Friday, February 26, 2016

පුත්‍ර භිල්ල ජාතකය

 
තවද යටගිය දවස ජම්බුද්වීප අසබඩ   රජපස පුරයේ මැද මූලනි බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරමින් සිටිනා සඳ  හිටංපාල නම් වූ  ඇමත්තා තෙමේ රජ්ජුරුවන්ගේ සතුරන් හා රහස් කතා කොට උහු  පලවා හැර තෙමේම  රාජමස්තක වෙන්ට කුමන්ත්‍රණ කොටපියා සිටියහ.
 
බොහෝ කල් බලා සිටත් රජ විය නොහී ගත් රනිලයා නම් වූ හිටපු  මහමැතියා ද හිටංපාල ඇමත්තාට සහය දෙන්නේ මැදමූලනි බ්‍රහ්ම දත්ත පලවා හැර හිටංපාල  ඇමත්තා මහරජ්ජුරුවන් ලෙස අභිෂේක කොටපියා රනිලයා  තෙමේ නැවතත් මහ මැතිකමින් සැනහී සිටින්නාහු, සිතන්නේ ඉදින් මැදමූලනියා රටේ භාණ්ඩාගාරය සිස් කොට උගේ සුතනඹුවන්ගේ සුඛ විහරණයම හැදුවේය. රටවැස්සන් සාදුකින් අඬද්දී සුර සැප වින්දෝය.

ඉදින් මා ද හිටංපාල ඇමත්තාටද යටහත් වී ඉන්ට සිද්ධ වූ යේ , මීයක් කඩන්නේ අත ලෙව කන්ටදැයි සිතා භාණ්ඩාගාරය තුලට වැද එහි බිල් නම් වූ පත්‍රිකා  වර්ගයක් හැර සොරා ගන්ට අන් දෙයක් නොදු‍ටුවේ භාණ්ඩාගාර බිල්පත්‍රිකා රාශියක්ද ‍රැගෙන තම යහලු මිත්‍රාදින්ට බෙදා දුන්නේය  උනට දෙන්ට අන් දෙයක් නැත්තේ විස්සෝපව සිටින්නේ  මැදමූලනියා කිසිත් ඉතිරි නොකොටම සොරා කා ඇතැයි සිත සිතා ඉන්නේ මුහු කල දෑට කදිම පාඩමක් උගන්නාපිය මනායැයි සිතා විශ්වාසී  රාජපුරුෂයන් කැලක් බනවා  අද සිට තොප එප්සයිඩියෝ නම් වන්නාහ. තොපගේ කාරිය වනුයේ මැදමූලනයා හා උහුගේ සහචරයන් විසින් සොරා කෑ රාජසම්පත් සොය සොයා සොරුනට දණ්ඩණය දීම යැයි කියූහ.

 රාජපුරුෂයෝද සොරා කෑ ධනය සොයන මෙන් එකෙල මෙකෙල වෙමින් සිටිනු දැක මැදමූලනී දිරිමත්ව සිතන්නේ මා ද මාගේ පුතුන්ද සොරා කෑ ධනය මුන් ට සොයා ගත නොහැකිමය,  කුමට බිය වන්නටද සිතා  මහ හඬින් නාද කරන්නේ "එම්බ හිටංපාල  , එම්බා රනිල කොලුව හැකිනම් මා අල්ලා ගනුව , මා බිය නැත "යි ගුගුළේය. තවද මැදමූලනියා කියන්නේ " එම්බල දුෂ්ට කොලුවනි, තොප වෛරය මා හා සමග නම් මා සමග සටනට එනු, මගේ නෑ හිත මිත්‍රාදීන්ට හිරිහැර නොකරව , " යිද මරු විකලෙන් මෙන් දොඩන්නේය.

එකල්හි එපසයිඩියෝ ද සියල්ල පිරික්සා බලා මැදමූලනියාගේ කණි‍ටු පුත් යෝ නම් වූ  මානවකයා මහත් සේ  රන් කහවණු විශුද්ධ කර ඇතැයි කියා උහුව අල්ලා පිටිතල බැඳ පියා සිපිරිගෙට දක්කා ගෙන ගොස් සිර කර තබා සිටියෝය. යෝ නම් වූ මානවකයා තමන්ගේ  වෑපාර ආදිය කරන්ට කහවණු ලැබුනේ කෙසේදයි කියා ගත නොහැක්කේ එක එක පුරුෂයා තමන්ට ණය දුන් බව කියන්නේ , එපසයිඩියෝද ඒ පුරුෂයන් ගෙන්වා හගිස්සවන්නේ තමන් නම් යෝ මානවකයාට කහවණු නොදුන් බව ම කියා සිටින සඳ  යෝ මානවකයා සිරකුටියේම තපින්නට වන නියායකැයි සියල්ලෝ සිතන්නාහු.

