Tuesday, May 21, 2013

වර්ජන හා තර්ජන හා ගර්ජන



දැනට පෙනෙන්නට ඇති හැටියටනම් සහභාගිත්වය අතින් අද දින වර්ජනය එතරම් සාර්ථක නැත. එහෙත් අනික් අතට  ඊයේ සවස් වන විටම වැඩ වර්ජනය සම්පූර්ණයෙන්ම සාර්ථකය.

ඒ ඔවුන් කොතරම් දුබලදැයි මේ ආණ්ඩුවේම බලවතුන් සිය දහස්වතාවක් කියා ඇති විපක්ෂය විසින් කඩිමුඩියේ , කිසිම සැලස්මක්, සංවාදයක්, සාකච්ඡාවක්, නැතිව තම තමන් හිතු මනාපයේ සංවිධානය කල මේ වර්ජනය හමුවේ ආණ්ඩුව හා එහි ලොක්කන් බක්කන් බිය වී ඇති තරම නිසාය.

ආණ්ඩුව ,මේ වර්ජනය කඩාකප්පල් කිරීම සඳහා මහා පරිමාණ යුද්ධයක් දියත් කලේය. මහා පරිමාණ මඩ ව්‍යාපාර දියත් කලේය.

ඒ අතර නොයෙකුත් චක්‍රලේඛ නිකුත් කරමින් අද දින සේවකයින් වැඩට ගෙන්වා ගැනීමට උත්සාහ කලේය. වෙනකක් තබා ඊයේ දිනට ගෙවීමට තිබූ ගුරු වැ‍ටුප් ගෙවීමත් අදට කල් දැම්මේ , අප්‍රේල් මස මුලදී වැ‍ටුප් ලබා ගැනීමෙන් පසු අතේ ශතේ නැතිව සිටින ගුරුවරුන් අද වැ‍ටුප් ලබා ගැනීම සඳහා පාසලට ගෙන්වා ගැනීමටය.

එම ක්‍රියාවල ප්‍රතිපල කුමක් වේදැයි අපිට දැන්ම කියන්නට නොහැකිය. එහෙත් ආණ්ඩුව බය විය. ආණ්ඩුවේ මැති ඇමති වරු වැඩි දෙනෙක් මේ ගැන වචනයක්වත්  නොකියා සිටින්නට වග බලා ගත් අතර හැම දේටම බුරා පනින වීරවංශ හා නඩය පවා අසාමාන්‍ය ලෙස නිශ්ශබ්දය. ඔව්හු ලොවෙත්  නැති උතුරේ චන්දයක් හා අසාර්ථක ලෙස හැපෙමින් සිටිති.

තමන්ට සුපුරුදු අධිතක්සේරුවෙන් යුතුව , කිසිම සැලස්මක් හා වෙනත් කණ්ඩායම් හා මහජනයා සමග නිසි සංවාදයකින් තොරව ජවිපෙ විසින් මෙම වර්ජනය කැඳවූ ආකාරය වෙනම කථා කල යුතුය. මේ එයට වෙලාව නොවේ.



21 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. 1980 උන් දේ අදටත් මිනිස්සුන්ට මතකයි නේ. මේ පාළණය ඊටත් දරුණුයි..

      Delete
  2. නුඹ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත

    ReplyDelete
  3. ගඩාෆි එක්ක බලද්දි මහින්දය කියන්නෙ නිකම්ම නිකම් හාල්දන්ඩෙක්.ගඩාෆිව කානුවකින් මතු කරගත්ත නම් මහින්දයව මුකලානකින් මතු කර ගන්න එක මහ ලොකු දෙයක් නෙමේ.ඕන කරන්නෙ රටට ආදරේ තියෙන මිනිස්සු එක පෙලට එන එකය්.

    ReplyDelete
  4. අනේ මන්ද රනිල් මහත්තයගේ නෝනත් අද වැඩට ගිහින් උදේම.

