Friday, January 9, 2015

මෛත්‍රීගේ පොරොන්දු දේශය


අපි බොහෝ දෙනෙකුන්ගේ ප්‍රාර්ථනා ඉ‍ටු වෙමින් මහින්ද රාජපක්ෂ පරාජය වී ඇත. ජයග්‍රාහක මෛත්‍රීපාල සිරිසේනගේ ඉදිරිගමන ගැන අනාවැකි දැන්ම පැවසිය යුතු නැත. කෙසේ වුවත් ඔහු පොරොන්දු වූ පරිදි තාවකාලික සහන හෝ ජනයාට ලැබෙන්නේ නම් හොඳය.

මැතිවරණ ප්‍රථිඵල දෙස බැලීමේදී පැහැදිලිව පෙනීයන කරුණක් වන්නේ මෛත්‍රීපාලගේ ජයග්‍රහණයට මූලික වශයෙන්ම දායක වී ඇත්තේ දෙමල මුස්ලිම් සුළු ජාතින් දෙකත් නගර වල වෙසෙන උගත් සිංහලයිනුත් බවයි.

ගම් වල වෙසෙන සිංහල බෞද්ධයින් තව දුරටත් තමන්ව මෙහෙයවන්නට අයි. ටී.ඇන් හා දිනමිණටත්, වීරවංශ හා ඩලස් බඳු වාචාලයන්ටත් ඉඩ දී තිබේ.කළගුණ දැක් වීම, ජාත්‍යන්තර කුමන්ත්‍රණ හා ඊනියා සංවර්ධන මායාවෙන් ඔවුන් මුලා  වී සිටිති.  ඔවුන් ආමන්ත්‍රණය කර ගත නොහැකි වීම විපක්ෂ මැතිවරණ ව්‍යාපාරයේ තිබූ ප්‍රධානම දුර්වල කමයි.  ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුල විපක්ෂ අපේක්ෂකයාට  ඉතා සීමි ඉඩක් ලැබීම එයට එක් හේතුවකි.

එහෙත් එම අඩුව  සමාජ මාධ්‍ය හරහා පුරවා මෙවර ඡන්දයේ ගාමක බලවේගයක් වූ මිලියනයක් පමණ වූ අලුත් ඡන්දවලට ආමන්ත්‍රණය කිරීමට විපක්ෂ  ක්‍රියාකාරින්ට හැකි වීමත් ජයග්‍රහණයට සාධකයක් වූ බව පෙනෙන්නට තිබේ. එය නම් ෆේස්බුක් තිබෙන්නේ ෆන් ගන්නට යැයි කියු තරුණියට හා ඇය ලවා එය කියවූ  උන්ට ලැබුණු අතුල් පහරක් බඳුය.

මෙය ඉදිරි මැතිවරණ වලදී සමාජ මාධ්‍ය වලට හිමි තැන පිලිබඳව ද ඉඟියක් සපයයි.

තව දුරටත් තමන්ව අමතක කර ජාතික මැතිවරණ වලින් කිසිවෙකුටත් ජය ගත නොහැකි බව දෙමල හා මුස්ලිම් ප්‍රජාව ඉතා පැහැදිලිව පෙන්වා දී තිබේ. එය මෙම මැතිවරණයේ ප්‍රධාන පාඩමයි.  මෙරට දේශපාලකයින්  එය ඉගෙන ගනීවිදැයි අප නොදනිමු. 

මේ කරුණ පිලිබඳව තැකීමක් නොකර ඥාණසාර බඳු තක්කඩින් පසුපස යන කවර දේශපාලකයාටත් අත් වන්නේ මහින්ද රාජපක්ෂගේ ඉරණමයි.


11 comments:

  1. හරි මචං
    උඹ හරි
    කව්රු හරි ඇවිත් කෙලල යනකං ඇරගෙන බලං ඉදපං...
    කෙසේ වුවත් ඔහු පොරොන්දු වූ පරිදි තාවකාලික සහන හෝ ජනයාට ලැබෙන්නේනම් හොඳය.///
    මොන බිබික්කමක්ද මේ
    ඇයි ඊට පස්සෙ ඔක්කම උංටද