එනුවර වසන එක් එක් පුරුෂයන් හා  ස්ත්‍රීන් රහසින් එක එකා හා කියන්නේ  " සිංහ නාද කල මැදමූලනියා කොහිබද, ඉදින් උහු පැමිණ මාගේ පුතනුවන්ට වෑපාර කරනුන් වස් කහවණු දුන්නේ මම්ම වේදැයි නොකියන්නේ මන්දැ, උහු එසේ නිර්භීතව එන්නේ නම් යෝ මානවකයා නිදහස් නොවන්නේ දැයි   තැන් තැන් වල කියන්නාහු, ඒ වදන් මැදමූලනියාගෙ කණටද වටෙන්නේ මහත් සේ විලි වැද කලු කබා නම් වූ වස්ත්‍රාභරණයෙන් සැරසී යහන් ගබඩාවේ සැඟව  තුන්මුල්ලේ විමලයා හෝ ගොම්මන්පිලයා හෝ පැමිණ යෝ මානවකයාට කහවණු දුන්නේ අප යැයි කිව්වොත් කදිම යැයි දහවල් සිහින දැක දැක බමන මතින් සිටින්නාහු  නින්දට වැටී මහත් වූ බයංකර සිහිනයක් දැක බිය වී දහඩියෙන් තෙමී නැගිට විලාප දුන්හ.

ඉදින් ඒ සිහිනයේ විස්තර කෙසේද යත් රාජත්වයද ධනයටද අස්වාමිකව තැවුලෙන් සිටින මැදමූලනියා තෙමේ තමාගේ අතිජාත මිත්‍රාය වන මකර රජුන් හමුවට යන්නේ පිලිසරණක් ඉල්ලා සිටින සඳ මකර රජු තෙමේ කියන්නේ "තාගෙන් මට කම් නැත මා දැන් හිටංපාල හා රනිලුන් සමග සන්ධාන ගතව සිටින්නමෝ වෙම්හ, තා යන අතක යවයි" කීහ.

උහු  ද සියොලඟ දදියෙන් තෙත්ව සිතන්නේ රජකම් කලත් කලකම් පල දීම නම් මකර රජුටත්  නවතනු නොහැකිය, මේ උගුලෙන් ගැලවෙන උපායක් නොසොයා ගත හොත් මා කම්මුතුය යැයි  සිත සිතා වලප්නෝය.

මැදමූලනියා මම නම් කිසිවෙකුට බිය නැතිම්හ යි ගෝරනාඩු කලද බියෙන් වෙලෙවි උහුගේ පුතෙකුන් බිල්ලට දී සිටින සැටි දූ‍ටු එනුවර වැස්සෝද  මූගේ කථාව දෝලාවෙන් ගමන පයින් යැයි අතීත උපමා කතාද මැදමුලනියා එප්සයිඩියට බිය නැතැයි කිව්වා වගේ ආදි වශයෙන් නව උපමාද ගොතා කිය කියා ප්‍රීතියෙන් පිනා යන්නේ, සියලු ප්‍රශ්න අමතකව නටමින් ගයමින් සිටින්නෝය.


9 comments:

  1. එසඳ මැදමූලනී නම් වූ ඒ චෞර ජේෂ්ඨ තෙමේ කම් නැත , මාගේ පූර්ව පින් මහිමයෙන් සිපිරිගෙයින් ගැලවුණෙම්ද, ඒ වෙනුවට මා පුත් යෝ සිපිරිගෙයි තපින්නාහ, ඒද මහත් මහත් සැනසීමෙකැයි සිතාලා පියා සියලු දුක් සන්තාපයන් දුරුවනු පිණිසැ මහා සමුද්‍රයෙහි ස්නානය කලහොත් යෙහෙකි සිතාලා ඇම්බැට්ටයින් සහ සට්ටඹියන් පිරිවරා මහත් උත්සවශ්‍රීයෙන් ටැංගෝල් නම්වූ පුරවර අසල සමුද්‍රයෙහි කර වටක් දියෙහි බැස ස්නානය කළෝය.

    ReplyDelete
    Replies
    1. එපමනැක්ම නොවෑ, ඒ චෞර මෘගයානෝ එක් දිනෙක කැල්ටුරා නම් ප්‍රාදේශීය රාජ්‍යයේ ස්වර්ණ නම් සොර නායකයන් ප්‍රමුඛ පිරිවර සමඟ බෙන්තොට නම් පෙදෙස් හී සමුද්‍රාසන්නයේ ගොඩබිමට සමාන්තරව සක්මනේ යෙදෙන්නේ... පරිවාරා සෙනාවන්ගෙන් එකෙක්, සිහ ධජද කැටිව ගමන් කෙරෙන්නේය.