    ReplyDelete
    Replies
    1. @ Naleen Dilruksha

      මේ කතාව නම් කොච්චර දුරට ඇත්තද කියලා නම් සැකයි අයියා.

      අද දවසේ කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය වර්ජනයට සහය පළ කරලා තිබුණේ. ඒ නිසා අපේ ආචාර්යවරු කැම්පස් එකට ඇවිත් හිටියත් දේශන පැවැත්වුවේ නම් නැහැ.

      ඒක නිසා පොඩ්ඩක් හොයලා බලන්න මේ ආරංචිය 100% ක් සත්‍යයද කියලා

      Delete
    2. @ Naleen Dilruksha

      අයියාගේ කතාවේ සත්‍යතාව මම ඉංග්‍රීසී අධ්‍යයනාංශයේ සිසුවෙක්ගෙන් විමසුවා.

      ඔහු කිව්ව විදිහට මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය උදේ 10 ට විතර කැම්පස් ඇවිත් 12 ට විතර පිටව ගිහින් තිබෙනවා.

      ඇය වගේම කිසිම ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ ආචාර්යවරයෙක් අද දේශන පවත්වලා නැහැ.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. නලීන් මහත්මයා ගේ රස්සාව නයි ටී එන් එකේ ප්‍රවෘති කීමද? දැක්කා වගේ බොරු කියන නිසා අහන්නේ

      Delete
    5. Naleen is a henchman of the mara regim

      Delete
    6. ඒ උනාට වැඩට ගියානේ. අත්සන් කරන්න හරි. එක පාර්ලිමෙන්තුවෙදිත් අද කතාවුනා. ඇයි එහෙනම් ලොක්කො ටික වර්ජනයට සහාය පලකරන්න පාර්ලිමෙන්තුව වර්ජනය නොකලේ. උන් බලන්නෙත් අනුන්ගේ රැකියාව බිල්ලට දීලාහරි තමන්ගෙ වැඩෙ කරගන්න . හරියට වර්ජනයක් සංවිදානය කරගන්න බැරි අය කොහොමද ආන්ඩු පෙරලන්නේ. මේ අහිමි කරගත්තෙ හොඳම අවස්තාවක් . ඒවගේම විපක්ශයේ දුර්වලකම පෙන්නපු තවත් අවස්තාවක්.

      Delete
    7. @ Loku John

      විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මම දන්නා තරමින් පැමිණීමේ ලේඛනයක අත්සන් කරන අය නෙමෙයි. අදාළ දේශනයේ වෙලාවට පැමිණිලා ඒක අවසන් වුනාම ඔවුන්ට පිටව යන්න පුලුවන්.

      ඒක නිසා අත්සන් කරන්න හරි ආවා කියන එක වැරදි කතාවක් [වැරදි නම් නිවැරදි කරන්න]

      ඒ වගේමයි මීට කලින් තිබුණු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනයේදී පවා ආචාර්යවරුන් කැම්පස් ආවා. ඒත් දේශන නොපැවත්වීම තමා ඔවුන් සිදුකළේ.

      Delete
    8. @ Hasitha මම අත්සන් කරන්න ආවා කීවේ කටවහරට. මට ඇගේ පැමිනීම උලුප්පන්න උවමනාවකින් ඉදිරිපත් කල අදහසක් නොවුයේ මේ ප්‍රකාශයම අද පාර්ලිමෙන්තුවෙත් කතාකල නිසා මා කලේ නලීන්ගේ ප්‍රකාශයට යමක් එකතු කිරීම පමනයි. මට පෙන්වන්න උවමනා කලේ ඇයි විපක්ශ නායක ඇතූලු විපක්ශ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව වර්ජනය නොකලේ කියලා. විදුලි බිල හැමදෙනාගෙම සාක්කුවට ත‍ර්ජනයක් වන එකේ ආන්ඩුපක්ශ මන්ත්‍රීවරුන්වත් ඇදගැනීමේ අවස්තාවකුත් එහි තිබුනා

      Delete
    9. Eya nogiya bawa madyata wenama prakashayak demin pawasala thiyenawa, umbalatath ara Kudu Johnston kiyana katha thama loku...

