Tuesday, February 7, 2017

මේ තරම් ආතල්ද සයිටම්





මේ තරම් ආතල්ද සයිටම්
 හිතන්නටවත් බැරි නිසා
 මම ගියා සයිටම් එකේ
  ලොක්කෙකු   සොයා...
 
ආණ්ඩුවේ ඉස්පිරිතාලයේ
  ඇඳක් යට  පැදුරක් එලා
හො‍ටු හූරමින් බලයි ඔහු
 ආණ්ඩුවේ දොස්තර දිහා...
 
සයිටමේ රෝහලට  නුඹ
 නොගියේ ඇයිදැයි කියා
 මා ඇසූ විට හිනැහුනා ඔහු
මං පණට ආදරෙයි කියා...


 

Friday, February 3, 2017

ස්වර්ණ(පොලිස්) වාහිනියේ මී හරක් වාර්තාකරණය







ඊයේ කොළඹ කො‍ටුව ප්‍රදේශයේදී සයිටම් විරෝධී සරසවි සිසු පාගමනට පොලීසිය එල්ල කළ මෘග ප්‍රහාරය නිසා මලමිනී විකුණමින් තම ජීවිකාව සරි කරගන්නා හරේන්ද්‍ර ජයලාල් ප්‍රමුඛ ස්වර්ණවාහිනි නඩය මහත් අමනානන්දයට පත්ව සිටී.

මේ අමනවාහිනියට අනුව පොලිස් ප්‍රහාරය එල්ල වූයේ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් අපහසුතාවට පත් වීම වැලක් වීමට බවයි. නමුත් ආණ්ඩුවට පක්ෂපාත පාගමන්, පෙලපාලි වලින් එසේ සිදු නොවන බව සිරි ලංකා පොලෝසිය මෙන්ම පොලොසියේ මාධ්‍ය අංශය ලෙස කටයුතු කරන ස්වර්ණවාහිනි නඩයද නිගමනය කර ඇත. ඔවුන්ට අනුව මහජනයා අපහසුතාවට පත් වෙන්නේ ආණ්ඩු විරෝධී ‍රැලි වලින් පමණි.

ලොවෙත් නැති නිදහසක් සමරන්නට යැයි කියමින් මේ දිනවල මාර්ග වසමින් ජනයා අපහසුතාවට පත් කරන ඊනියා නිදහස් පෙරහුරු ගැන මෙම මීහරක් වාර්තාකරුවන්ට වගේ වගක් නැත. ඒ ඔවුන් වැඩ කරන්නේ නෙවිල් ප්‍රනාන්දුගේ අරක්කු කාලට හා බත් පැකට් එකට නිසාවෙනි.

මෙම තක්කඩි මාධ්‍යකරුවන්ට අනුව සිසුන්ගේ පා ගමන් නිසා අහපසුතාවට ලක් වෙන්නේ සයිටම් හා කිසි සම්බන්ධය්ක් නැති ජනතාවය. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ග්‍රාමීය පාසල් වලින් ඉගෙනුම ලබා කොළඹ පැමිණ ටයි කෝට් අඳින හරේන්ද්‍ර ජයලාල් ලාට අනුව නිදහස් අධ්‍යාපනය, අධ්‍යාපනය මුදලාලිකරණය බලපාන්නේ වෛද්‍ය සිසුන්ට පමණි. මොළය උඩ වාඩි වී ප්‍රවෘත්ති කියවන හරෙන්ද්‍ර බඳු ගිරා පැටවුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වීම මීහරකුන්ගෙන් අවකලනය දැනුම බලාපොරොත්තු වීම  හා සමාන දෙයකි.මෙම සිදු වීමේදී සිසුන් අත් අඩංගුවට පත් වීම මෙම මී හරකුන් වාර්තා කල  පිළිකුල් සහගත  ආකාරයෙන් පෙනී යන්නේ මොවුන් මොලේ නැති මෝඩයින්ටත් වඩා අමන තක්කඩි  ලේ පිපාසිත නරුමයන් ‍රැලක් බවයි

දුප්පතුන්ගේ රන් භාණ්ඩ උකසට ගෙන ගිනි පොලියෙන් ජීවත් වන එදිරිසිංහලාගේ දාසයින් වන හරේන්ද්‍රා ලා අද සිතන්නේ තමන්ද අයත් වන්නේ ධනපති පංතියට බවයි. ඔවුන් නොදන්නා කාරණය නම්  ඔවුන් තබා ඔවුන්ගේ හාම්පුතුන්වත් එම පංතියට අයත් නොවන බවත්, ඔවුන් සියල්ල පාදඩ ධනපතියන් බවත්ය. ජයලාල් ලාගෙන් අවශ්‍ය සේවය ලබාගෙන නිම වූ පසු පස්ස පැත්තට නොහොත් උන්ගේ මොලයට පා පහර දී දොට්ට දමන බවයි.

.

Wednesday, February 1, 2017

හොර උපාධි කඩේ පිළිගනු !