      Delete
  2. සුපර් බං............ පන්සිය පනස් ජාතක පොත කියෙව්වා වගේ....... අගෙයි අම්වක් පුත් තෙමේ..... අගෙයි

    ReplyDelete
  3. මේඅතරයැ, බැරිසිලයා, ගොටුඅභයා, නෑමොලයා පමණක් නොවැ කාලුථාන යන ළදරු පාසලේ ප්‍රධාන ආචාරිනී වූ සිරිලිය නම් වූ අන්තඃපුරයේ අගමෙහෙසිය ද එප්සයිඩියෝ ද සීඅයිඩයෝ ද නිබද කැදවා ප්‍රශ්න විචාරන්නෝය. විශුද්ධ කරන ලද කහවනුවෙන් යෝ මානවක තැනු සියසැන් හි නාට්‍යන්ගනාවක් වූ යසරු නමැති නගර ශෝබිනියගේ කලවයේ ඇති ලපයක් නිසා තඩුදීනයා නමැති යෝනක තෙමේ රජු ප්‍රමිලා බිසවුගේ කලවේ ලපය දුටු නියාව කී නිසා දෙවැනි රජසිහ දස්කොන් අදිකාරම දඩුවම් කල ලෙසින්මැ පියරජුගේ මැර රාජපුරුෂයෝ කැදවා දත් කැඩීම ඇට තැලීම වැනිවූ දස වද පමුණුවා නාරංහෙන්පිටියේදී නවීන මෝටර් රථ සෑයක නංවා හළුකල නියාව හෙලිවෙන්නේ යෝ මානවකයා කොලනැති ගසට නගින්නේ නම් තමුන් කනේරු ඇට ගිල දිවි නහගන්නා නියාව සිරිලිය නම් වූ අන්තඃපුරයේ අගමෙහෙසිය කියන්නේ මැද මුලනී රජු සුනඛ සේය්යියාවෙන් මහමැති රනිලයා වෙන දනින් වැටී හඩා කියන නියාව යාබද කාමරයේ හිටංපාල ඇමති තෙමේ අසා, කොමිසය නමැති කාසි තොගයක් ගෙන දබදිවු තලයෙන් එන්නාවූන්ගේ ශරීරාවයව ගලවා වෙනෙවුන්ගේ සවිකළ නියාව දබදිව රාජපුරුෂයන් හෙළි කල නියාවෙන් කොමිසය කාසි නැති කළහයි වියරු වැටුණු පාදඩදෙනියෝ නම් වූ ජීවකයාගේ අතේ අබරා ගෙතු දඹදිව තලයෙන් කම්පීතර මැවිසුරුවන් ගෙන එන නියාව ඇසු පමණින් කිසිදු සත්‍යක් නොසොයා අමුඩයේ මලපහ කරගත් කුරුටුගාමී ඇමවක් මානවක අරභයා ඇනෝජනයා සිනහ පහල කළ සෙයින්ම අධෝමුඛයෙන් සිනා පහල කළහ. :D:D:D

    ReplyDelete
    Replies
    1. ඊ නිව්සයේ සඳරුවනයා නම් වූ බෝතල් පත්තර කරුවෙක්ගෙන් උගත් ඇනෝජනයා දොඩන්නේද, කන්නෙ ද බොන්නේද ද අධෝ මුඛයෙන්ම යැයි හෙලිදරව් වන කොමෙන්‍ටු දමමින් බ්ලොගයෙන් බ්ලොගයෙන්ට කොඉට කොටා යන්නේ කෙහෙල් ගහට ඇන්න කොටෝරු පක්ෂියා මෙන් අමාවක නම් වූ බ්ලොගයට කොටන්ට අවුත් හොට පටලාගෙන මහත් සේ කුජීත වී යනු ඇතැයි අමාවක තුමෝ දේශනා කොට වදාල සේක.

      Delete
    2. උපන්ගෙයි මෝඩයෙකු හට කැන්ගරු දෙනකගේ වල්ලභයා වූ නොයෙල් මුදලිගේ හෙවත් ගූහැත්තම් කුමරුගේ හලාහල විෂ සහිත බෙට්ටක් ගිලීමෙන් ශරීර ගතවූ විෂ නියාවෙන් දෑසම බොහෝ සෙයින් නොපෙන්නේ මධ්‍යහනද ඉතා කළුවර වී අමාවක සේ පෙනෙන්නා වුද, ගූහැත්තම් කුමරුගේ විෂ බෙටි තවත් කැවීමෙන් දෑස හරිහැටි නොපෙනෙන්නේ චණ්ඩ සුර්ය තෙමේ පවා කලමදිරියෙක් සේ පෙනෙන නියාවෙන්ද හෙතෙම ඇමවක් කලාමැදිරි තෙමේ ලෙසින් ප්‍රසිද්ධ විය. දෑසම හරිහැටි නොපෙන්නේ ඇමවක් තෙමේ කුසගින්නට දිනපතා ගූහැත්තම් කුමරුගේ විෂ බෙටි මෙන්ම පාදඩදෙනියා ජීවකගේ ද විෂ බෙටි රස මසවුළු සේ ගිලින්නේ මස්තිෂ්ක ක්‍රියාවද දිනෙන් දින හීන වී සිතන්නේ සැවොම ඇමවක් මෙන් බෙටිගිලිනා වුන් බවයි.

      Delete
  4. හයියෝ,
    යෝයෝ....

    ReplyDelete
  5. උම්මග්ගේ කියවපු කාලයක් මතක නෑ!

    ReplyDelete