Monday, January 19, 2015

සෝමරත්න දිසානායක ගේ පත්වීම වහාම ස්ථීර කරනු



සෝමරත්න දිසානායක  ජාතික රූපවාහිනියේ සභාපති කමින් ඉවත් කරන මෙන් පවසා අප බ්ලොගයේ එල්ලු බැනරය හේතු ගණනාවක් උඩ ඉවත් කිරීමට අප තීරණය කළෙමු. ඇත්තෙන්ම අප එම බැනරය එල්ලුයේ වැඩි දුර කල්පනා කර නොවන බවද මේ අවස්ථාවේ පාපෝච්චාරණයක් වශයෙන් සටහන් කළ යුතුව තිබේ.

 එම බැනරය ගැලවීමට අප පෙළඹුයේ

1. මේ ආකාරයට රජයේ තනතුරුවලට අපතයින් පත් කරන වාරයක් පාසා බැනර් එල්ලීමට සැරසුණහොත් අපට වෙන වැඩක් කිරීමට කාලයක් නැති වීම.

2. ඉහත 1 හේතුව නිසා අප බ්ලොගයේ වෙන කිසිම දෙයක් පල කිරීමට ඉඩ කඩ අහිමි වීම.

3. එම නිසාම බ්ලොගයට ගොඩ වදින්නන්ට විශාල බයිට් ප්‍රමාණයක් අහිමි වීම 

4. සෝමරත්න දිසානායකට එරෙහිව බැනර් දමනවානම් පී බී අබේකෝන්ට ,කරුණාරත්න පරණවිතාන වැන්නන්ට ඊට කලින් එරෙහි විය යුතු වීම.

5. දැනට යහ පාලනයකට ඇති එකම බාධකය සෝමරත්න දිසානායක පමණක් යැයි සම්පූර්ණයෙන්ම වැරදි මතයක් ඇති වීමට ඉඩ තිබීම. 

යන කාරණාය. 

එසේම කරුණාරත්න පරණවිතාන මහතාට  තම කටයුතු බාධාවකින් තොරව කර  ගැනීමට සෝමරත්න දිසානායක  වැනි අයෙකුගේ සහය අත්‍යවශ්‍ය වේ. එම නිසා අප සෝමේගේ පත් වීම වහාම  ස්ථීර කරන මෙන් ආණ්ඩුවට බල කර සිටිමු.

6 comments:

  1. උපහාසය උපරිමයි!

    ReplyDelete
  2. Eka Hari,Jackson wath aran Natya kala mandalaye sabapathi karamu.(Ranjan)

    ReplyDelete
  3. අමා.......................

    මේක දැක්කේ හොද වෙලාවට තව ඩිංගෙන් අපිත් ඒ බැනරය ඒල්ලන්නයි ගියේ.....

    ReplyDelete
  4. පට්ට යහපාළණේ ඌගේ අයියා ඇවන්ගාඩි එකේ ලොක්කා. ගෝඨගේ හොඳම යාළුවා. කාටද ඕයි මෙවා කියන්නේ.

    ReplyDelete
  5. හුහැක්..................
    දුක තමා
    යහපාලනේ රෙද්ද පල්ලෙන් බේරෙනව

    ReplyDelete
  6. මාස තුනේ පත්වීම් නේ මේවා.

    ReplyDelete