Saturday, October 20, 2012

බියොන්ඩ්ෆ්‍රේම්ගේ හා අපේ මියන්මාර් ගමන


2010 ජනාධිපතිවරණයට පසු , එවකට සිටි ප්‍රකට බ්ලොග් කරුවෙකු වන බියොන්ඩ් ෆ්‍රේම් තමන් මියන්මාරය කරා නැව් නගින බව උපහාසයෙන් යුතුව කියා සිටියේය
.
ඔහු ව්‍යංගයෙන් කිව්වේ හමුදා පාලනයක් පවතින මියන්මාරය ලංකාවට වඩා හොඳ බවයි.

ඔහු  එසේ කියද්දී පෙරමුණේ රාල වැනි රාජපක්ෂික අන්තේවාසික බ්ලොග් කරුවන් බියොන්ඩ් ෆ්‍රේම්ව පට්ට ගැසුවේ ඔහුගේ ව්‍යංගය පවා වටහා ගත නොහැකිවය.

යම්තම වසර  තුනක් ගත වී තිබේ . ආශ්චර්යමත් ලංකාවේ ජනී ජනයා දැන් මියන්මාරය බලා නැව් නැගීමට පටන් ගෙන තිබේ.

මුලින්ම වැඩේ පටන් ගෙන ඇත්තේ ලංකාවේ වාහන ආනයන කරුවන්ය. වාහන වලට පනවා ඇති අධික බදු නිසා තම වෙලඳාම කඩා වැටී ඇති නිසා නව වෙලඳපොලවල් සොයා යාමට මෙසේ වෙලෙන්දෝ පෙලඹ සිටිති.

තමන්ගේ නාස්තිකාර වියදම් සඳහා මුදල් සොයා ගැනීම සඳහා වත්මන් පාලක රෙජිමය වාහන වලට පමණක් නොව  කුඩා දරුවාගේ කිරිපිටිපැකට්‍ටුවේ සිට අත්‍යවශ්‍ය ආහාර දක්වා වන සෑම දෙයකටම  පොදු ජනයාට දරා ගත නොහැකි අහස උසට බදු ගසමින් සිටියි.

එසේ බදු අය කර සොයා ගන්නා මුදලින් ජාතියේ ලොකු හා පොඩි පුතුන් හින්දි නිලියන් ගෙන්වමින් හා මාර්ග වසමින්  පිස්සු කෙලිද්දී  රටේ පොදු ජනයාට වේලක් ඇර වේලක්වත් කෑමට නම් මියන්මාරයට හෝ අඩු තරමෙන් මාල දිවයිනටවත් නැව් නැගීමට නම් නොදුරේ දී සිදු වනු නො අනුමානය.

13 comments:

  1. සාමාන්‍ය ජනතාවට මොන මගුල උනත් පන්සලේ පින්කෑටය පිරෙනකන් රාලලාට ආතල්.

    ReplyDelete
  2. අපිට මාලදිවයිනටවත් නැව් නගින්න බැරි වෙයි.. ඒකටත් මාසෙක පඩියක් විතර යනවනෙ.

    ReplyDelete
  3. ඕවා කියල වැඩක් නැහැ යාලුවා හෙට මැතිවරණයක් පැවැත්තුවත් ආණ්ඩුව මහා බහුතරකින් දිනනවා.ඒ වුනාට හැම එකාම ආණ්ඩුවට බනිනවා.එත් ඒ විරෝදය චන්ද බවට පත් නොවීම ගැටලුවක්.එක අතකට පුදුම වෙන්න දෙයකුත් නැහැ අපේ පුදුමාකාර විපක්ෂයේ වැඩ කටයුතු වල හැටියට.

    ReplyDelete
  4. පළමුවෙන්ම දැන් පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුය.විධායක ජනාධිපති දූරය අහෝසි වී එතැනට පාර්ලිමේන්තුවට,අධිකරණයට සහ මහජනතාවට වගකියන පාලක තනතුරක් ඇතිවිය යුතුය.ස්වාදීන කොමිෂන් සභා ඇතිවිය යුතුය.නිශ්චිත ඇමති තනතුරු ගණනක් මෙන්ම පක්ෂ මාරු කිරීමට අපහසු වන ලෙස අන පනත් ගෙන යුතුය.පාලකයා නොව ක්‍රමය වෙනස් විය යුතුය.

    ReplyDelete
    Replies
    1. මේවා ඉබේ වෙන්නේ නැහැනේ. අපි අපිම කර ගන්න ඕනෑ දේවල් නේද?

      Delete
  5. බියෝන්ඩ් ෆ්‍රේම්..... අමතක නොවන බ්ලොගයක්. දැනුත් ඔය කොහේ හරි ඉඳං බැල්ම දාං ඇති :)
    හැබැයි රාල නං දැං ටිකක් විතර පරිණතයි වගේ. වැඩියෙ ආණ්ඩුව සුද්ද කරල ඉල්ලං නාන්ඩ යන්නෑ. ඔය මුස්ලිම් මිනිස්සුන්ට මොනවහරි කියාගෙන වේල ගැටගහගන්නවා. හොඳ මනුස්සයා (මොකුත් නොලියන වෙලාවට).

    ReplyDelete
    Replies
    1. ඔය ලියන දේවල හැටියට නම් නොලියන වේලාවටවත් හොඳ වෙන්න බැහැ,

      Delete
  6. අනේ මන්ද ..

    ReplyDelete
  7. දැන් ඉතින් අබ සරණ උදාවෙලා තියෙන්නේ.. තව ගන්න තැනක් නැතුව ළිඳෙනුත් ගන්න යන්නේ.. කාළකන්නින් ආර්ථිකය පාළණය කරන්න දැම්මම ඔහොම තමයි. උසාවියෙන් ගෙදර යවපු එකා ගෙනත් ආයෙත් දාගත්තනේ.. බටහිර කුමන්ත්‍රණ කාරයෝ කියලා අහිංසක මිනිස්සු මරාගෙන කන්න යනවා.. ළෝක බැංකුවේ දේශීය නියෝජිතයා ඔඩෝක්කුවේ දාගෙන නලවනවා.. දැන් නම් රි එකෙන් යන ගානට ඇවිත් තියෙන්නේ...

    ReplyDelete
  8. බය වෙන්න එපා මාතලන් , ලිඳටත් එහා තැන් වලටත් බදු ගහයි.

    ReplyDelete
  9. එදා 2010 පැරදුණා නම් අද 2012 මරා තමයි Aung San Suu Kyi

    ReplyDelete