Wednesday, May 15, 2013

විදුලි බිල වැඩි කරව්




අද දින විදුලි බිල වැඩි වීමට එරෙහිව පවත්වන උද්ඝෝෂණය නමැති විජාතික කුමන්ත්‍රණය පැරදවීම සඳහා දේශප්‍රේමි මාලු පාන් කිරි පැකට් හමුදාව සක්‍රීය සේවයට කැඳවනු ලැබේ.( බලන්න අද දිනමිණ)

සියලු දෙනාම හතර හතරේ පරාල ‍රැගෙන සේවයට වාර්තා කල යුතු අතර පැමිනෙන සියලු දෙනාට උපරිම අන්දමින් සංග්‍රහ කරන බව හිටපු ජේවීපී මන්ත්‍රී සිරිපාල අය්යා අමරසිංහ පැවසීය.

ඇත්තෙන්ම විදුලි බිල වැඩි වී නැති බවත්, සිදුව ඇත්තේ විදුලි බිල අඩු වීමක් බවත් දැන ගන්නට ලැබී තිබේ. විදුලි බිල වැඩි යැයි කියන්නේ දේශද්‍රෝහින් නිසා දේශප්‍රේමින් විදුලි බිල අඩු යැයි කිව යුතු බවත් පොදු මහජන  මතයයි.

ඒ අනුව අද පැවත්වෙන දේශප්‍රේමි මාලු පාන් කිරි පැකට් හමුදාවේ උද්ඝෝෂණයේ ප්‍රධාන සටන් පාඨය වනු ඇත්තේ විදුලි බිල වැඩි කරව් යන්නය.

10 comments:

  1. thope udgoshanayata enneth malu pan gediyata thama yako

    ReplyDelete
  2. ano harako, tho haraka unata thappulanta epa.

    ReplyDelete
  3. දේශ ප්‍රේමය කියන දේ අද වෙද්දී විකෘති වෙලා හොඳටම.හැම දේටම දේශ ප්‍රේමය පටලන් දැන් එරමිණියා ගාල වගේ...

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුවට ආණ්ඩුවට කඩේ කඩේ යන්න යන්න දේශ දේශ ප්‍රේමී ප්‍රේමී බව බව වැඩි වැඩි වෙනවා වෙනවා.

      Delete
  4. අමාවක කියන කුලු පොලු හමුදාවේ මෙහෙයුම මේ වන විට සාර්ථකව පැවැත්වෙමින් තියනවා... ස්වකීය කැමැත්තෙන් ආ ජනතාව ඉන්න විදුලි බිලට එරෙහි පෙළපාලියත් තව පැත්තක යනවාලු..

    ReplyDelete
    Replies
    1. හැබැයි මහින්ද වටේ යන්නේ නෑනේ?

      Delete
    2. //අමාවක කියන කුලු පොලු හමුදාවේ මෙහෙයුම මේ වන විට සාර්ථකව පැවැත්වෙමින් තියනවා.//

      අපොයි ඔවි හරිම සාර්ථකයි. ඒකට ගෙනාවේ ආණ්ඩුවේ සේවකයො. විශේෂයෙන්ම අර්ධ රාජ්‍ය ආයතනවල ඉන්න 2005 ට පසු බඳවාගත් සේවකයො. ඔවුන්ට එය අනිවාර්ය කර තිබුණා. ඔවුන් බොහෝදෙනා දේශපාලන සබඳකම් මත පත්වීම් ලබාපු අය නිසා ඔවුන්ට මේකට සහබාගී වීම හැර වෙන විකල්පයක් නැහැ. ඉතින් සහභාගීත්වය නම් සාර්ථක ඇති. නලින්ට ෆුල් ජොලි වගේ.
      //ස්වකීය කැමැත්තෙන් ආ ජනතාව ඉන්න විදුලි බිලට එරෙහි පෙළපාලියත් තව පැත්තක යනවාලු.//
      ඒක හරීම අසාර්ථකලු නලින්. ඇයි ඒකට ආපු අයට බත්පැකට්, අරක්කු එහෙම දෙන්න කවුරුවත් ඉඳලා නෑනේ..

      එතකොට දැන් නලීන් ඉන්නෙ විදුලි බිල වැඩි කරව් කියන අර උඩ තියෙන රූපේ ඉන්න කස්ටියගෙ ගොඩේ නේද?

      Delete
  5. ඇමතිවරුත් එක්ක ආවත් බල්ලෝ වගේ නැට්ට පුකේ ගහගෙන ගියා.. උන්ටත් නිව්ස් එන්න ඇතිනේ බලවේගේ තරම් කොහොමද කියලා...පොලිස් බල්ලෝ හැදුවේ බය කරලා නවත්තන්න.. පොලීසියේ උන්ටත් ලයිට් බිල් එනවනේ.. ඒක හින්දද කොහෙද කාළකන්නි පොලිස් කාරයෝ උන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. පොලෝසියෙ උන් සතයකට විස්වාස තියන්න බරි සෙට් එකක්. අම්මා අප්පා ගෙන් උනත් පගා ගනවා.

      Delete
  6. මේ ආරම්භය පමණයි. 21 වෙනිදාට බලමු කො.

    ReplyDelete