 

අද ලැබුණ තීන්දුව ගැන අප වඩා බියවිය යුත්තේ SAITM ශිෂ්‍යයන්ට වෛද්‍ය පත්වීම් ලැබෙන නිසා නොවේ, නිදහස් අධ්‍යාපනයේ මළගම නිසාත් නොවේ (ඔය කියන නිදහස් අධ්‍යාපනය මියගොස් ...බොහෝකල්‍ ය) , අධිකරණයේ ස්වාධීනත්වය පරශ්නකාරී වන නිසාත් නොවේ... සැබෑ ප්‍රශ්ණය ගරු අධිකරණය විසින් නිර්වචනය කර ඇති පරිදි වෛද්‍ය උපාධිදාරීන්ට ලංකාවේ ලියාපදිංචිය තීරණය කිරීමෙහි ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කාර්යයභාරයයි. එසේ තීරණය කිරීමේදී වෛද්‍ය සභාව (SLMC ) කෙතෙක් දුරට බලයක් උසුලන්නේද , ඇමතිවරයාට කොපමණ බලයක් ඇතිද යනුවෙන් අධිකරණ තීන්දුවෙන් පෙනීයන කාරණා ඇඟ කිලිපොලා යන සුලුය.



සයිටම් වෛද්‍ය උපාධිදාරීන්ට ලියාපදිංචිය ලබාදෙන ලෙස දුන් තීන්දුවේ පදනම ආරංචි වන ආකාරයට මෙසේයි. මේ කරුණු වෙනස් විය හැක.


වෛද්‍ය උපාධිදාරීන්ට ලියාපදිංචිය ලබා දීමේදී ශ්‍රිලංකා වෛද්‍ය සභාවට නෛතික බලතලයක් නැත. ඇත්තේ නිර්දේශ නිකුත්කිරීමේ හැකියාව පමණි. එම නිර්දේශ යන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාටය. එසේ නිකුත්කරන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ හෝ නිශේදනය කිරීමේ සම්පූර්ණ බලය ඇත්තේ සෞඛ්‍ය ඇමති වරයාටය. මීට පෙර වෛද්‍ය සභාව  මගින් සයිටම් ආයතනය වෛද්‍ය උපාදිය ලබාදීමට අවශ්‍ය සුදුසුකම් ලබා නැතිබවට වාර්තා අමාත්‍යවරයාට ඉදිරිපත්කර ඇත. මෙතෙක් කල් සයිටම් සම්බන්ධයෙන් එසේ නිකුත් කල නිර්දේශය සෞඛ්‍ය ඇමතිතුමා විසින් (කුමක් හෝ හේතුවකට )සැලකිල්ලට ගෙන නැත. අධිකරණ නියෝගය වන්නේ එසේ සැලකිල්ලට නොගැනීම වරදක් බවත්, එය වරදක් ලෙස සලකා දඬුවම ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි සයිටම් උපාධිදාරීන්ට ලියාපදිංචිය ලබා දීමයි. මීට එහා ගිය දඬුවමක් ඇමතිට ලබා දී නැත.
දැන් අධිකරණය අර්ථකථනය කරන පරිදි කුමන හෝ තත්වයක තිබෙන වෛද්‍යපීඨයක උපාදිය පිලිගැනීමේ සහ එයින් එලියට එන වෛද්‍ය උපාධිදාරියෙකුට වෛද්‍යවරයකු ලෙස ලංකාවේ ලියාපදිංචි වී වැඩ කිරීමේ යෝග්‍යතාව නිර්දේශකිරීමේ SLMC 'නිර්දේශ' පිලිගැනීමේ හෝ නොගැනීමේ හැකියාව සෞඛ්‍ය ඇමතිවරයාට ඇත. එය සිදුවන්නේ ඔහුගේ දැනුමේ අවබෝධයේ හැටියටය. ( ලංකාවේ සිදුවිය හැකි possibilities , scenarios ගැන මතක් කර හිරිගඩු පිපෙන හැටි බලන්න )




ඉතින් මේ කියන හැටියට ලංකාවට SLMC එකක් මොකටද? සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙපමණ සංවේදී කරුණක් නියාමනය සිදුවිය යුත්තේ ඇමති අතින් නම් මේ රටේ සෞඛ්‍යයේ අනිත් තැන් නියාමනය කරන්නේ මොන එකකටද? Guidelines, protocol, training programs , researches, inquiries කර මේ quality එක පවත්වාගැනීමට මෙච්චර මහන්සියක් වෙන්නෙ මොකටද? මේ ඕනෙම එකක් අභියෝගයට ලක් කිරීමේ හැකියාව දැන් ලැබී ඇත. SLMC හි ශක්තිය දැන් ප්‍රශ්න කර හමාරය. මේ හානිය මෙතනින් නවතින එකක් නැත. උදාහරණයකට ගතහොත් වෛද්‍යසභාවෙන් නියාමනය කෙරුණු pharmacy, nursing, paramedics, dental ආදී අංශ ගණනක් මේ මගින් ඉතිහාසයේ නොවූ විරූ තරම් ප්‍රශ්න වලට මුහුණ දෙනු ඇත. මෙච්චර කාලයකට අවම බලපෑමක් යටතේ ලංකාවේ සෞඛ්‍යය නියාමනය කරපු SLMC හි ඩියුටි එක ජෝක් එකක් කර ඇත. මෙය වහා නිවැරදි කර ගත යුතුය. SLMC රැක ගැනීමට , එහි නෛතික සිදුරු වසා සවිමත් කිරීමට පුලුල් නීතිමය, දේශපාලන ක්‍රියාවලියක් දියත් කල යුතුය. ජනවාරි 8 ස්වාධීන කොමිෂන් සභා ගැන සිහින දැක දැක මේ ආණ්ඩුව පත්කරගත්ත මිනිස්සුන්ට අඩුම තරමේ මෙච්චර කල් පොඩ්ඩක් හරි ස්වාධීනව වැඩ කරපු ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වත් රැක දිය යුතුය.(https://www.facebook.com/FreeEducationSL/?hc_ref=NEWSFEED)


