Wednesday, March 13, 2013

හලාල් සහ බකමූණන්



දැන් හලාල් සහතිකය ඉවත් කර ගෙන තිබේ, එහෙත් හලාල් වලට විරුද්ධව සටන් කල  බොරු බල සේනාංකයත්, ආණ්ඩුවෙන්  කැපී නන්නාත්තාර වී එල්ලෙන්ට වැලේ වැල් නැතිව සිටින අතරේ හලාල් සහතිකේ එල්ලුනු  චම්පකගේ හෙල උරුමෙත් ඒ තරම් ලේසියෙන් හලාල් අතාරින්නට කැමති නැති පාටය.

ඇත්තටම මුන්ට හලාල් තිබුනත් එකය, නොතිබුනත් එකය. ඕනෑ වුනේ බඩු මිල ඉහල ගොස්, පඩි වැඩි නොවී, ආදායම වැඩි නොවී,  ජීවත් වන්ට අමාරු වෙනකොට කුලප්පු වෙන ජනතාවගේ අවධානය රඳවා ගන්ට යමක්ය.

නමුත් උලමා සංවිධානය මොකක්දෝ හේතුවකට , ගලබොඩ අත්තෙලා හා චම්පකලා  නොසිතු ඉක්මනින්  හලාල් සහතිකය අයින් කරගන්නට තීරණය කිරීම නිසා මඤ්ඤං වී ගිය දේශප්‍රේමින්  දැන් අලුත් බයිලාවක් ගසයි.

ඔවුන් දැන් කියන්නේ හලාල් සංකල්පයම අයින් කරගත යුතු බවයි.

එනම් මුස්ලිමුන් තමන්ගේ ආගමික සංකල්ප අත හැර දැමිය යුතු බවයි.ඔවුන් ජීවත් විය යුත්තේ බී.බී. ඇස් එකේ කට්ටිය හෙවත් ලංකාවේ නොනිල පොලිසිය කියන පරිදිය.

ඔවුන්ට අවශ්‍ය මේ ඝෝෂාව තව කලක් රඳවා ගෙන ඉන්නටය.

ගලබොඩ අත්තේ භික්ෂුව මේ තර්ජනය කලේ මුස්ලිම් පූජකයින්ටත් ඉතා පහත් ලෙස අපහාස කරමිනි. එනම් උලමලා බකමූනන් කරන  බව කියමිනි.එපමණක් නොව මේ භික්ෂුව එම අවස්ථාවට පැමිණ සිටි නායක භික්ෂුන්ටද ඉතාමත් පහත් ලෙස අපහාස කලේය.

මිනිසුන්ගේ ආගම් යනු ඉතා සංවේදී කරුනකි. එය කුඩා ගිනි පුපුරකින් ඇවිලී යා හැකි වෙඩි බේත් කන්දක් බඳුය. වෙනත් ආගමිකයන්ට මෙසේ අපහාස හා තර්ජනය කිරීමෙන් මෙම  භික්ෂුව බලාපොරොත්තු වන්නේ කුමක්ද ? එම වෙඩි බේත් කන්දට ගිනි තැබීමටද?

නැවත වතාවක් මේ රට යුද පිටියක් කිරීමටද?

මම උපතින් සිංහල බෞද්ධයෙක් වුවද දැන්  කිසිම ආගමක් අදහන්නෙක් නොවෙමි. ඒ ආගම් වලින් මිනිසුන්ට යහපතකට වඩා අයහපතක් වන බව ඉතිහාසය පෙන්වා දෙන නිසාය.ගලබොඩලාගේ හැසිරීම ඒ අදහස නැවත වතාවක් මගේ අදහස ස්ථීර කරයි.

එහෙත් මුස්ලිමුන්ගේ හෝ බෞද්ධයින්ගේ හෝ වේවා ආගමික සංකල්ප වෙනුවෙන් මා මිල දී ගන්නා භාණ්ඩ වලට වැඩි මිලක් ගෙවන්නට වන්නේ නම් එය සලකා බැලිය යුතු කරුනකි. මෙය හලාල් වලට එරෙහිව  හඬ නැගු බී.බී.ඇස් ලා හා හෙල උරුම නඩය නැගූ එක් ප්‍රධාන තර්කයකි.

 දැන් හලාල් සහතිකය ඉවත් කරගෙන ඇති නිසා එම බඩු මිල අඩු විය යුතු යැයි මෙම එක ජාති මාමකයෙක්වත් කියන්නේ නැත.එමනිසා හලාල් තිබීම හෝ නොතිබීම මට අදාල නැත.

මා භාණ්ඩයක් මිලට ගැනීමේදී සලකන්නේ එහි අවශ්‍යතාව, තත්වය හා මිල පමණි. එය මට විකුණන තැනත්තාගේ ජාතකයෙන් මට පලක් නැත.

