තම සුවිශේෂී නායකයාගේ ආලෝකයෙන් බබළමින්ද, වාචාල කතා කියමින්ද හතර අතේ පිස්‌සු කෙළින ඇතැම් අමාත්‍යවරුන්ට අනුව මේ වූ කලී සදාකාලික රජයකි. .......

එහෙත් මේ එකකුවත් සැලකිල්ලට නොගන්නා යථාර්ථය ඒ එකදු විකාරයක්‌වත් නොවේ.

ත්‍රස්‌තවාදීන්ගේ නිජබිමක්‌ බවට පත්වන්නට තිබූ රටක්‌, අධිරාජ්‍යවාදීන්ගේ කෙළි බිමක්‌ බවට පත්වන්නට තිබූ රටක්‌, ඒ බිහිසුණු ඉරණමෙන් මුදා ගැනීමේ පුණ්‍යකර්මය හිමිකරගත් නායකයකු වටා තවමත් පෙළගැසීමේ යථාර්ථයම වෙයි.

ඒ නායකයා මේ රටේ අඛණ්‌ඩ උරුමයේත්, සාරයේත් වටිනාකම අවබෝධකොට ගෙන ඒ අනුව කටයුතු කරන්නකු වීම ඊට අනුබද්ධ යථාර්ථයම වෙයි.

එහෙත්, උද්ධච්ච මදාවියන්, ලුම්පන්වරුන් තම රාජ්‍ය යාන්ත්‍රණයේ දැති රෝද වශයෙන් යොදා ගැනීම සේම, අදක්‍ෂ ලෙසද, කුමන්ත්‍රණකාරී ලෙසද රාජ්‍ය කළමනාකරණයේ යෙදෙන්නන් තම මෙහෙයුම් මණ්‌ඩල තුළ තබා ගැනීමද ඔහු විසින් නොකළ යුත්තක්‌ වේ.

මේ මහත්තුරු අපිට කියන විදියට  " රාජපක්ෂලා නම් සුපිරිසිදුයැ. පිංවත්යැ. මනරම්යැ. සිල්වත්යැ. ජනතා හිතවාදියැ.ලුම්පන් ද නැතියැ.

සියලු අසත්පුරුෂ, දුර්ජන , ජනතා ද්‍රෝහී ,කඩප්පුලි වැඩ කරන්නේ ඇමතිවරුන්යැ.ඉදින් මේ අදක්ෂ,වාචාල පිස්සු කෙලින  ඇමතිලා නැත්නම් මේ රට මෙලහකටත්  සුරපුරක්ය. ( වෙල්ගම ඇමතිතුමාත් ඔය කියන ඇමති සැට් එකේ සාමාජිකයෙකුදැයි අපි නොදනිමු)

මේ කතාවෙන් මෙරට හුදී ජනයා වන අප තේරුම් ගත යුත්තේ විදුලි බිල වැඩිවන්නේ විදුලි බල ඇමති ( හෝ ඇමතිනිගේ)  වරද නිසාය. උසස් අධ්‍යාපනයට වෙන් කල මුදල් කපා දමන්නේ ඇස්.බී ඇමතිය. සෞඛ්‍යට වෙන් කල ප්‍රතිපාදන කපා දමා සෞඛ්‍ය ක්ෂේත්‍රය අර්බුධයට යවන්නේ මෛත්‍රීපාල උන්නැහේය.නැව් නො එන වරායවල් , කුරුල්ලන් පමණක් ගොඩබාන ගුවන්තොට හැදීමට කෝටි ගනන් මුදල් වියදම් කරන්නේ ඇමතිවරුන්ගේ තනි කැමත්තටය.කෙටියෙන්ම කිව්වොත් මේ අදක්ෂ , වාචාල ඇමතිලා තනතුරුවලට පත් කර ගෙන ඇත්තේ තම තමන්මය.

මේ කිසි දේකට ආලෝකයෙන් බබලන නායකතුමා සම්බන්ධ නැත.එතුමා දන්නවා නම් කරන්ට දෙන්නේත් නැත.එතුමාගේ හැටි එහෙමය.

දිවයින කත්තුරු තුමා කියන විදියට මිනිස්සු වර්ජනය නොකලේ ඒ නිසාය.

සටහන-බෝතල් පත්තර කාරයින්ගෙන් මීට වඩා කුමක් බලාපොරොත්තු වෙන්නද?