Saturday, January 28, 2017

මා වැරදිද ඔබ කියන්න

 

වසර 2013 වප් සිටවූ මස පුන් පොහොය දින අප විහාරයට බොහෝ ශ්‍රධා වන්තයින් පැමිණියා. ඒ අතර ඉංජිනේරු සංස්ථාවේ මහත්වරුන්ද පැමිණියා. නමුත්, ඔහුන් ආපසු යන විට ඔහුන් පැමිණි වාහන කිහිපයක් අමතකවී ගොස් තිබුණා. කිහිප විටක් මේවා රැගෙන යන්න කීයා දැනුම් දුන්නත්, කාර්යබහුල ඔහුන්ට නැවත පැමිණීමේ හැකියාවක් තිබුණේ නෑ. නමුත් එම වාහන නඩත්තු වන්නේ ජනතා මුදලින් වන නිසා, ජනතාවටම පිණ් පිණිස විහාරයේ වැඩවලටත්, රාවණාබල වැඩ වලටත් පාවිච්චි කළා. එය වරදක්ද.?

   උපුටනය-  Lotus bud නෙළුම් පොහොට්ටුව

Friday, January 27, 2017

කොස් කොළ තොප්පි හා ක්‍රෝටන් කොළ මාල






ඉදිරියේ දී රටට මුහුණ දෙන්න වෙන නිය‍ඟෙට මුහුණ දෙන්න කළ යුතු දේවල් හා සම්ප්‍රදායික ආහාර රටාවෙන් අපිට ලබා ගන්න පුලුවන් දේවල් ගැන තිබුණු සම්මන්ත්‍රණයකදී කෘෂිකර්ම අධ්‍යක්ෂ රොහාන් විජේකෝන් උන්නැහේ කිව්ව කතාවක්  අල්ලගෙන ආණ්ඩුවට ගහන්ට බයියොත් , ආණ්ඩුවේ බෙට්ටත් සුවඳයි කියන ටොයියොත් මේ දවස් වල කිපිලා ජාලේ දෙවනත් කරන්නේ  පිස්සු බල්ලෝ වගේ.

 කතාවෙන් එක සුට්ටන් කොටසක් අල්ලගෙන  උන්නැහෙට පුන්නක්කු හා තණ කොළ දෙන්ට දඟලන මේ මන්දබුද්ධික සේනාව කරන විගඩම  නියම ශ්‍රී ලාංකික බූරු කම පෙන්නනවා. බ්ලොග් ලෝකේ කෙරුමෝ කියලා හිතන් ඉන්න එක බ්ලොග් කාරයෙකුත් මේ ගැන මොට්ට කතාවක් ලියලා තිවුණා, තමන්ගේ බුද්ධි ප්‍රමාණයේ දිග පළල පෙන්නන්ට වෙන්ටෑ.

මේ ක්‍රෝටන් කොළ  ප්‍රශ්නය ලංකාවේ කසි කබල් පාදඩ දේශපාලනය මොන වගේ එකක්ද කියලා කියන්න හොඳ උදාහරණයක්. වැලේ වැල් නැතිව ඉන්න විපක්ෂ බූරුවොයි, යහපාලනේ නා ගන්න දිහා  බලන් ඉඳලා කුජීත වෙලා ඉන්න ආණ්ඩුවට කඩේ යන ගොබ්බ සේනලායි දෙකම එකයි. මුන්ගේ කටවල් ඇරියාම මොලේ වැඩ කරන එක නවතිනවා. මේ බත් ගිලින වහන්සේලාට කොළ ටිකක් කවලා මොලේ පාදන්න හැදුව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් උන්නැහෙට ත් මේවා හොඳ පාඩම්.

මේ නියඟේට මූණ දෙන්න පහුගිය ජූනි වල ඉඳලා කරගෙන යන වැඩ සටහනේ එක කොටසක් විතරයි  මේ විකල්ප එලවළු හෙවීම. නිය‍ඟෙට ඔරොත්තු දෙන අල බතල, බඬ ඉරිඟු, සෝයා වගේ දේවල් ගැන , වී වගාවට වැඩිය එලවළු වගාව ට අවධානය දෙන්න, හාල් පරිභෝජනය අඩු කරලා එලවලු පලා වැඩි පුර කන්න කියන්න වැඩ සටහන් විශාල ගානක්  කරගෙන යනවා.

එකේ එක කොටසක් වෙච්චි සම්ප්‍රාදයික ආහාර වර්ග මේ සඳහා යොදාගන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරන සභාවේ දි මතු කරපු ඉතාම කුඩා , ඒ වගේම අනගි අදහසක් ගැන මේ විදියට ගොරවන උන්දැලාට දෙන්ට ඕනෑ කොස් කොළ නෙවේ පිදුරු.


Monday, January 23, 2017

උඹයි විමල් පුතා සමත් !


 
ලක් වැසියන් පොළවෙ හැපී
අහවල් එකෙනුත් වැඳපී
එහෙව් රජ මමත් කාපී...