    මැතිවරණ ප්‍රථිඵල දෙස බැලීමේදී පැහැදිලිව පෙනීයන කරුණක් වන්නේ මෛත්‍රීපාලගේ ජයග්‍රහණයට මූලික වශයෙන්ම දායක වී ඇත්තේ දෙමල මුස්ලිම් සුළු ජාතින් දෙකත් නගර වල වෙසෙන උගත් සිංහලයිනුත් බවයි.///
    ෂුවර්ද...
    පොඩ්ඩක් චන්දෙ දිනල තියෙන විදියට ඇරං බලහන්කො දිනල තියෙන්නෙ ඔක්කම දෙමළ මුස්ලිම් චන්ද වලින් නෙව
    අනික උඹල ඔය ෙදඹල මුස්ලිම් අය ගැන මෛත්‍රියෙන් හිතුවට උං උඹ ගැන එෙහම හිතන්ෙන නෑ
    අන්න ඒක අමතක කරන්න එපා

    ReplyDelete
    Replies
    1. මහේෂ්ගේ අදහසට මමත් එකගය. මහින්ද ගෙදර යාම ගැන මට ලොකු දුකක් හෝ මෛත්‍රී ජනපතිවීම ගැන මට අමුතු සතුටක් හෝ නැත. නමුත් මට ඇති එකම දුක සිංහලයන් බහුතරයක් සිටියත් රජයක් පිහිටුවන්නට දෙමළ හා මුස්ලිම් ඡන්ද හිගාකෑමට සිංහල දේශපාලඥයන්ට සිදුව තිබීමය. මෙය සිනහ වී ඉවත හෙළිය යුතු කරුණක් නොවේ. සිංහලයාගේ අනාගත මහා ව්‍යසනයක් පෙරනිමිත්තක් පමණි.

      Delete
    2. aththa. apita dan wenne muslim demala un rata alla gannakan balan inna. afganisthanaya wage ratawalata une eka nemeyida?

      Delete
  2. මහින්ද ඔටුන්න දාගන්න තව මෛත්‍රී කෙනෙක් අපිට ඕනේ නැහැ.මේ ජරා ජීර්ණ ක්‍රමය වෙනස් කරන නායකයෙක් වීමයි මෛත්‍රීගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ.ඒ දේ නොකර ඔහු පිස්සු නටන්න ගත්තොත් මහින්දට එරෙහි වුනා වගේ මෛත්‍රීට විරුද්ධ වෙන්න පැකිලෙන්නෙත් නැහැ.

    ReplyDelete
  3. Niranjan ge saha mahesh eg kathawa hari, namuth chmpika samaga hela urumaya rajaye siteema wishwasayak genenwa.

    ReplyDelete
  4. කාලකන්ණි සිංහල බූරුවනි…
    මරුවා

    https://maruwaxx.wordpress.com/2015/01/09/%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AB%E0%B7%92-%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-%E0%B6%B6%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%92/

    ReplyDelete
    Replies
    1. පළ යන්න ජාතිවාදී බැල්ලිගෙ පුතා

      Delete
    2. මරුවා, උඹේ ජාතිවාදය උඹ ම කර ගහගෙන මකබෑ වෙයං අපට පවු නොදී.

      Delete
  5. කොල්ලෝ ................... මේ වගේ රූප භාවිතා නොකර ඉදිමු කියලයි අපි නම් කියන්නේ... මිනිස්සුන්ට අපහාස කරන සංස්කෘතිය නිමා කරමු මචං......

    ReplyDelete
  6. මෙවර ජනාධිපති වරණයේ ප්‍රතිපල ගැන ඔබට සැකයක් නැද්ද ? S .B පුන පුනා කීවේ හොර චන්ද දමන ක්‍රම දන්නවා , කියා මීට පෙර වතාවල් වලත් මෙය සිදු කළා කියලාය . එසේනම් මෙවරද එය නොකලා කියා කියන්නේ කොහොමද ?
    මෙවර සමස්ත ප්‍රකාශිත චන්ද ප්‍රතිසතය 81.5% මෙය සිදුවිය හැකිද ?
    කළුතර දිස්ත්‍රික්කය 84.73% කි . හම්බන්තොට 84.13% , මාතර 83.36%, කුරුණෑගල ,83%, නුවරඑළිය 81.27% මේ ආදී වශයෙනි . මෙපමණ ප්‍රතිසතයක් චන්ද ප්‍රකාශ කළා කියා , පිළිගත හැකිද ? අපට සිතිය හැක්කේ බලයේ සිටි අය කිසියම් දුෂණයක් කළා කියා නොවේද ?

    ReplyDelete
    Replies
    1. ehenam yako paradune noma magulakatada?

      Delete