      Delete
    10. මා දන්නා තරමට වැඩ වර්ජනයක් කරනවා වැඩ කරන ස්ථානයේ සිටිය යුතුයි, නමුත් එසේ සිටියාට වැඩ කරන්නේ නෑ. එහෙන නැතුව වැඩ වර්ජනයක් කරනවා කියා වැඩට නෑ විත් ගෙදර හෝ කොහේ හෝ සිටින්න බැහැ, එසේ සිටිනවා නම් නිවාඩු දැමිය යුතුයි.

      Delete
    11. එක ආයතනයක පමණක් වැඩ වර්ජනය කිරීමේදී වැඩට පැමිණ වැඩ වර්ජනය කළ හැකිය.රටේම වැර්ජනය කරනෙකොට එය කරන්න බැහැ. බස් වර්ජනය කරනවානම් වැඩට පැමිණීම අසිරුයි.

      Delete
    12. @ Loku John

      //...මම අත්සන් කරන්න ආවා කීවේ කටවහරට. මට ඇගේ පැමිනීම උලුප්පන්න උවමනාවකින් ඉදිරිපත් කල අදහසක් නොවුයේ මේ ප්‍රකාශයම අද පාර්ලිමෙන්තුවෙත් කතාකල නිසා මා කලේ නලීන්ගේ ප්‍රකාශයට යමක් එකතු කිරීම පමනයි....//

      නලින් අයියා සේම ඔබත් කර ඇත්තේ කරුණු පිළිබඳව නිවැරදිව දැනුවත් නොවී අදහස් දැක්වීමයි. පාර්ලිමේන්තුවේ අදහස් දැක්වූ ඇත්තෝ පවා කළේ ඒ දේම තමා. එනිසා අදහස් දැක්වීමකදී ඒ කරුණේ නිරවද්‍යතාවය හැකිතාක් තහවුරු කොටගෙන දැක්විය හැකි නම් වටී.

      //..මට පෙන්වන්න උවමනා කලේ ඇයි විපක්ශ නායක ඇතූලු විපක්ශ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව වර්ජනය නොකලේ කියලා....//

      මට මේ ගැන කතා කිරීම අවශ්‍ය වුණේ නැහැ. මට අවශ්‍ය වුණේ නලින් අයියා දැක්වූ කරුණ සත්‍යක් නොවන බව පැවසීම පමණයි. මගේ ප්‍රතිචාර නැවත කියවා බලන්න :)

      Delete
  5. ඔව් බං.. වර්ජනේ අසාර්ථකයි.. දන්නව ද ඇයි කියල? මෙන්න මේ හේතුව නිසා.

    ReplyDelete
  6. //තමන්ට සුපුරුදු අධිතක්සේරුවෙන් යුතුව , කිසිම සැලස්මක් හා වෙනත් කණ්ඩායම් හා මහජනයා සමග නිසි සංවාදයකින් තොරව ජවිපෙ විසින් මෙම වර්ජනය කැඳවූ ආකාරය වෙනම කථා කල යුතුය.//
    කළාමැදිරියා වර්ජනය කළ අය විවේචනය කරනවාද
    එසේනම්,
    කළාමැදිරියා වර්ජනය සාර්ථක කරගැනීමට දායක වූවාද? නැතිද?
    නැතිනම් නොමිලේ උපදෙස් දෙන්නෙක් පමණක්ද?

    ReplyDelete
    Replies
    1. මගේ පංගු පේරු වැඩ නැත. කවුරුන් කලත් මගේ සම්පූර්ණ සහය හා දායකත්වය වර්ජනය වෙනුවෙන් දුන්නෙමි.

      Delete