පුත නුඹටත් කවමි ටොපී
 
ජාතිය රන් තලියක් වේ
ආගම ගිනි ගුලියක් වේ
දෙක විකුණන්නට මෙලොවේ
එකෙක් වෙතොත් පුත නුඹ වේ
 
එහෙව් කේස් ලංකාවේ
දූෂණ දසතින් අහුවේ
ඇදුණොත් හරි කතා ලොවේ
උඹෙත් මගෙත් නම් කියවේ
 
පෙර කළ වාහන හොරකම්
අහු වී ලැබුණත් ගැරහුම්
අඹරණු ගුලි පුළුවන් නම්
උඹයි වීර පුතා උතුම්
 
තමන් ලැබූ ඇමති පොතේ
කොටසක් තම පවුල වෙතේ
නොම ගත්තොත් උඹෙන් පුතේ
පවුලට කිසි පලක් නැතේ
 
ඒකට වැඩ කොට දිගටත්
හරහට ලැබුණ ම ටොපියත්
'රට' ගැන බයිල ම කියතොත්
උඹයි විමල් පුතා සමත්
 
ජනයට හිමි පොදු දේ නම්
බදු බර තව නැති බැරි කම්
එතැනදි ජාතිය විකුණං
කෑම තමයි හොර - විරු කම්
 
රජයෙදි ඉහගෙන කන්නේ
විපසෙ දි 'පලි' මොර දෙන්නේ
විමලුන් බව කියමින්නේ
'වීරයා' ඇතුළට යන්නේ
 
¬ චීන ජාති(ක)වාදී පී. මහේන්ද්‍ර කිංකොං
 

Friday, January 20, 2017

සෙනසුරු කක්ෂයෙන් පිට පනියි

 
 

මල කෙලියකි. බයි පුතාලාට දුකද ටොයි පුතාලට සතුට ද ගෙන දෙමින් නාහෙට නාහන සෙනසුරු තම කක්ෂයෙන් පිට පැන තිබේ. මෙසේ කියන්නේ අප නොව පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව කුජීත වී සිටින සිරි ලංකවේ යන්ත්‍ර මන්ත්‍ර ජ්‍යෝතිෂ්‍ය  නක්ෂස්ත්‍ර කාර රොත්තේ එක් හනුමාන් කෙනෙකුන් වන තුවක්කු බට් නාම පලක්ෂිත විජිත් රෝහණ විජේමුණි උන්නැහේය.

එලඹෙන ජනවාරි 27 දා අනිවාර්යෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මිය යන බව කියමින් මහ පොලොව පල්ල දිවුරමින්    රාජපක්ෂවාදින් චූන් කළ විජිත් රෝහණ විජේමුණි   හදිසියේම තම අනාවැකිය වෙනස් කර ජනාධිපතිවරයා මිය යන්නේ ජනවාරි නොව ඔක්‍තෝබර් මාසයේ බව දැන් කියයි.

ඊට හේතුව වන්නේ සෙනසුරා හදිසියේ තම ගමන්  මාර්ගය වෙනස් කිරීමයි. මල කෙලි ඩබලකි. සෙනසුරුට හදිසියේ තම ගමන් මග වෙනස් කිරීමට සිතී ඇත. මේවාට හිනා වෙමින් සිටි අපටද දැන් මේ ගැන බැරෑරුම් ලෙස සිතීමට කාලය එලඹ ඇත.

මක් නිසාද යත් අප දන්නා එකම සෙනසුරා නම් යුරේනස් හා බෘහස්පති අතර සිටිමින් සූර්යා වටේ කැරකෙන සෙනසුරා පමණක් වීම නිසාය. ඉතින් හත්වලාමේ ඌ තමන්ගේ ගමන් මාර්ගය හෙවත් කක්ෂයෙන් පිට පැන්නොත් මරණය ෂුවර්ය. හැබැයි ඒ ජනාධිපතිවරයාට විතරක් නෙවේ. මේ ශ්‍රී පෘතුවියේ සිටින සියලු දෙනාටය.

විජේමුණි උන්නැහේ කියන්නේ ඇත්තනම් අප සියලු දෙනා දැන් කළ යුත්තේ රාජපක්ෂ ආණ්ඩුවක් සැදීමට වලි කෑම නොව සුපර් මෑන්ගේ තාත්තා ජෝර්- එල්  කළා මෙන් තමන්ගේ රොකට්‍ටු හදා ගෙන මේ විනාශ වෙන ග්‍රහ ලෝකයෙන් පැන වෙනත් සෞර ග්‍රහ මණ්ඩලයක් සොයා යෑමය. අපේ මේ සෞර ග්‍රහ මණ්ඩලයට පුලුවන් තරම් ඈතින් පිහිටි මණ්ඩලයක් සොයා ගන්නවා නම් ඇඟට හොඳය.

සටහන- ලෝකයේ  ඇති සියල්ල  විද්‍යාවට විස්තර කළ නොහැකි බවත් , නොපෙනෙන බලවේග ඇති බවත්  කියමින් මා සමග කොකු දමා ගැනීමට කවුරුන් හෝ සිතන්නේ නම් ඔහුට /ඇයට බරපතල ලෙස වැරදිලාය. ඔහේලා නොපෙනෙන බලවේග එක්ක මෙහෙ ඉන්න. මම නම් නතර වෙන්නේ අඩුම තරමෙන් ඇල්ෆා සෙන්චූරි වටේ තියන ග්‍රහ ලෝකයකය.  කමැති නම් එහෙදී හම්බ වෙමු.

