Wednesday, May 1, 2013

චම්පිකට නෝබෙල් තෑග්ග?



ගරු චම්පික ඇමතිතුමාගේ විද්‍යා , තාක්ෂණ හා  පරමාණුක බලශක්ති අමාත්‍යාංශය අලුත්ම සොයා ගැනීමක් කර තිබේය. ඒකේ නම  සූර්යතාපයෙන් මාළු  විජලනය කිරීමේ  තාප කුටීරයය.

මේක හදන්නට ගිය වියදම රුපියල් එක්ලක්ෂ හැත්තෑදාහක්ය. 

ඊටත් වඩා වියදම් කර අණබෙර ගසා ෆොටෝ එහෙම අල්ලා සූර්යතාපයෙන් මාළු  විජලනය කිරීමේ  පලමුවැනි තාප කුටීරය   පසුගියදාක  මැති ඇමතිවරුන්ද පිරිවරාගෙන ආපු  ඇමත්තෙක් අතින් විවෘත වුනේය. ඒ අහලම  අකුරු කොටපු ගලකුත් හිටෙව්වේ මේ නව තාක්ෂණේ උරුමක්කාරයෝ කවුද කියලා අනාගත ප්‍රම්ප්‍රාවට කියලා දෙන්ටය.

සූර්යතාපයෙන් මාළු  විජලනය කිරීමේ  තාප කුටීරය හදා ඇත්තේ කොහොමදැයි  හොයා බැලූ විට දැන ගන්ට ලැබුනේ යකඩ දැල් තට්‍ටු කීපයකට ගසා ඒ වටේට කපුටන්ට එන්ට බැරි වෙන්ට තව දැලක් දමා තිබීමය.

කොටින් කිව්වොත් සූර්යතාපයෙන් මාළු  විජලනය කිරීමේ  තාප කුටීරය කිය  කියන්නේ අව්වෙන් කරවල වේලන තට්‍ටුවටය.

ලංකාවේ  විද්‍යා ,තාක්ෂණ හා  පරමාණුක බලශක්ති අමාත්‍යාංශයේ අලුත් සොයා ගැනීම මාලු අව්වේ දැම්මාම කරවල හැදෙන බවය.

මේ  හොයා ගැනීම නිසා සමහර විට චම්පික ඇමතිතුමාට නෝබෙල් තෑග්ගත් හම්බ වෙන්ට ඉඩ තිබේය.අපි එතුමාට සුභ පතමු.

සටහන- මේ ගැන එක් බ්ලොග් අඩවියක තිබූ සටහනට පහත කොමෙන්‍ටුව  දමා තිබුනේය.
"ආහාර කල්තබා ගැනීමේ නව ක්ර මයක්. දියුණුවේ මං සලකුණු."

නයි කයිද රෝස්පාන් කිව්වලු

(ඡායාරූපය ලංකා ඊනිව්ස් වෙතින්)


18 comments:

  1. බලාගෙන ගියාම අපේ රටෙත් වැඩ්ඩො ඉන්නවනෙ.

    ReplyDelete
  2. අමාවක මේ සටහන ගියේ මගේ බ්ලොග් එකේ.. මෙතැන දැලක් නොවේ ඉටි ආවරණයක් පවතින්නේ. ඒ වගේම ජලවාශ්ප අයින් කරන ක්‍රමවේදයකුත් සිදුවෙනවා..නිකම්ම අව්වේ වේලනවාට වඩා වැඩි දෙයක් සිදුවෙනවා.. ඒ වගේම ඔබ කියන්න යන දෙයත් නොවැටහෙනවා නොවේ.පිංතුරයේ පහළ හොඳින් බලන්න මා කියනා දේ වැටහේවි..

    ReplyDelete
    Replies
    1. නලින්, ආණ්ඩුවට පුක දෙනවට මාසෙකට කීයක් ගෙවනවද බන්?

      Delete
    2. මචන් අව්වේ වෙලනකොට ජල වශේපේ අහක්වෙන්නේ නැද්ද?

      Delete
    3. වහිනකොට පුක එලියෙ දාගෙන තල් අත්තක් උස්සන් වෙන්න ඉන්න වෙනකොට කොහොමද?

