Thursday, February 9, 2017

සයිටමයේ අයිටම්

 

.සයිටම් නරක එහි ප්‍රමිතිය අඩු  නිසා හෝ නැති නිසා යැයි කීම බොළඳ හා  ඊටත් වැඩියෙන් කුහක තර්කයකි. ඊනියා ප්‍රමිතියක් තිබුණත් සයිටමයට  එකඟ විය නොහැක.
 
 මක් නිසා ද යත් එයින් අප නිදහස් අධ්‍යාපනය යැයි හඳුනා ගනු ලබන දෙය විනාශ කර දමන බැවිනි. සයිටම් මුදලාලි නොහොත් නෙවිල් ප්‍රනාන්දු යනු විශ්ව විද්‍යාලයක් ඇරඹීමට සුදුසු විද්‍යාර්ථියෙක් නොව කූට වෙලෙ‍ඳෙක් වන බැවිනි. සයිටමය යනු තරුණයන්ගේ සිහින ගසා කෑමට සාදා ගත් කෙමණකි. එම කෙමණට අසුවන උන් කුඩමසුන්  සේ විනාශ ය කරා යති. වෙනසකට ඇත්තේ උන් වෙදුන් වී රටේ ජනතාවත් සමගම විනාශයට යාමට තැත් කිරීමයි.
 
ප්‍රමිතිය ගැන කතා කිරීම අමන කමකි.මක් නිසාද යත් සයිටම් වාදින්ම එයට  ඉතා හොඳ පිළිතුරක් දෙන බැවිනි. ඔවුන් කියන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල වල උගැන්වූ මහාචාර්යවරුන් 14ක් හෝ 15ක් දැනටමත් සයිටම් හි සේවය  කරන බවත් සමහර රජයේ වෛද්‍ය විද්‍යාලවල මහාචාර්යවරුන් ඇත්තේ ඊට අඩුවෙන් බවත්ය.
සයිටම් ආයතනය නිදහස් අධ්‍යාපනයට එල්ල කරන නියම තර්ජනය ඇත්තේ එහිය.තම මුදල් බලය යොදවමින් රාජ්‍ය විශ්ව විද්‍යාලවල සේවය කරන ඇදුරන් එයට ඇද ගැනීමය. මෙය වඩාත් උග්‍රවන්නේ රජයේ සරසවි ඇදුරන්ට අඩු වැ‍ටුප් හා ඉතා අයපත් කොන්දේසි යටතේ සේවය කිරීමට සිදුව ඇති නිසා සයිටම් මුදලාලිලාට ඉතා පහසුවෙන් ඔවුන් ඇද ගත හැකි  වීමය. .
 
 එසේම රජය ක්‍රම ක්‍රමයෙන් අධ්‍යාපනයට යොදවන මුදල් කප්පාදු කරමින් පෞද්ගලික විශ්ව විද්‍යාල දියුණු කිරීමට මිලියන සිය ගණන් කප්පම්  දෙන තත්වයක් තුල මෙය තවත් උග්‍ර වනු ඇත.
 
ඉතා විශාල ආයෝජන සහිත පෞද්ගලික විශ්වවිද්‍යාල ඉදිරියේදී ගෙන ඒමට රජය දරණ උත්සාහයේ අනිවාර්ය ප්‍රතිපලය වනුයේ රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය ක්‍රමයෙන් විනාශ වීමය. පාලකයින්ට අවශ්‍ය වී ඇත්තේද එයයි.
 
මේ සයිටම් විරෝධී සටන , හුදු නෙවිල් ප්‍රනාන්දු මුදලාලිට එරෙහි සටනක් නොව නිදහස් අධ්‍යාපනය ‍රැක ගැනීමේ සටනක් කර ගත යුත්තේ ඒ නිසාය.

13 comments:

  1. මේ කතාව ඇත්ත. ඒත් ඒක අදාල ගොබ්බයන්ට කවදා හෝ තේරෙයිද කියන ප්‍රශ්නය තමයි තියෙන්නේ.

