Monday, October 1, 2012

බර්ටිගේ පොලිටික්ස් ඉවරද?

හුඟ දෙනෙක් හිතන්නේ එහෙමය.
ඒත් මුලු රාජාණ්ඩුවේම සපෝර්ට් එකෙන් රංජි මල්ලියා චන්ද එක් ලක්ෂ පන්දාහක් ගනිද්දී ,හුදකලාව, තමන් හිසට තම අතමය සෙවනැල්ල කියමින් , ස්ව ශක්තියෙන් චන්ද අනුපන්දාහක් ගත් බර්ටිට මහ ඇමතිකම නොදී ඉන්න පුලුවන්ද?
මේ පලාත් සභා චන්දේ ලොක්කට වැඩක් නැත. එයාට ඕනෑ ඉස්සරහට එන ජනාධිපති චන්දේට බේස් එක හදා ගන්නටය. එහෙම තියෙද්දි මහ ඇමති කම රංජි මල්ලිට දී අවුල් හදා ගන්නට ලොක්කා කැමති වෙන එකක් නැත.
ඒ නිසා කවුරු මොනවා කිව්වත් නැවත මහ ඇමති බර්ටිම වෙන්ට ඉඩ තිබේ.
බැරි වෙලාවත් දුන්නේ නැත්නම් ............................. මොනව වෙයිද?
මොනවා වෙන්ටද?
ඒත් මොකුත් වෙන්නේ නැත.
ලංකාවේ පොලිටික්ස් එහෙමය.


1 comment:

  1. උතුරුමැද පළාත් සභාවේ නව සභානායක තෝරා ගැනීමේ රහස් ජන්දයෙන් ආණ්ඩු පක්‍ෂය ඉදිරිපත් කල යෝජනාව පරාජයට පත්ව තිබේ.

    ReplyDelete