Thursday, January 19, 2017

මඤ්ඤං දීපයේ අස් රිය ප්‍රශ්නය කෙසේද යත්

 

තවද යටගිය දවස ජම්බුද්වීප  පාද මස්තකයේ වූ  මඤ්ඤං දීප නම් වූ කොදෙව්වේ මැද මූලනි බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරමින් සිටිනා සඳ   හිට්ටාණපාල නම් වූ ඇමැත්තා තෙමේ රා නීලයා නම් වූ  පුරිස සමග කුමන්ත්‍රණ කොට පියා රාජ්‍ය බලය ලබා ගන්නේ අප නම් මැද මූලනියා  මෙන් නොව මහත් වූ යහ පාලනය කරන්නේද, ලිච්ඡවී රජ දරුන් මෙන් සමගියෙන් සිටින්නේ ද ආදි වශයෙන් වහසි බස් දොඩමින් සිටින්නෝය.    

ඉදින් ඒ අතර රා නිලයා ද විසිවසක් කඹුට ලබා ගත් මහමැති කම වෙදැයි කිය කියා අර්ජුනයා නම් වූ පුරිසා කැඳවා භාණ්ඩාගාරය සිස් කරන්නට වන්නෝය.

මඤ්ඤං දීපයේ ජනයා ද පුරුදු ලෙසම මඤ්ඤං කෙලිමින් මහත් සේ උදම් ව කදිමැයි කදිමැයි කියමින් ප්‍රීති ඝෝෂා නගා   වයිපයියක් නොමිලේ ලැබෙන තෙක් උඩ බලාගෙන සිටි සඳ  නොමිලේ ලැබෙන වයිපයිය කෙසේවෙතත් තිබුණු පයියද නැති වී යන බවක් දැක වෙළෙවි වී ගියේ කුම් කරමුදැයි තැන තැන කොඳුරන්නට වන්නේ තැන තැන මහත් වූ ඝෝෂා නගන්නට වන්නෝය.

එසඳ හිට්ටාන පාල රජුරුවෝද , රානිලයාද රාජ සභාව කැඳවා අපි දැන් කුමක් කරමුදැයි විචාරන කල , ආනුර නම් වූ කුමාරයා කියන්නේ " දේවයිනි , තොප ජනයාට කියු ලෙස මැද මූලනියාගේ සොර කම් එලි කරව, එවිට ජනයා මද කලක් සංසුං කර ගත හැකි වෙ දැයි කියා සිටියේය. එකල රානිලයා ද කියන්නේ  " බල කොලුව අප කෙසේ නම් මැද මූලනියා සොර කල් කලැයි කියා සිපිරි ගෙට දක්කන්නේද? උහු අප විසින් අර්ජුනයා ලවා කෙරවූ සොරකම් හෙලි නොකර සිටිත්දැයි විමසා සිටියෝය.

එකල ආනුරයා කියන්නේ " එම්බා රානිලය. තොප නම් මහත් වූ මන්ද බුද්ධිකයෙක් නොවේද? මැදමූලනියා සිපිරි ගෙට දක්කන්නට සදන්නේ තා උමතුවෙන්ද? තොප කළ යුත්තේ මැද මූලනියා සමග ඩීල නම් වූ කථිකාවක් කොට උහු  සිපිරිගෙට දක්වන ව්‍යාජයක් රඟ දැක් වීම පමණක් නොවෙදැයි කියා සිටියහ.

ඔහුගේ මහත් වටනා වූ උවදෙස් ඇසූ හිට්ටානපාල රජ්ජුරු තැනද, මහමැති රානිලයාද මැදමූලනියා හා ඩීල දමා කුඩා කුඩා සොරකම් කළැයි කියමින් මැද මූලනියා ගේ සව්වන් එපසයිඩිය නම් වූ තැනට ගෙන්වන්නේ මදක් ප්‍රශ්න විචාරා , උන් පොහොයකටද දෙපොහොයකටද   ආදි වශයෙන් සිපිරි ගෙට යවා ඉනික්බිති   නැවත නිරුපද්‍රිතව නිවෙස් කරා  යවන්නේය.ඉදින් එම චෞර පුරුෂයෝද මහත් වීරයින් සේ දෑත් ඔසවා යදම් පෙන්වා ජය ඝෝෂා නගමින් සිපිරිගෙටත් ඉක්බිති උහුගේම ගෙටත් යන්නෝය.

මේ ආකාරයෙන් විටෙක භාණ්ඩ මිල උත්පාතනය වන විටද, තෙලබනුවේ පිරිවැය වැඩි වන විටද, ආදි වශයෙන් නොයෙක් විට එක් එක් පුරුෂයින් එපසයිඩියට කැඳවා උන් හා පයුරු පාසනම් කොට මහත් වූ විකාර රඟ දක්වමින් සිටින්නෝය.

ඉදින් මෙසේ කලක් ගත වන විට මඤ්ඤං දීපය මහත් වූ නියඟයකට ගොදුරු වන්නේ ජනයා මහත් වූ පීඩාවට පත් ව හඬ නගන්නට පටන් ගත්‍තෝය. නියඟය නිසාවෙන් ගොවි තැන්  විනාශ වන්නේ සහල් නැලියක්  මිලට ගන්නට කහවනු කරත්තයක් පවා මදි වුනෝය. ඒ අතර විල්පත්තු නම් වූ මහත් වනයක් ඇමත්තෙක් විසින් නසන්නේ යැයි තවත් ජනයා හඬ නගන්නෝය, එසේ ජනයා පීඩාවට පත්ව කුපිතව සිටින සඳ රානිලයා තෙමේ සිතුණු සිතුණු විට විදෙස් ගතවන්නේ තම සව්වන් ප්‍රීති කිරීම සඳහා එකෙකුන්ට කහවණු ලක්ෂය බැගින් දෙන්නෙමො යැයිද, අලංකාර අස් රියක් දෙන්නෙමෝ යැයිද ආදි වශයෙන් කතා කියන්නේ , ජනයා තව තවත් කුපිතව ගියාහුය.

