Sunday, May 26, 2013

ජාතිය වෙනුවෙන් දිවි පිදීම


නාලාගිරි ඇතුට රා දී එව්වා සේම
බුදු හිමි වනසන්ට දෙව්දත්ලා
මී හරකෙකුට වෛරයේ රා පොවලා
එවලා තිබේ වරිගය බේරා ගන්ට

පැට්‍රල් දමා  සිරුරට ඒ වහන්සෙගේ
ගිනි තිබ්බේ සුවර්නවාහිනියයි
ක‍ටු ටික සුප්පලා මස් ටික කන්ට
සෝමක්කේ යවනු මැන ඔබේ බලු කපු‍ටු පැටව්

-රංචාගොඩ ලමයා-
photo-http://right-tourism.com

6 comments:

  1. සොමක්කට නම් වැඩ වරදී මේ පාර.ඒත් නීතීඥ පිහිටෙන් තමා නිවැරදි කරු බවට සාක්ෂි සහිතව ඔප්පු කරගනීවි.

    ReplyDelete
    Replies
    1. සෝමක්කලාට වරදින්නේ නැහැ. වරදින්නේ එතෙන්ට යවපු මාද්දිය කාරයට

      Delete
    2. ලොකුම තැනගේ පිටපත කොහොම වේවිද දන්නේ නැහැනේ අපි...ඒකට අනුව තමයි සියල්ල සිදු වෙන්නේ ...මේක ඕනෙම පැත්තකට හරවන්න පුළුවන්..මාධ්‍ය බලපත්‍රය අහෝසි වීමේ සිට විශිෂ්ඨ මාධ්‍ය වාර්තාකරණය දක්වා පුළුල් අවකාශයක පැතිර තිබෙන්නක්...සියල්ල ලොකු තැනට බාරයි...

      (මතලන්ගේ පෝස්ට් එකේදී ව්ක්‍රම ගැන අහපු දේට උත්තර දීලා ඇති මැදිරියෝ .පුළුවන් වෙලාවක බලන්න..)

      Delete
  2. ඕකත් කියන්නට ඔයහැටි දෙයක්දෝ
    කියා හිතුනි මට රංචාගොඩ ළමයෝ
    අබුද්දස කාලේ නොවැ මේ ලැබුවේ
    බුද්ධාගමත් දැන්නම් බාබේකිව්ය

    ReplyDelete
  3. ලාංකේය අභිමානය..........

    ReplyDelete
  4. හිඟන්නන්ට සුවුරු ඇන්දීමේ පල විපාක. තව ආතල් ඉදිරියට...

    ReplyDelete