    ReplyDelete
  2. නිදහස් අධ්‍යාපනය වැනසෙන්න පටන් ගන්නේ සයිටම් වලින් යයයි හිතාගෙන ඉන්න ඔයාලා වගේ අය වෙනුවෙන් අපේ බලවත් මෙව්වා එක..

    රටේ වර්තමාන තත්වය ගැන ඔයාලගේ දැනුවත්කම එතැනින්ම හොඳට පේනවා..

    ආණ්ඩුවේ ෆැකල්ටි වලින් දොට්ට බහින ඩොකාලා ටික විතරයි ඉස්තරම් ම කියලා හිතාන්ගෙනත් ඉන්න ඔයාල වෙනුවෙන් ආපහු අපේ බලවත් මෙව්වා එක...

    ReplyDelete
    Replies
    1. සයිටම් කියන්නේ සල්ලි තියෙන මනුස්සයෙක් ගේ ආයෝජනයක්.
      ආණ්ඩුවේ හිඟන දොස්තරලාගේ ප්‍රයිවට් චැනල් පෙට්ටි කඩ වලට වඩා නම් ටිකක් වෙනස් තමා.

      සයිටම් එකේ කරන්නේ වෛද්‍ය විද්‍යාව විකුණන එක.
      හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙච්චි අයට ආණ්ඩුවෙන් නොමිලේ වෛද්‍ය විද්‍යාව උගන්නන කොට සයිටම් එකෙන් එක සල්ලිවලට උගන්නනවා .

      ආණ්ඩුවේ කැම්පස් වලට ඇතුල් වෙන්න බැරි වෙච්චි සහ මොනා හරි කරලා සයිටම් ෆීස් ගෙවන්න පුළුවන් අය සයිටම් ගිහින් ඉගෙන ගන්නවා...

      ඔන්න ඔච්චරයි කතාව..
      මෙතන එන එකම ගැටළුව සයිටම් එකේ MBBS එකයි ආණ්ඩුවේ එකයි එකම ප්‍රමිතියට තියෙනවා ද කියන එක විතරයි.

      සයිටම් ප්‍රමිතිය අඩු නම් හදා ගන්න එක සයිටම් එකේ වැඩක් සහ ඒක හරි විදියට නියාමනය කරන එක SLMC එකේ වැඩක්.

      SLMC එකටයි එකේ ඉන්න අර නාකි හම්පඩයටයි ඕකවත් කරගන්න බැරි නම් , සයිටම් නෙමෙයි හරිනම් වහන්න ඕන ඒ SLMC එකයි..

      Delete
    2. මෙතැන තියෙන්නේ ප්‍රමිතිය පිලිබඳ ප්‍රශ්නයක් කියලා හිතනවා නම් ඔයාට තියෙන්නේ මොලය තියෙන තැන ගැන ප්‍රශ්නයක්. ඒ ගැන අපේ මෙව්වා එක.4

      Delete
    3. ලියවිල්ලක අනිත් කිසිම දෙයක් කියවන්නේ නැතිව තමුන්ට ඕන කරන වචනේ විතරක් හොයාගෙන අල්ලාගෙන තප්පුලන ඔයාගේ මොලේ නම් අනේ මොලේ තමයි මොලේ..

      Delete
    4. //සයිටම් කියන්නේ සල්ලි තියෙන මනුස්සයෙක් ගේ ආයෝජනයක්.//
      අනේ බන් නොදන්න මල මගුල් කතා නොකර සයිටම් පටන් ගත්තහැටි හොයලා බලපන්.ඕක ඔය ඒ කාලේ පරන සෙන්ට්රල් එකේ හිටිය නර්ස්ලා පවා දන්නවා.උඹලා වගේ ගොබ්බයන්ට පොඩ්ඩක් සල්ලි තියෙන කෙනෙක් දැක්කොත් වදින්නත් හිතෙන බව වේනවා