එකල්හි රානිලයාද, ආනුරයාද, හිට්ටන් පාලයද සය කන් මන්ත්‍රණ පවත් වන්නේ දැන් නම් කුඩා කුඩා පුරිසන් සිපිරි ගෙට දක්කා මදිය. මහ එකෙකුන්ම අල්ලා ‍රැඟුමක් දැක්විය යුතු යැයි සිතා මැදමූලනියා බණවා මේ සතුයේ එපසයිඩියට යවන්නේ කවුරුන්ද, මහ එකෙකුන්ම සිටියොත් මනා යැයි ඩීලක් දමන්නෝය.
මැදමූලනියාද සිතන්නේ පචායුද මානවකයා ඊට සුදුසු යැයි ද, උහුගේ මහත් සොරකම්  ගැන නොවිමසා අස් රිය ප්‍රශ්නය පමණක් විමසා සිටිනු මැනැයි දන්වා සිටියේය.

ඉදින් අස් රිය ප්‍රශ්නය කෙසේද යත් , මැදමූලනියා රාජ්‍ය කරන සමයේ  ඇමත්තෙක් ව සිටි පචායුද තෙමේ  තම සකල ඥාති සනුහරයම කැඳවා උන්ට මහත් වූ සැප දෙන්නේ එකාට සිය ගණන් වූ අස් රිය ලබා දෙන්නේ අසුන්ට කොල්ලුද රාජ භාණ්ඩාගාරයෙන්ම ලබා දුන්නේ වෙස්සන්තර රජුන් දාන පාරමිතාව පිරු ලෙස යැයි දැන ගත යුතුය.

මැදමුලනියාද පචායුද මානවකයා කැඳවා " බල කොලුව, අපගේ මිත්‍ර රා නිලයා මහත් වූ අසීරු කලක් ගෙවයි, ඉදින් උහුගේ සිත සුව පතා තා පොහොයකට සිපිරි ගෙට ගොස් සිටිනුව යැයි කියා සිටියහ.
පාචායුද තෙමේ ද කියන්නේ " අවසර , දේවයනි, පොහොයකට නොව දෙපොහොයකටම මා සිපිරිගෙට යවනු  මැනවයි ඉල්ලා සිටියහ.

  පචායුදගේ එබස් ඇසූ මැදමූලනියාද, රා නිලයාද මහත්  සේ අන්ද මන්දව යන්නේ පුත ඒ කිමදැයි විමසා සිටියහ.එකල්හි පචායුද මානවකයා කියන්නේ "   දේවයිනි, අදින් දෙපෝයක් ගෙවන දින අප මහත් වූ උද්ඝෝෂණයක් කරන බව තොපට අමතකද. ඉදින් මා එදිනම නිදහස් කලහොත් නෙල්සන් මැන්ඩෙලාවන් ලෙසට  එම උද්ඝෝෂණ බිමට පැමිණිය හැකි නොවේදැයි විචාලේය.

කදිමයැ, කදිමයැ කියූ මැදමූලනියා , තම ගජ මිතුරු රා නිලයා පසෙකට කැඳවා   " ඕකා පොහොය දෙකක් නොව තුනක්ම සිපිරි ගත කරනු යැයි රහසේ  කියා සිටියහ.

උන්ගේ සතර කන් මන්ත්‍රණයට හොරෙන් කං දුන් පචායුද පුරිස තෙමේ කියන්නේ " බල මිතුරනි, මාගේ සනුහරේ  අඟනන්ගේ ඈත්ව සිටීමට හැකිනම් තුන් පොහොයක නොව සදාකාලෙටම සිපිරි ගෙට දැක් වූවත් කම් නැතැයි කියුහ.

මඤ්ඤං දීපයේ අස් රිය ප්‍රශ්නය  නම් එසේ යැයි සියලු හුදී ජනයා දැන ගත  මනාය.
''

Tuesday, January 17, 2017

රටට පෑයු අලුත් තරුව- එම්. ඒතුමා

 
 
 

සිරි ලංකාවට අලුත් තරුවක් පායමින් තිබේ. එසේ මෙසේ තරුවක් නෙවේය. මානසික රෝගඥ තරුවක්ය. සමහර විට ලෝකයේ සිටින හොඳම රෝග මානසිකඥයා වීමටද ඉඩ තිබේ.

ඒතුමා අප වැනි දුහුනෙක් නොව ලෝකය දැක , කා වතුර ද බී සිටින උගතෙකි.ඒ තුමා ගේ සුවිශේෂි ලක්ෂණය නම් ඒතුමා හැර ලෝකයේ සිටින අනික් සියලු දෙනා ( සමා වෙන්න- අනිත් සියලු දෙනා කිව්වාට එසේ මත් නොවේ. ඒතුමාගේ මතවලට එහෙයි කියන අය හැර අනිත් සියලු දෙනාය) මානසික රෝගින්ය.