      Delete
    4. උබ ඉන්නේ වහින කාලෙට කරවල වේලන කේප්ප හරක් ඉන්න පැත්තකද? එතකොට අර ජලවශ්පේ පැකට් කරලද අහක් කරන්නේ?

      Delete
    5. ඔය විදිහට කඩේ ගිය එව්වො තමයි කරෝල කූරියො වෙලා කඩේ එල්ලිලා ඉදලා අපේ බඩට යන්නෙ... එතකන් ඉතින් කරවල ගද පතුර පතුර යනවා....

      Delete
    6. වහින කාලෙට විමලෙට කියලා කෙසෙල් කොළ අටවනයක් හදා ගනිල්ලා. එක මරු.

      Delete
    7. අධීක නිශ්පාදනය නිසා කරවල මිළ පහළට
      (පරමාණු ශක්තිය සොයා විදේශීය දූත පිරිසක් ලංකාවට සැපැත්වන වගයි)

      Delete
    8. උඹලා කාටවත් මේ වැඩේ වටිනාකම තේරෙන්නේ නැති හැටි අම්මපා.යකෝ කරවල ඔය විදියට වේලුවාම ඒකේ හොඳ ශක්තියක් ගබඩා වෙනවා. ඊට පස්සේ ඒ කරවල පරමාණු බෝම්බ විදියට පාවිච්චි කරන්න පුලුවන්.

      Delete
    9. ඇනෝ සොයුරණි කමෙන්ටු අද දුටුවෙමි. බොහොම ස්තුතියි..

      Delete
  3. මේක තනිකරම අපේ චම්පික රනවක ඇමතිතුමාට මඩගහන්න ලියපු ලිපියක් ඒක මම බය නැතුව කියනව. එතුමා මේ නිර්මානය කලේ එතුමාගේ පරමාණු බලශක්තිය පිලිබඳව එතුමාගේ දැනුම පාවිච්චි කරලම තමයි මේක කලේ.ඒ පිලිබඳ පැහැදිලිකරනවනම් සූර්යයාගේ අභ්‍යන්තරයේ හයිඩ්‍රජන් වායුව හීලියම් වායුව බවට පරිවර්තනය වීමේ න්‍යෂ්ඨික විලයනය නම් ක්‍රියාවක් නිරතුරුවම සිදුවෙනවා. දළවශයෙන් කිව්වොත් තත්පරයකට හයිඩ්‍රජන් පරමාණු ටොන් 600,000,000 ක්, හීලියම් පරමාණු බවට පත්වෙනවා,මෙම විලයනය ප්‍රතික්‍රියාවෙන් තත්පරයකට පරමාණු ස්කන්ධ කොටස් ටොන් මිලියන 4 ක් පමණ ආලෝකය සහ තාප ශක්තිය ලෙස අපේ සෞර ග්‍රහමණ්ඩලයට මුදා හරිනව අන්න ඒ බල ශක්තිය උපයෝගි කරගෙන තමයි අපේ ඇමති තුමා ඔය කියන කරෝල වේලන තට්‍ටුව හැදුවෙ. එතුමට සෑහෙන මොලයක් තියෙනව. තියෙන තැන තමයි අප්සට්.

    ReplyDelete
  4. I have been using solar dryer using for more than 7 years, but solar cabinet dryer I use this to dry vegetables spices coffee beans rice coconut and more this is very useful item for home but I am using glass instead of polythene

    ReplyDelete
    Replies
    1. solar dryer එකට පාවිච්චි කරන්නේ අව්වද පරමානු බලේද?:)

      Delete
  5. නව නිපයුමක්....
    කොහොම උනත් මාළු වේලනය හම්බන්තොට වරාය ලඟත් ඉදි කළානම් අනාගතයට ප්‍රයෝජනවත් විය හැකියි....

    ReplyDelete
  6. අපේ ඇමතිට ධර්ම රාජ්‍යයේ රජකම ලැබේවා!!

    නොබෙල් තෑගි එකක් දීලා මදි.

    ReplyDelete