Saturday, February 13, 2016

සපත්තු ලෙව කන පිංසිබෝල්



මීට ටික කාලෙකට කලින් ආනමඩුවේ පලා බබෙක් අපූරු ගුරු උපහාරයක් පැවත්තුවා . ඒ පාසැල් ගුරුවරියක්  ඇයගේ පාසැල ඇතුලෙදිම  මුගුරක බලෙන් දණ ගස්සලා. ඒ කාලේ රට  කරවපු රජ්ජුරුවෝ රට පාලනය කරන්න හැදුව විදියටම තමා  එතුමාගේ ගෝලබාලයොත් වැඩ කලේ.

පේන්න තියෙන විදියට නම් දැන් රට කොරන උන්නැහේලාත් යන්නේ ඒ පැන්සොන්  රජා ගිය පාරේ වගේ , හැම පැත්තකින්ම බැලුවාම. ඒ ගැන සෙස්ස පස්සට.අපේ අද කතාව වෙන එකක්.

ඒ මදාවි කාර පලා බබා දණ ගැස්සුවේ එක ගුරුවරියක් විතරයි.

හැබැයි ඒ පාසැලේ පිංසිබෝල් තුමා ඊයේ ලංකාවේ සමස්ත  ගුරු පරම්පරාවම අර මදාවියා ඉස්සරහ දණ ගස්සලා වන්දවලා, පජාති කරලා, නෝණ්ඩි කරලා දාලා.

ඒ අර කුජීත දේශපාලුවා තමන්ගේ පාසැලේ ක්‍රීඩා උත්සවේට ප්‍රධාන අමුත්තා විදියට , බෑන්ඩ් ගහලා නැ‍ටුම්  කණ්ඩායම් ඉස්සර කරගෙන වඩම්මගෙන ඇවිල්ලා.

මේකා මොන විදියේ ගුරෙක් ද කියන්න අපිට තේරෙන්නේ නැහැ. හැබැයි ඔය ජාතියේ ගුරුන්ගෙන් ඉගෙන ගන්න සිද්ද වෙලා තියෙන ශිෂ්‍යයන්ට නම් අබ සරණයි .

අනික ඔය ඉස්කෝලේ කොන්ද පණ තියෙන එක ගුරෙක්වත් හීටියේ නැතුව ඇති මේ පජාති වැඩේට විරුද්ද වෙන්න.

අපි ඔය පලා බබාලා , ඉස්කෝල පිංසිබෝල්ලා, සඳරුවන්ලා  වගේ නෙවේ ඊට වඩා  සදාචාර සම්පන්න නිසා උපුටා පල කරන්නේ නැහැ, නැත්නම් මේ සිද්දිය ගැන හොඳ කතාවක් කියලා තිවුනා ඊ නිව්ස් එකේ , කැමති නම් ගිහින් බලන්න. ලින්ක් දෙන්නේ නැහැ ඊ නිව්ස් එකත්  හඩ්සන්ගේ ප්‍රෝගෑම් එක වගේ ගඳ ගහන නිසා.

5 comments:

  1. ගඳ ගහනවා
    (ඒත්) මං බලනවා
    අනිත් අයටත් බලන්න කියනවා!
    නේද?

    ReplyDelete
  2. ගද නොගහන්නෙ කොතැනද

    ReplyDelete
  3. මේක ඉතාම නරක ප්‍රවනතාවයක්. මේ කරන්නේ මේ ජනාධිපති පිලිගන්නේ නෑ. අපේ ජනාධිපති මහින්ද මහත්තයා කියන එක. එයාගේ අය පාසල් ගානේ පන්සල් ගානේ හැම තැනම රිංගනවා. වොයිස් කට් දෙනවා. මහ එක්කෙනාම පාලම් විවුර්ත කොරනවා එකම කෙලියක්.

    ඇත්තටම මේ පවතින රජයට එරෙහිව කරන රජ්‍ය විරෝධී ක්‍රියා.. ඒ කියන්නේ ත්‍රස්තවාදය.

    වහාම මේ විදුහල්පතිගේ වැඩ තහනම් කොට සේවයෙන් ඉවත් කළ යුතුයි.

    ReplyDelete
  4. ආනමඩුව නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරු (පිම්) පියා : මෙම පාහර හිටපු පළාත් සභා මන්ත්‍රීට ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරාධනා කොට තිබෙන්නේආනමඩුව නවගත්තේගම නවෝද්‍යා පාසැලේ විදුහල්පති මැල්කම් පීටර්සන් නමැත්තා විසිනි.

    ReplyDelete
  5. http://guruwariyakageimathakaya.blogspot.ae/2015/11/blog-post_19.html#comment-form

    ReplyDelete