      Delete
  3. Slmc හරහා නියාමනය කරන්න නීති ගේන්නැයි බල නොකර අහෝසි කරන්න කියන එක කුහකයි. ආංඩුවට වෛද්‍යවරුන් බිහිකරන්න සල්ලි නෑ කියල පිටරටට ඇදිල යන සල්ලි වලින් රට ඇතුළෙම නිසි අධ්‍යාපනයකින් වෛද්‍යවරු බිහිකරන්නට ඉඩ නොදෙන එක හරිම පසුගාමී වැඩක්. ආංඩුවෙන් පෙරල ගන්න සොච්චං පිරිස විතරද ඉගෙන ගන්න ඕනෙ ?
    නිවැරැදි ක්‍රමවේදයක් නියාමනයක් යටතේ තවත් පෞද්ගලික විද්‍යවිද්‍යාල බිහිවිය යුතුයි. සයිටමයත් පියවරක් පස්සට අරං නිසි නියාමනයකට යටත් විය යුතුයි. වරද හදාගන්න මෙතෙක් ඉගෙන ගත්ත අයට තව කාලය දීර්ඝ කොට අවශ්‍ය මට්ටමට ගෙනාවත් කමක් නෑ. විදේශයේ ඉගෙන ගෙන එන අයට තියෙන විභාගයටම මුහුණ දෙන්න හැකි වන අන්දමට.

    ReplyDelete
    Replies
    1. // ආංඩුවෙන් පෙරල ගන්න සොච්චං පිරිස විතරද ඉගෙන ගන්න ඕනෙ ?//
      ගොනෝ, ලෝකෙ උසස් විශ්ව විද්යාල හැම එකකම හොදම ප්රතිපල තියෙන අයට විතරයි මෙඩිසින් කරන්න පුලුවන්.මෙඩිසින් කරන්න ඕනෙ වුනාටම මෙඩිසින් කරන්න බෑකියලවත් දන්නේ නැද්ද.ඒකට පෙරල තමයි ගන්නේ.ලෝකෙ දියුනු රටවල පවා දොස්තරවරු හිගයක් තියෙන්නේ හැම එකාටම මෙඩිසින් කරන්න බැරි හින්ද කියල තෙරුම් ගනින්

      Delete
    2. එතකොට දිස්ත්‍රික් පදනමෙන් රොඩු බොඩුත් පෙරිල ඇවිත් කොළඹ ක්‍රීම් හැලෙන බව අමතක වුණාද.. ලංකාවෙ හොඳම ප්‍රතිඵල තියෙන අයමද මෙඩිසින් කරන්නෙ. පුකෙනුත් හිනා.. මාර මොලේ නේ..

      Delete
    3. හරකෝ, ඉස්සෙල්ලා දිස්ත්රික් පදනම කියන්නේ මොකක්ද කියලා හොයලා බලපන්. ඒකෙන් ගන්න ගාන හොයලා බලපන්.ඒක ගෙනාවේ මොකටද යෝජනා කලේ කව්ද මොකටද කියලාහොයලා බලපන්. දිස්ත්රික් පදනම කියන්නේ ලන්කාවේ පිලිගත් ක්රමවේදයක්. උසස් පෙල ලියන්න කලින් කවුරුත් දන්න වා ඕකගැන.උබ අමුතුවෙන් කියන්න ඕනැනැහැ. දිස්ත්රික් පදනම වැරදියි නම් ඒක කියන්න ඕනැ පිලිගත් රිසර්ච් එකකින් පසු අද්යාපනය ගැන දන්නා විද්වතුන්.උබලාවගේ ගොබ්බයන් නොවෙයි.

      Delete
    4. දිස්ත්‍රික් පදනමෙන්, ඒත් දිස්ත්‍රික්කෙ කොළඹ සීමාවෙන් ගිය අපි ඔය පදනම ගැන දන්නෙ කොයි කාලෙ ඉඳං ද. අපිත්තෙක්ක මෙඩ්ඩොත් ගියා හිටං. රිසල්ට් න්ඞ අහන්න එපා. මගෙ නොවෙයි. ගිය මෙඩ්ඩන්ගෙ.

      Delete