ඒ තුමාගේ ඇති තවත් අති විශේෂ ලක්ෂණයක් නම්   ඒතුමාට සමාජ වාදය පෙන්වන්ඩ බැරි වීමය. හරියටම කිව්වොත් නයාට අඳු කොල වගේය. ඒ නිසා  ජයාට සමාජවාදය වගේ කියා අලුත් කියමනක් හැදිය හැකිය. නමුත්   ඒතුමා  රුසියාවේ ඉගෙන ගෙන ඇති නිසාත්, රුසියන් සමාජ වාදි කාරයෝ ඒ තුමාට පිනට ඉගෙන ගන්න දුන්නු නිසාත් උන්ට වැඩිය බනින්නේ ද නැත. බැරි වෙලාවත් එතුමාට පින් රුසියන් අධ්‍යාපනයක් නොලැබුනානම් එහෙම සමාජවාදි කාරයින්ට දුවන්ඩ පාරවල් නැති වෙන්නේය. ඒ වා එහෙමය.

කාල් මාක්ස්ගේ ඩාස් කැපිටාල් අග සිට මුලට හැට හය වතාවක් ද, මුල සිට  අගට හැත්තෑ තුන් වතාවක් ද කියවා ඇත. ( ඒ තුමා ඒ පොතේ කවරය  එක්දාස් අටසිය හත් වතාවක් කියවා තිබේ). ඒ නිසා ලංකාවේ සිටින ඩාස් කැපිටාල් කවරය විතරක් කියවා ඇති සමාජවාදින්ට වඩා හොඳට ඒ ගැන දන්නේය.

ඒ විතරක් නෙවේය. ලංකාවේ ඉන්න සමාජ වාදියෝ කර ඇත්තේ පංති පහක් පමණක් වුනත් ඒ තුමා පංති 20ක්ම කර තිබේය. ඒ එක පංතියක අවුරුදු දෙක ගානේය. එහෙම ඉගෙන ගත්ත ඒ තුමා ලංකාවේ විස්ස විද්‍යාලයෙක් ඉගෙන ගන්ට බැරි වුනා නොවේය. අකැමති වුනේය. උපාධි ගන්ට රුසියාවට ගියේ ඒ නිසාය.ඉතින් ඒ නිසා  ලෙනින්ට වඩා හොඳට ලෙනිනිස්ම් දන්නේය. එව්වා එහෙම තමාය.

සමාජවාදයට අමතරව ඒතුමා උග්‍ර මානසික රෝගියෙක්ය.  රෝග විශේෂ්ඥයෙක්ය. භූ ගෝලඥයෙක්ය. ඉතිහාසඥයෙක්ය. ගණිතඥයෙක්ය. සමාජ විද්‍යාඥයෙක්ය.  යුද්ධ විශේෂඥයෙක්ය. මානව  විද්‍යාඥයෙක්ය. ඉතින් ඒතුමා පොරක් නොවේද? තරුවක් නොවේද?

සටහන- 1   ඒතුමාට භාර දී ඇති කොන්ත්‍රාත්තුව ගැන වැඩි විස්තර ඇසීමෙන් වලකින්න.

සටහන-2   සිසිර කුමාර මාණික්කාආරච්චි  නම් මහතෙක් ඉස්සර කාලේ හිටියේය. ඔහු අද ඉන්න තැනක් දන්න අයෙක් සිටීද?

Tuesday, December 13, 2016

හම්බන්තොටදී කණ පැලුවම නරකයිද



 
 
රතුපස්වලදී වෙඩිතිබ්බම  හොඳද
හලාවතදී  මිනි මැරුවේ නැත්ද
 ක‍ටුනායකදී බිලිගත්තේ කවුද
එක්නැලිගොඩට  සිදු වූයේ කිම්ද

සූරියකන්දේ පොඩි උන් වල දැම්මාද
බටලන්දේ දංගෙඩි තිබුණේ නැත්ද
යටාරෝ කැපේ  වධ කුටි නොතිබුණිද
හිස් ගෙඩිවලට ඇණ ගහලා නොමැරුවාද
 
වන්නියේ ගැලුවේ  ලේ ගංගා නෙවෙද
නන්දිකඩාල්වල මෝටාර් නොවැදුණිද
බාලචන්ද්‍රලා කී දෙනෙකුන් වීද
දහසක් මව් වරුන් වැලපෙන්නේ ඇයිද

ඒ දෑ සිදු වෙද්දි ඔල්වර දුන්නාද
හිස්ගෙඩි වනා අනුමත නොකළාද
එහෙනම් යකුනේ උම්බෑ හඬ මොකද
හම්බන්තොටදී කණ පැලුවම නරකයිද

Saturday, December 10, 2016

මේ සේයාරුව කොතරම් අසභ්‍යද?



මේ කාන්තාව මරා මලකඳ බල්ලන්ට දමනු

එහෙම කියන්නේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම්  පිළිබඳ මහ  කොමසාරිස් ධූරය දරන සයිඩ් රාද් අල් අල් හුසේන් කුමරුගේ  සෞදි අරාබියේ ජනතාවයි.

මේ කාන්තාව මලාක් අල් ශෙහ්රි කර ඇති අපරාධය නම් ඉහත ඇති ඇගේ ඡායාරූපය තම ට්වීටර් ගිණුමේ ප්‍රසිද්ධ කිරීමයි. එනම් ප්‍රසිද්ධ ස්ථානයක තම බුර්කාව හා අභයා නම් වූ සිරුර වැසෙන සේ  අඳින ඇඳුම නො ඇඳ පෙනී සිටීමයි.

