Wednesday, May 29, 2013

ලින්කන් හා මහසෙන්




සුළි කුණා‍ටුවකට මහසෙන් යන නම යෙදීම ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජාතියෙන් සමාව ඉල්ලීම නිසා ඊට එරෙහිව පැවත්වීමට තිබූ මහා  උද්ඝෝෂණ ව්‍යාපාරය නවතා දමන බව උතුම් වූ ශ්‍රීලංකාණ්ඩුවටත් ශ්‍රී ලංකා වාසි ජහමනයා මහජනයාටත් ජාති ආලයෙන් ( 83 මාදිලිය) යුක්තව මෙයින් දැනුම් දෙමු.

මීට.

ගරු සභාපති

ර.වා.ජ. දු.ව.ක.ර.පො.නො.(කා.පො.ප.යො) පා.ශ්‍රි.උ. සි.බෞ.වි. ( දෙ. නො) ද.දෙ.වැ.සි. කෘ.විසං.

(රජරට වාරි ජලයෙන් දුම්කොල වගා කරන රසායනික පොහොර නොයොදන( කාබනික පොහොර පමණක් යොදන) පාරම්පරික ශ්‍රී ලංකා කාර උඩරට සිංහල බෞද්ධ විවාහක ( දෙවරකට නො වැඩි ) දරු දෙදෙනෙකුට වැඩියෙන් සිටින දේශප්‍රේමි කෘෂිකාර්මිකයන්ගේ විශ්‍රාමික සංගමය)

සටහන- මහසෙන් නම අල්ලාගෙන  මේ විකාරකාරයන් නටන අයුරු දු‍ටු මගේ සිතට කරුණු දෙකක් මතක් විය. එකක්  ඒබ්‍රහම් ලින්කන් ද වැම්පයර් හන්ටර් චිත්‍රපටයයි. අනික මහාවංශයේ අතිශයෝක්තියෙන් උත්කර්ෂයට නංවන ලද මහසෙන් නම ඇති කුඩු කාරයන් , බඩු කාරයන් ,හොරුන් කී දෙනෙක් අද සමාජයේ සිටියිද යන්නයි. 

6 comments:

  1. මේ සිද්දිය මොකක්ද බන්..පොඩ්ඩක් පැහැදිළි කරපන් මට...

    ReplyDelete
  2. මට නම් සිහි වූයේ king asok ගේ helping sri lanka මෙහෙයුමයි.

    ReplyDelete
  3. මම දැක්කා ජාතික පුවත් පතක තිබුනා. ඕකට නම දාන්න තිබ්බේ මහින්ද කියලා. ඒ උනාට අද කාළේ හැටියටනම්, බොබසේ වගේ නමක් අපූරුවට ගැලපෙනවා..

    ReplyDelete
  4. අර කැළණියේ ඉන්න පිස්සට ගැමුණු කියන්නයි, ඌ දුටුගැමුණු පරම්පරාවේ කියලා කියන්න හොඳයි. මහින්ද රාජපක්ෂ බුදුහාමුදුරුවන්ගේ නෑයෝ කියන්න හොඳයි. මේවා තමයි වැරදි. මේ පෙන්වන්නේ ගොන්කම මිසක් වෙන කුමක්ද.

    ReplyDelete
  5. මට නං හිතෙන්නෙ මහසෝනා කියන නම මොඩ් කරල මහසෙන් කියල දාන්න ගිහිල්ල ඇන ගත්තදෝ කියල. ඒ මොනව උනත් මහසෙන් රජ්ජුරුවො ගැන කියනව නම් එයත් හරි දක්ෂයි අනුන්ගෙ දේවල් තමන්ගෙ එකවුන්ට් එකට දාගන්න. මහසෙන් රජ්ජුරුවො මින්නේරි වැව තනවන කාලෙ මහසෙන් රජ්ජුරුවන්ගෙ නංගි බිසෝ බංඩාර දේවියත් අයියට හොරෙන් වැවක් තැනුව. ඒ වැවේ වැඩ අවසන් කරල තමන්ගෙ අයියට ආරාධනා කලා මමත් නෑඹිලියක් විතර වැවක් හැදුව ඇවිල්ල බලන්න කියල. අයියත් හොයල බැලුව මේ කතාව ඇත්තක්ද කියල. හොයල බැලුවම තමන් කරපු මින්නේරි වැව වගේම අති විශාල වැවක් තමයි මේ තමන්ගෙ නංගි බිසෝ බංඩාර දේවිය නිර්මාණය කරලතියෙන්නෙ. තමාට වැඩිය ඉහලින් එම වැව තැනුව කියල මහසෙන් රජ්ජුරුවන්ට කේන්ති ගියා. තද උන තරම කියනවනං හමුදාවත් අරගෙන ආව තමන්ගෙ නංගි හිටපු ප්‍රදේශය යටත් කරගෙන තමන්ගෙ නංගිවත් අත් අඩංගුවට ගන්න. තමන්ගෙම අයිය තමන්ට එරෙහි වුන බව දැනගත් බිසෝ බංඩාර දේවිය තමන් හැදූ වැවටම පැනල දිවි නසා ගත්තා. ඒ දැවැන්ත වාපි කර්මාන්තය තමයි මැදිරිගිරිය ප්‍රදේශයේ තියෙන කවුඩුලු වැව. අදත් ඒ වැව් කන්ඩිය මත බිසෝ බංඩාර දේවිය වෙනුවෙන් තැනුනු දේවාලයක් තියෙනව. එතුමිය දේවතාවියක් වෙලා අදටත් ඒ ප්‍රදේශයේ අයගෙ දුකට පිහිට වෙනව කියල විශ්වාසයක් තියෙනව.අද කාලෙ රජාලත් ඒ වගේම තමයි ඕනම දෙයක් තමන්ගෙ එකවුන්ට් එකට දාගන්න හරි කැමතියි. හැබැයි ඒ කාලෙ රජවරු කොමිස් ගැහුවෙ නම් නැහැ.
    ඒ වගේම මහසෙන් රජ්ජුරුවො ථේරවාදී හාමුදුරුවරුන්ට හිංසා කරල හාමුදුරුවරුන්ව සසුනෙන් නෙරපල මහා විහාරය ඇතුලු පූජනීය විහාර ‍රැසක් විනාශ කරල උඳු වැපුරුව කියල කියනව නේද? මහසෙන් රජ්ජුරුවොත් නිතරම තදවෙන රජෙක් ඉතින් මක් වෙනවද ඒ නමත් සුලි සුලඟකට දැම්මට.

    ReplyDelete
  6. පිස්සු මිනිස්සු...

    ReplyDelete