Saturday, March 11, 2017

කුලී ලියන්නන් අවශ්‍ය කොට තිබේ

 
කීකරු කුලී ලියන්නන්
අවශ්‍ය කොට තිබේ
කොහෙත්ම හිතන්නට බැරි
දේශපාලන කුලී කහින්නන්
අතිශයින්ම අවශ්‍යව තිබේ
පීඩිත ජනයා හඬ නගන කල
උන්ට මඩ ගසන්නට
උන්ගේ ලේ උරා බොන්නට
ලුම්පනයන් උසි ගන්වන්නට
යතුරු පුවරුවෙන් මිනී මරන්නට
වෛරය පතුරුවන්නට
සමාජය ගඳ ගස්වන්නට
ඉතා කීකරු කුලී ලියන්නන්
අවශ්‍ය කොට තිබේ
නායකයන් ගේ පා ලෙව කන
උන්ගේ වැසිකිලි දිවෙන් සුද්ද කරන
ධනපති කුණු කාණුවල ජරාව බුදින
තමන්ට කියා චින්තනයක් නැති මුත්
මහා චින්තකයින් යැයි පෙන්වන
දෙනෙත් අඳ මොලේ නැති කුලී ලියන්නන්
අවශ්‍ය කොට තිබේ
 
ලංකාවේ කොයි මුල්ලකින් හෝ
එසේත් නැතිනම්
ඉන්දියාවෙන්, චීනෙන්, කැනඩාවෙන්
හෝ ඔෂනියාවෙන්
ඒත් නැත්නම්
ට්‍රාන්ස්සිල්වේනියාවෙන් වුව කම් නැත
කුලී ලියන්නන් ඕනෑ කර තිබේ.

Wednesday, March 8, 2017

හැරී ජයවර්ධන, ධම්මික පෙරේරා, ජයන්ත ධර්මදාස වෘත්තීය සමිති නායකයින්ද?


ජාතික වෘත්තීය සමිති සන්ධානයට ලැබී ඇති චීන සංචාරයක  සඳහා එක්වීමට එම වෘත්තීය සමිති නායකයන් අතර දැඩි ගැටුම් කාරී තත්වයක් මතුව තිබෙන බව වෙබ් මාධ්‍ය කිහිපයක් ප්‍රවෘත්තියක් පල කර තිබේ .
මේ ගැ‍ටුම ගැන තවත් නොයෙක් තොරතුරු එම පුවත් වල තිබුණද ඒවා අපට අදාල නැත.


අපට අදාල වන්නේ එම ගැ‍ටුමට සම්බන්ධ එක් පාර්ශවයක් වශයෙන් දක්වා තිබුණු හා වෘත්තිය සමිති සංධානයේ නායකයෙක් වශයෙන් දක්වා තිබූ සයිටම් ආයතනයේ විධායක අධ්‍යක්ෂ කෙනෙක් ද වන  ගැමුණු විජේරත්න මහතා ගැනය. එම තුමා වෘත්තිය සමිති නායකයෙක්   වීම හා වෘත්තිය සමිතියකට ලැබුණු රට සවාරියකට පොර කෑම ගැනය.
එක් අතකට  පොරකෑම කමක් නැත. එය අමතක කරමු.

මේ බස් හිමි ලුම්පන් ධනපතියා  වෘත්තිය සමිති නායකයෙක් වෙන්නේ කෙසේ ද.? ඔහු වෘත්තිය සමිති නායකයෙක් නම් හැරී ජයවර්ධන, ධම්මික පෙරේරා, ජයන්ත ධර්මදාස යන අයත් වෘත්තීය සමිති නායකයින් නොවන්නේ ද?

Tuesday, March 7, 2017

පේරාදෙණියේ වධකාගාර


ඒකනායක වල මැදිරිගිරිය

මේ දවස් වල    බුකියේ, බ්ලොග් පි‍ටුවල, පත්තරවල ,රූපවාහිනි සහ  ගුවන් විහිලු නාලිකාවල යනවා කතාවක් පේරාදෙණි විශ්වවිද්‍යාලේ  තිබුණු නවක වද කඳවුරක් ගැන. ඒ කඳවුර අල්ලන්න විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්ය , විනයාරක්ෂක හමුදාව ගිය හැටි ලියන්නේ ඔසාමා බින් ලාඩන් අල්ලන්න ඇමෙරිකන් කාරයෝ කල මෙහෙයුමටත් වඩා භයානක මෙහෙයුමක් විදියට. ඒ ඉතින් පත්තර කාරයින්ගේ හැටිය.