මානව හිමිකම් කොමසාරිස්ගේ රටේ මෙම අපරාධයට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දිය හැකිය.එක් එක් රටවල මානව හිමිකම් අර්ථ දැක් වීම් එහෙමය. එකේනෙකට වෙනස්ය.

 තවත් උදාහරණයක් ගන්නේ නම් ශ්‍රි ලංකාවේ මිනිසුන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම මානව හිමිකම් කැඩීමක් නොවීමට ඉඩ ඇති අතර එසේ පුද්ගල පැහැර ගැනීම් කරන්න වුන් හිරේ දැමීම මානව හිමිකම් කැඩීමකි.

Friday, December 9, 2016

නත්තල් ගහේ කථාව

 
දීර්ඝ නිද්‍රාවකට  වැටී සිටි අප දෙව් පියාණෝ පෘථිවිය දෙසින් නැගුනු මහ හඬක් නිසා අවදිව නෙත් පිස දමා වට පිට බලන්නේ ඒ හඬ නැගුනේ මාලිගාවත්ත ලී මෝලෙන්   එහි වැසියන්ගේ ක්‍රියා නිසාම උමතුලන්තය යැයි නම් ලද කොදෙව්වක් දෙසින් බව දැක තම දිවැස එදෙසට යොමා පරික්ෂා කරන්නට වන්නේ උන්වහන්සේ දු‍ටු දෙයින් කම්පිතව ගියාහුය.

කොදෙව්වේ බටහිර  දිසාව වෙරලත මහත් සේ උස වූ ගසක් නැගෙමින් තිබුණේ  ඊට මදක් එපිටින් තිබෙන්නා වූ නෙලුම් කුලුණ රාජයා ද  පසු කරන්නා සේය.ඉදින්  මහා වෘක්ෂ රාජයා වටා  සිටිමින් දුගී ජනයා  නොයෙක් අඳෝනා කියමින් වලප්නේය.

පරුෂ ‍රැවුලකින්ද ගෙල වටා සාටකයක් ද ඇත්තා වූ පුරුෂයෙක් ඉකි බිඳිමින් වලප්නේ " අහෝ නාස්තියක තරම, මේ ගස හදන්නා වූ මුදල  මට දුන්නේ නම් තවත් නෙලුම් කුලුනක් ,  තවත් ගුවන් තොටක්,මහනුවරට නැව් තොටක් ආදි වූ මහත් සංවර්ධන වැඩ කල හැකි නොවෙදැයි " කියන්නේය.

එබඳුම සාටකයකින් සැරසුණු  මුඩු මුහුණක්ද ඇත්තෙක්  " මේ නම්  මහත් අපරාධයක. ඉදින් මේ තරම් වූ ධනස්කන්දය මා හට ඇත්නම් මාගේ දුගී දරුවාට අමෙරිකාන දේශයෙන් නිවසක් ගන්නට තිබුණා නොවේදැයි" විලාප දෙන්නේය.

මහත් වූ උදරයකින්ද කබා කලිසමෙන්ද සැරසුණා වූ මිනිසෙක් කඳුලු සලමින් මේ සා වූ ධනය ඇත්නම්  තව බැඳුම්කර කීයක් නම්    ගන්නට හැකිවෙයිද කියා වලප්නේය.

කබා කුරුත්තමෙන්ද, සරමෙන්ද , බැනියමෙන්ද , ආදි වූ නොයෙක් වස්ත්‍රාබරණයෙන් සැරසී ගත් නොයෙක් දනා මහ හඬින් විලාප දෙමින්" අහෝ බෙන්සයක් ගත හැකි මුදලක්ය, යුරෝපාකරයේ සංචාරයක් යාමට නම්  සැහෙන මුදලක්ය, තව කීයක් හරි ඇත්නම් බී එම් ඩබලිවයක් ගත හැක්කේය, මාගේ කොලුට  රෝල්සොයියක් ගන්නට මේ මුදල් කන්ද මදි වේද" කිය කියා තැවෙන්නෝය.

ඉදින් මේ සා වූ මහත් අඳෝනා ඉවසා ගත නොහැකි වූ අප දෙව් සමිඳාණෝ උමතුලන්තයේ වසන්නා වූ තම පණිවුඩකාර මල්කමයා නම් වූ වහන්සේ බණවා " වහා තෙල පෙනෙන වෘක්ෂ රාජයා හැදීම නවත්වනු, එම මුදල් මේ විලාප දෙන ජනයා අතරේ බෙදා දී උන් සැනසුව මනාය යැයි වදාල සේක.

සටහන- ඉන් පසු සිදු වූ දේ  දැන ගැනීමට  හතේ පන්තියේ ඉතිහාස පොත කියවන්න.

Wednesday, December 7, 2016

අයියෝ ජයසුමන

 
 
අයියෝ ජයසුමන අයියෝ ජයසුමන
ඇදගෙන නාන පජ පජ ජයසුමන
නාථත් එක්ක බුදියන රජරට සුමන
මොන කල යාද උඹෙ සිසුනට සුමන
 
 
නලියාගේ මොට්ට ගෝලයා ජයසුමන
හොර පාරෙන්ද  ඩිග්‍රිය ගත්තේ සුමන
නාථ, පත්තිනි, කළුබණ්ඩාර ගේ සුමන
අයියෝ ජයසුමන වහ කාපං සුමන