Thursday, May 23, 2013

වර්ජනේ අසාර්ථකයි(ලු)


අනේ සුසානෝ මම කොලඹ යනකොට
කුණු ගඳ ගහන මල මිනියක් නැගිට
මයික් ගොඩක් ලඟ ඉඳගෙන ටෝක් දෙසයි
අසාර්ථකලු ඊයේ කොරපු වර්ජනේ

මොකාදැයි කියලා  හොඳ හැටි බලන කොට
ඇස් නැති අමරසිංහ හිටපු විප්පල නායකයා
දෑත් ශක්තිමත් කොරනට දුව ආපු
ගඳ ගස්සනවා අයියෝ සිරි ලංකාව

-රංචාගොඩ ළමයා-



Tuesday, May 21, 2013

වර්ජන හා තර්ජන හා ගර්ජන



දැනට පෙනෙන්නට ඇති හැටියටනම් සහභාගිත්වය අතින් අද දින වර්ජනය එතරම් සාර්ථක නැත. එහෙත් අනික් අතට  ඊයේ සවස් වන විටම වැඩ වර්ජනය සම්පූර්ණයෙන්ම සාර්ථකය.

ඒ ඔවුන් කොතරම් දුබලදැයි මේ ආණ්ඩුවේම බලවතුන් සිය දහස්වතාවක් කියා ඇති විපක්ෂය විසින් කඩිමුඩියේ , කිසිම සැලස්මක්, සංවාදයක්, සාකච්ඡාවක්, නැතිව තම තමන් හිතු මනාපයේ සංවිධානය කල මේ වර්ජනය හමුවේ ආණ්ඩුව හා එහි ලොක්කන් බක්කන් බිය වී ඇති තරම නිසාය.

ආණ්ඩුව ,මේ වර්ජනය කඩාකප්පල් කිරීම සඳහා මහා පරිමාණ යුද්ධයක් දියත් කලේය. මහා පරිමාණ මඩ ව්‍යාපාර දියත් කලේය.

ඒ අතර නොයෙකුත් චක්‍රලේඛ නිකුත් කරමින් අද දින සේවකයින් වැඩට ගෙන්වා ගැනීමට උත්සාහ කලේය. වෙනකක් තබා ඊයේ දිනට ගෙවීමට තිබූ ගුරු වැ‍ටුප් ගෙවීමත් අදට කල් දැම්මේ , අප්‍රේල් මස මුලදී වැ‍ටුප් ලබා ගැනීමෙන් පසු අතේ ශතේ නැතිව සිටින ගුරුවරුන් අද වැ‍ටුප් ලබා ගැනීම සඳහා පාසලට ගෙන්වා ගැනීමටය.

එම ක්‍රියාවල ප්‍රතිපල කුමක් වේදැයි අපිට දැන්ම කියන්නට නොහැකිය. එහෙත් ආණ්ඩුව බය විය. ආණ්ඩුවේ මැති ඇමති වරු වැඩි දෙනෙක් මේ ගැන වචනයක්වත්  නොකියා සිටින්නට වග බලා ගත් අතර හැම දේටම බුරා පනින වීරවංශ හා නඩය පවා අසාමාන්‍ය ලෙස නිශ්ශබ්දය. ඔව්හු ලොවෙත්  නැති උතුරේ චන්දයක් හා අසාර්ථක ලෙස හැපෙමින් සිටිති.

තමන්ට සුපුරුදු අධිතක්සේරුවෙන් යුතුව , කිසිම සැලස්මක් හා වෙනත් කණ්ඩායම් හා මහජනයා සමග නිසි සංවාදයකින් තොරව ජවිපෙ විසින් මෙම වර්ජනය කැඳවූ ආකාරය වෙනම කථා කල යුතුය. මේ එයට වෙලාව නොවේ.



Monday, May 20, 2013

උසි උසි

Photo - http://2.bp.blogspot.com


බල්ලන් දෙදෙනෙක් කා ගන්නා විට අපි එක්කෝ උන් දෙන්නාටම පහරක් දෙකක් දී දෙපැත්තට ඇද දමමු . එසේත් නැත්නම් උසි උසි කියා උන් දෙදෙනා තව තවත් අවුස්සමු.

මේ දිනවල ලංකාවේ සිටින එක අත්තේ පොල් බඳු ජාතිවාදින් දෙදෙනෙක් වන ගලබොඩ අත්තේ ඥාණසාර හා විමල් වීරවංශ දෙදෙනා එකිනෙකාට  විරුද්ධව මඩ , ගල් ,මුල් ප්‍රහාර එල්ල කර ගනිමින් සිටිති. මෙයින් එකෙක් ලංකාවේ වෙසෙන මුස්ලිම් ජනයාට එරෙහිව වර්ගවාදය පතුරවන්නෙක් වන අතර අනිකා දෙමල ජනයාට එරෙහිව යුද වැදී සිටියි. මේ දෙදෙනාම කටයුතු කරන්නේ තම ස්වාමියාගේ උපදෙස් පරිදිය.දෙදෙනාටම අවශ්‍ය මේ දූෂිත රෙජිමයට එරෙහිව නැග එන විරෝධය වෙනතකට හැරවීමය. එය උන් ඉතාමත් හොඳින් කරමින් සිටිති.

දැන් මේ දෙදෙන  එකිනෙකා කාගනිමින් සිටිති. ඒ ද ස්වාමින්ගේ අණ පරිදි බවට නිසැකය. 

අපි කියන්නේ මෙපමණකි.

උසි උසි