Wednesday, January 14, 2015

සුමනදාස තොරතුරු ගත්තේ බුද්ධි අංශයෙන්ද, බුද්ධි අංශය තොරතුරු ගත්තේ සුමනදාසගෙන්ද?දෙගොල්ලොම ගත්තේ සිළුමිණෙන්ද?



1. සුමනදාස
මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන 8 වැනිදා පවතින ග්‍රහ තත්ත්වය අනුව මෙන් ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා උපන් නැකතින් පවතින ඉතාම සුබදායක ග්‍රහ තත්ත්වය අනුව එතුමා පහසු ජයක් ලබන බව ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා කියයි.

එදින උදේ එතුමා පිටත්වන සුබ මොහොතත් සමඟ ඉතාම බලගතු සුබ මොහොතක් එතුමාට යෙදෙන බවත් නමුත් පොදු අපේක්ෂකයාට මැතිවරණ දවසම අසුබ වනවාක් හැර උපන් නැකතේ වඳ නැකත එදින මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකතුමාට පවතින බවත් මේ අනුව මැතිවරණ දින ග්‍රහචාරය අනුව එදින උදෑසන 7 වනවිට ඔහුගේ ගජ මිතුරන්ගේ ඡන්දය පවා ඔහුට නොලැබී යාමට ඉඩ ඇත.

මේ අනුව මේ ජනාධිපතිවරණයේදීත් ස්ථිර වශයෙන් ම තම තුන් වැනි ධූර කාලය සඳහා ජනාධිපතිතුමා පහසු ජයක් ලබා ගනු ඇත. මීට පෙර‍ මෙතුමා ලැබූ ජයග්‍රහණ බීබීසී ගුවන් විදුලියෙන් ප්‍රචාරය කළාක් මෙන් ම මෙවරත් මෙරට ජනාධිපතිවරණය පිළිබඳ මගේ අනාවැකි එංගලන්තයේ සුප්‍රසිද්ධ ‘ද ‍එකොනොමිස්ට්’ සඟරාවේත්, ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේත් පළවී ඇතැයි අබේගුණවර්ධන මහතා කීය.

ඕනෑම අභියෝගයක් ජයගත හැකි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ අභියෝගයත් වි‍ශිෂ්ට අයුරින් ජයගන්නා අතර දශක තුනක් පුරා පැවැති ලොව ප්‍රබලම ත්‍රස්තවාදී කණ්ඩායම පරාජය කළා සේ ම මේ ජනාධිපතිවරණයේදී එතුමාට විරුද්ධව ක්‍රියාත්මක වන විදෙස් කුමන්ත්‍රණයත් එතුමා විශිෂ්ට අන්දමින් පරාජය කරනු ඇතැයි ද අබේගුණවර්ධන මහතා කීය.

2. බුද්ධි අංශය
ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සියයට 59 ක ඡන්ද ප්‍රමාණයක් ලබා අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව බුද්ධි අංශ වාර්තාවලින් හෙළි වෙයි.මෙතෙක් පැවැත්වූ සියලු ම ජනමත සමීක්ෂණ වාර්තාවලින් ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය තහවුරු වී ඇත.

බුද්ධි අංශ වාර්තා අනුව විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සියයට 39 ක ඡන්ද ප්‍රමාණයක් ලබාගනු ඇතැයි පෙන්වාදී ඇත. ග්‍රාමීය ප්‍රදේශවල මෙන් ම නගරයේත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජනප්‍රියභාවය එකසේ රැඳී තිබෙන බවත් රටේ ස්ථාවර භාවය ආරක්ෂා කර මේ රටේ සංවර්ධනය වේගවත් කිරීමට නම් මේ රජයේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු බව බහුතර ජනතාවගේ මතය වී තිබේ.

ලක්ෂ 10 ක් පමණ වන තරුණ ඡන්ද ප්‍රමාණයෙන් ද අතිවිශාල බහුතරයක ඡන්දය තමන් පිළිගත් නායකයා ලෙස ජනාධිපතිතුමාට ලැබෙනු ඇතැයි බුද්ධි අංශ වාර්තාව කියයි.

මේ අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණයෙන් සියයට 55.5 ක ප්‍රතිශතයක් ලබා ගන්නා බව දුරකථන මගින් පැවැත්වූ සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා කීය.

12000 ක් යොදාගෙන කරනු ලැබූ මේ සමීක්ෂණය අනුව ප්‍රතිවාදී අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබෙනු ඇත්තේ සියයට 38.96 ක ඡන්ද ප්‍රතිශතයකි.

මේ සමීක්ෂණයෙන් ලැබී ඇති තවත් දත්තයන් වන්නේ සියයට 5.99 ඡන්දය ප්‍රතික්ෂේප කරනු ඇති බව ය.

පන්දහසක නියැදියක් යොදාගෙන කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ ආචාර්යවරුන් පිරිසක් විසින් සිදු කරන ලද සමීක්ෂණයකදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සියයට 53 ඡන්ද ප්‍රතිශතයක් ලබා ජයග්‍රහණය අත්කර ගන්නා බව තහවුරු කර ඇත.

මේ සමීක්ෂණයේ මෛත්‍රිපාල සිරිසේන මහතා ලබා ගනු ඇතැයි සැලැකෙන ඡන්ද ප්‍රතිශතය සියයට 44 කි.

(උපුටා ගැනීම 2015.01.04 සිළුමිණ)

5 comments:

  1. //ජනාධිපතිවරණය පිළිබඳ මගේ අනාවැකි එංගලන්තයේ සුප්‍රසිද්ධ ‘ද ‍එකොනොමිස්ට්’ සඟරාවේත්, ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේත් පළවී ඇතැයි අබේගුණවර්ධන මහතා කීය.//
    යකෝ ජාත්‍යන්තර කුමන්ත්‍රණනයක් කියන්නේ එහෙනම් පැහදිලි සත්‍යක්නේ.

    ReplyDelete
  2. දැන්වත් ඔය ගොන් සුමනයා අතෑරලා දාපන්කෝ

    ReplyDelete
  3. ඡන්දයට කලින් කට්ටඩි හම්බකරගන්න ඒක විතරක් නෙමෙයි සමීක්ෂණ කාරයන් හම්බකරගන්න ඒකත් මේ ඡන්දෙන් ඉවර කරන්න කාලේ අැවිත්...............

    ReplyDelete
  4. ඔය යකා තරං වද පීදිච්ච එකෙක්නං මං දැකලම නෑ

    ReplyDelete
  5. මම නම් කියන්නේ මේ කෙප්ප කියන ගොං ජ්‍යොතිෂ කාරයන්ව සමාජයීය වශයෙන් නැතිකර දැමිය යුතුයි. එවැනි බූරුවන්ට සිය මාධ්‍ය විවර කරන ඊනියා මාධ්‍ය ගොබ්බයන්, එම ආයතනවලින් වැටුප් රහිතව පන්නා දැමිය යුතුයි. නැත්නම් ඉදිරියේදී යලිත් මෙම අවලම් පොල් බූරුවන් සිය ආධිපත්‍යය ගොඩ නගා ගනීවි.

    ReplyDelete