එම නිසා කවුරුන් හෝ මා භාණ්ඩ මිල දී ගත යුතු තැන් පිලිබඳව බල කිරීමට පැමිණියොත් බකමූනන් වන්නේ ඔවුන්ය.







18 comments:

  1. ow api thopi wage ponnayo neweyi. me Sinhala rata api hamadaama rakinawaa. hama parayama ekka nidi wadina thopi wage awajaathakayanwa wanasanawaa. balaa hitapiyawu issarahata wena de.

    ReplyDelete
    Replies
    1. මහා කළු සිංහලයා ඩාලින්, සිංහලෙන් කොමෙන්ට් එකක් කොටාගන්න මුලින් ඉගන ගත්තොත් ඔයා කියන විලම්භීත අඩුම ගානේ කියව ගන්නවත් පුළුවන් වෙයි. මොනවාද බන් අර උඩ ලියල තියෙන්නේ?

      Delete
  2. Nedakin kalakanniya thopi hitanne thopi gana pamanai poddak hitapan anith rata walata wela tyna de gana apita kyala tyna rata nathi karanne thaman ganama hitana thopi wage awajathaka ballo nisa thama issarath topi wage kalakanni hitapu nisa thama rata pawa dunne bt aye ehema wenna ida tyan neh nedakin kalakanniya

    ReplyDelete
    Replies
    1. මහා කළු සිංහලයා ඩාලින්, සිංහලෙන් කොමෙන්ට් එකක් කොටාගන්න මුලින් ඉගන ගත්තොත් ඔයා කියන විලම්භීත අඩුම ගානේ කියව ගන්නවත් පුළුවන් වෙයි. මොනවාද බන් අර උඩ ලියල තියෙන්නේ?

      Delete
  3. හලාල් ඉවත් කරන බව පැවසීම මුළුමනින් ජනතාව සහ ස්‌වාමීන් වහන්සේලා නොමග යෑවීමක්‌ බව ජාතික හෙළ උරුමයේ ලේකම් තාක්‍ෂණ පර්යේෂණ හා පරමාණුක බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

    හෙතෙම එසේ පැවසුවේ ඊයේ (12 වැනිදා) ජාතික හෙළ උරුම කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

    හලාල් ලාංඡනය නිෂ්පාදිත භාණ්‌ඩවලින් ඉවත් කිරීමෙන් උලමා සංවිධානය ඉතා සූක්‍ෂම ලෙස සිදු කරන්නේ උත්සව සමයේදී භාණ්‌ඩ අලෙවි කර ගැනීම මිස භාණ්‌ඩ හලාල් කිරීම නවතා දැමීම නොවන බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

    හලාල් ලාංඡනය යෙදීම හලාල් ක්‍රියාදාමයේ අවසාන අදියර පමණක්‌ බවත් ලාංඡනය ඉවත් කිරීමෙන් හලාල් ක්‍රියාදාමය නොනවතින බවත් ඇමැතිවරයා කීවේය.

    භාණ්‌ඩ නිෂ්පාදනයේදී, ඇසුරුම්වලදී, ප්‍රවාහනයේදී හලාල් ප්‍රමිති රාමුව උලමා සංවිධානය විසින් නිෂ්පාදන ආයතනවල ක්‍රියාත්මක කිරීම හලාල් ලාංඡනය ඉවත් කිරීමට සමගාමීව නවතා දමන බවට තහවුරු කර නැති බැවින් තවදුරටත් හලාල් භාණ්‌ඩ වර්ජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇමැතිවරයා සඳහන් කළේය.

    මෙම අවස්‌ථාවට අතුරළියේ රතන හිමි, රන්පත්විල විමලරතන හිමි, පස්‌සරමුල්ලේ දයාවංශ හිමි, නරේන්ද්‍ර ගුණතිලක මහතා ඇතුළු පිරිසක්‌ සහභාගි වූහ.

    ReplyDelete
  4. "මම උපතින් සිංහල බෞද්ධයෙක් වුවද දැන් කිසිම ආගමක් අදහන්නෙක් නොවෙමි. ඒ ආගම් වලින් මිනිසුන්ට යහපතකට වඩා අයහපතක් වන බව ඉතිහාසය පෙන්වා දෙන නිසාය." uba kohomath jathiyak janmayak nathi ekek kiyala ubama piliaragena thiyanawane .......eka nisa ube jathake gana apeta amuthuwen hithanna deyak na awajathakayek kiyala

    ReplyDelete
  5. to all anos

    thank you, thank you for your wishes and kind words

    ReplyDelete
    Replies
    1. මමනම් හිතන්නේ එකම රෝගියා කොමෙන්ට් තුනක් දාල කියල. මොනවා වෙතත් කලාමැදිරියගේ සායනික සේවාව අගේ කරනවා. මේ විදියට හරි ආවේග පිට කරන්න අවස්ථාවක් දුන්නැත්නම් අර හාදය ජාතිආලේ නිසා පුපුරලා මැරෙන්න ඉඩ තියනවා.

