ඉරා අඳුරු පට පෙරදිග අහසේ
පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර
අරුණළු උදයේ දිලිසෙන පිණිමත
පියමං කරමින්
අහස් ගව්වටයි ළං වන්නේ
ඉරු රැස් දැඩි වී ඇකිලී ගුලි වී
බොඳවී යාදෝ
මිණි කැට මිහි තුළ
පා පෙරළී ගොස්
රැඳේද අප හැම
ඉමක් නොපෙනෙනා
අහස් ගඟේ
ඉර හඳ නැති වී සුළඟ සසුම් ලන
දවසක් ඇවිදින් උදාගිරෙන්
කඳුළත් සුසුමත් හදින් ගලන තෙක්
එකමුතු වී අපි ඉමු මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ
පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර
අරුණළු උදයේ දිලිසෙන පිණිමත
පියමං කරමින්
අහස් ගව්වටයි ළං වන්නේ
ඉරු රැස් දැඩි වී ඇකිලී ගුලි වී
බොඳවී යාදෝ
මිණි කැට මිහි තුළ
පා පෙරළී ගොස්
රැඳේද අප හැම
ඉමක් නොපෙනෙනා
අහස් ගඟේ
ඉර හඳ නැති වී සුළඟ සසුම් ලන
දවසක් ඇවිදින් උදාගිරෙන්
කඳුළත් සුසුමත් හදින් ගලන තෙක්
එකමුතු වී අපි ඉමු මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ
ගායනය - සනත් නන්දසිරි
පදමාලාව -චන්ද්‍රසිරි පල්ලියගුරු
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
1974 වසරේ තිරගත වූ අහස් ගව්ව චිත්‍රපටයේ තේමා ගීතය.
රඟපෑවෝ-
විමල් කුමාර ද කොස්තා, අමරසිරි කලංසූරිය, විජය කුමාරතුංග,වික්‍රම බෝගොඩ,
ස්වර්ණා ඹල්ලවාරච්චි, බන්දුල විතානගෙ, මැණික් කුරුකුලසුරිය, මාලිනි ෆොන්සෙකා, සෝමසිරි දෙහිපිටිය,
සිරිල් වික්‍රමගෙ, අලෙක්සැන්ඩැර් ප්‍රනාන්දු, දයා තෙන්නකෝන්
මෙය මේ අච්චුවේ, එනම් කෝරස් එකක් නැතුව දිගටම ගැයෙන, මා අසා ඇති එකම ගීතයයි.
ReplyDelete