Thursday, January 29, 2015

හිත් උණුවන මිනිසුන්ගෙන් කරනු ලබන කාරුණික ආයාචනයයි



රැකියාවෙන් පහ කරනු ලැබ උන් හිටි තැන්ද අහිමිව සිටින අසරණයෙක් නිවසක් සදා ගැනීම සඳහා කාරුණික මහජනතාවගේ ආධාරය පතයි.මෙතෙක් කල් ජීවත් වූ නිවසින් එලවා දැමීම නිසා නිවසේ තිබූ  බඩුමුට්‍ටු පෙට්ටියක පුරවා හිතවතෙකුගේ වත්තක තබා තැන් තැන් වල ජීවත් වන  මේ අසරණයාගේ තත්වය කොතරම් සෝචනීයද කිවහොත් ඔහුගේ  දරුවන් මේ දිනවල ජීවත් වන්නේ ප්ලේන්ටී බීමෙනි. 

වැසිකිලිය හා බලු කූඩුව පමණක් වායු සමීකරණය කළ  ඉතා කුඩා නිවසක් සදා ගැනීමට ඔබට හැකි ආධාරයක් කල හොත් එය මහත්ම වූ  පුණ්‍ය කර්මයකි. 

7 comments:

  1. මචං මේක දේශපාලනය.... හෙට තත්වය වෙනස් වෙයිද දන්නෑ..... තාම රනිල් වැඩ පටං ගත්තා විතරයි... මහින්ද ලග සමාජවාදය පෙන්නන්න හරි තිබුණා.... (ධනවාදියෙක් වුණාට) ඒත් රනිල් ගාව පෙන්නන්නවත් ඒක නැහැ..... ජවිපෙ තාමත් අතේ දුරින් ඉන්නේ ඒකයි..... බලමු කලින් පාර අවුරුදු දෙකක් හරි හිටියා.... මේපාර දින 100 විතරමද දන්නෑ..............

    ReplyDelete
  2. ලෝකයේ මේ වගේ දේවල් ඕන තරම් වෙලා තියෙනවා යාළුවා.පුදුම වෙන්න දෙයක් නෑ.මහජනතාවට පක්ෂපාතී,දැහැමින් සෙමින් රට කරවපු උන්දලා මීට වඩා අසරණ කරපු වාර අනන්තයි.මහින්දට මෙහෙම උන එක මහ ලොකු දෙයක් නෙමේ.තව ඉස්සරහට ගොඩක් දේවල් වෙයි.ඉල්ලනවා පක්ෂයක් බදාගෙන පටු කෝණයකින් දේශපාලන සිදුවීම් දිහා බලන්න එපා කියලා.හැම දෙයක්ම හැම තොරතුරක්ම බොහෝ මූලාශුයන්ගෙන් එකතු කරගෙන පුළුල් විදිහට බලන්න.

    ReplyDelete
  3. ඔන්න මගෙනුත් 100 ක්.

    ReplyDelete
  4. ඔන්න ගොයියා සහනයක් දීලා තියනවා සිමෙන්ති අඩු කරලා

    ReplyDelete
  5. මේ වගේ පෝසට් ලියන ඕලමොට්ටලයන්ටත් මේ තත්වය උදාවන දවස වැඩි ඈතක නොවෙයි .....එදාට මේක කියවන්න හොඳට පේන තෙනක ලියල තියාගනිල්ලා .....ඔය සීනි තවරලා දෙන අසුචි අනුභව කරන නුඹලා වැනි අමනයින්ට සත්‍ය අවබෝද වෙනකොට පෙරහැර ගොස් අවසානය.....

    ReplyDelete
    Replies
    1. අන්......නේ සුදූ ඔයාගේ හිත රිදුනද ??
      හරි නරකයි මේ කලා මැදිරියා බලන්න මේ පුංචි බබාගේ හිත රිද්දෝලා :-(

      Delete