      Delete
  6. මාත් බලාපොරොත්තු වුනා "සිංහල බෞද්ධ" කට්ටියට ආවේණික කුනුහරප වලින් කලාමැදිරියාට ඇති වෙන්න කමෙන්ට් වැටෙයි කියල. මෙවුන්ට කිසිම දෙයක් ගැන තර්කානුකූලව කියන්න බැහැ. දන්න එකම දේ කුනුහරප.
    මොකද වෙන්නෙ කියල බලාගෙන හිටපිය කියල උන් කියන්නෙ ඇත්ත. අපට බලාගෙන ඉඳලා අනේ අපොයි කියල කියන්න තමයි වෙන්නෙ කවද හරි. මුන්ට කියන දෙයක් තේරුම් ගන්න මොලයක් නැති කොට, අර කපටි මුදලාලිලාට කඩේ යනව ඇරෙන්න වෙන මොනව කරන්නද?

    ReplyDelete
  7. //නමුත් උලමා සංවිධානය මොකක්දෝ හේතුවකට , ගලබොඩ අත්තෙලා හා චම්පකලා නොසිතු ඉක්මනින් හලාල් සහතිකය අයින් කරගන්නට තීරණය කිරීම නිසා මඤ්ඤං වී ගිය දේශප්‍රේමින් දැන් අලුත් බයිලාවක් ගසයි//
    කලාමැදිරියා හරියට හරි. හෙළ උරුමයත් ‍බොබසේ ගනින්නාන්සේලාත් මෙච්චර නමයතාවයක් බලාපොරොත්තු උනේ නෑ. දැන් ඉවසාගන්න බැරුව හතර අතේ කියවනව.

    සිංහලයන් මුස්ලිම්වරු ලවා සත්වඝාතනය සිදුකරනකල් අපිට හලාල් වලින් මිදෙන්න බෑ. මෙන්න මගේ ලිපිය.(දැම්මට අමනාප වෙන එකක් නෑ)

    ReplyDelete
  8. mema blog satahana liya aththe amu kariyeki

    ReplyDelete
    Replies
    1. "සිංහල බෞද්ධ" කට්ටියට ආවේණික කුනුහරප

      Delete
    2. @AnonymousMarch 13, 2013 at 1:48 AM

      "amu kariyeki" කියන්නේ කවුද සුදා, ඔයගොල්ලන්ගේ පැත්තේ "වේලිච්ච" වර්ශන් එකේ අයත් ඉන්නවද?
      කරුණු දෙකක් තුනක් ගලපලා තර්කයක් ගොඩ නගාගෙන පොස්ටුවට අභියෝග කරන්න බැරි තරමටම ඔයයි ඔයාගේ සේනාවයි ඔච්චරම අමනද?

      Delete
  9. මට නම් ප්‍රශ්ණය තියෙන්නේ මුස්ලිම් මිනිස්සුන්ගේ හලාල් ගැන නෙමෙයි. දේශීය ව්‍යාපාරික ප්‍රජාව නම් පොන්නයන්ගේ හලාල් මේනියාව ගැනයි. මුනුයි අපියි දන්න අන්තර් ජාතික වෙළඳාම.

    ReplyDelete
    Replies
    1. නිකමට වගේ මම මේ මහාචාර්ය වරයාගෙන් අහන්නේ ඔයා දන්න ඒගොල්ලෝ නොදන්න අන්තර් ජාතික වෙළඳාම මොකද්ද කියල දැන ගන්න පුළුවන් වෙයිද?

      Delete
  10. අපි මුස්ලිම් අන්තවාදයටත්, දෙමළ කොටි ත්‍රස්තවාදයටත් වඩා පරිස්සම් වෙන්න ඕනි මේ කලාමැදිරියා වගේ අයගෙන්. මේ වගේ යල් පැනගිය සමාජවාදීන්ට අවශ්‍ය මොකක්ද කියල මෙතන හොඳට කියල තියෙනවා.

    අතිශය භයංකර හෙළිදරවු කිරීමක්

    ReplyDelete
  11. මම ඉන්නෙත් ඔබ ඉන්න මතහිමයි මචන්..කෝ බලමු දෙන බඩු මිල අඩුවෙන හැටි.. බොදු බලු සේනාවගේ රෙද්ද තමයි..දැන් නිදියගෙන හිටිය චම්පිකල රතන හිමිවරු කගහනවා..උන් මෙතනට ආවේත් සෝම හාමුදුරුවෝ මාර්කට් කරගෙන..දැන් උන්ට සෝම හමුදුරුවොන්ට උන දෙයක් මතකත් නැහැ..තුක් නොදකින්..

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් තොපේ අම්මා වේස කමේ ගිහින් තෝව ජාතක කලාට අහක ඉන්න වුන් මක් කරන්නද?

      Delete