දැන් මේ උන්දෑලා කියන විදියට මේ වදකාගාරේ ඇතුලේ   පළමු වසරේ සිසුන් කිහිප දෙනෙකු නිරුවත් කරල හාවෝ  පන්නවා ඇත. හපොයි අම්මේ . මාර අපරාදයක්. ( මාත් එක්ක කෙලගන්ට එන්න එපා. ඒ වැඩේ වැරදියි . මොකටද හාවෝ පන්නන්නේ )

මේ වදකාගාර කියනකොට මට මතක් උනා තව වදකාගාර වර්ගයක් ගැන. මේවා තිබ්බේ හිට්ලර්ගේ ජර්මනියේ නෙවේ . මේ ගෞතම බුදුන්ගේ දේශයේමයි. මේවාට, තරුණයෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ විතරක් නෙවේ , පාසැල් ශිෂ්‍යයොත් අරන් ගිහින් වද දුන්නා. නවක වද නම් නෙවේ. වෙන වද . මේවා මතක් කරන්නේ හුඟක් අයට අමතක නිසා.

 දණහිස් මගින් එල්ලීම, නිර්වස්ත්‍රකර ශරීරයට උණුවතුර දැමීම, මොහොතින් මොහොත ශරීරයට පා පහර දීම, අතුල් පහරදීම, බැටන් පොලුවලින් හිසට පහරදීම, හිස මත පොතක් තබා ප්‍රහාර එල්ල කිරීම, ඇඟට විදුලි සැර ඇල්ලීම, මේසය මත මුණින් අතට වැතිරීමට අණකර පිටට දෙපාවලට සහ යටිපතුලට පොලුවලින් සහ පීවීසි බටවලින් පහරදීම, පිහියකින් කපා ඇගේ ලේ ගලා යෑමට සැලැස්සවීම, ඇණ සහ යතුරු ගිල්ලවීම්, විදුලි ස්ත්‍රිකයෙන් පිට මැදීම, ටියුබ් ලයිට් අනුභවයට දීම,  ගුදයට හා තරුණියන්ගේ ලිංග තුලට බෝතල්, පීවීසී බට ,ක‍ටු කම්බි ඇතුල් කිරීම  ඇස් ඉගිල්ලීම , නාස්, කන් අත් පා කපා දැමීම, ජලයේ ඔබා ගෙන සිටීම, මිරිස් කුඩු දුම් ගැසීම  .තරුණියන් දූෂණය, සහ අවසානයේ මරා  දැමීම තමා ඒ වධකාගාර ඇතුලේ සිද්ද වුනේ.

87-89 කාලයේ මේ විදියට  වධකාගාර තුළ  තරුණ තරුණියන් දහස් ගණනක්  මිය ගියෝය.  ඔවුන්ගේ සිරුරු පුළුස්සා හෝ ගංගාවල පාකර දැම්මා.  නැතිනම් සූරියකන්ද වැනි අප්‍රකට සමූහ මිනී වලවල් තුල  වල දැම්මා.

පේරාදෙණියේ එක් වධකාගාරයක් ගැන  කියන විට අපට වධකාගාර සියගණනක් සිහියට එනවා. මේ එයින් කීපයක් පමණි.

බියගම සපුගස්කන්දේ බටලන්ද වධකාගාරය, ඒකනායක වල -මැදිරිගිරිය,  ටොරින්ටෝවෙ වධකාගාරය. මාතර එළියකන්ද වද කඳවුර වැල්ලවත්තේ වදකාගාරය , මාතලේ විජය විද්‍යාලය, ක්‍රිස්තුදේව විද්‍යාලය,නාඋල අඹවත්ත වධකාගාරය, පේරාදෙනියේ හිල්ඩා ශාලාව, මහනුවර සිල්වෙස්ටර් විදුහල,මාතලේ තානායම,උකුවෙල පෝසිලේන් කර්මාන්ත ශාලාව, ඔෆ්ස් කම්බයින් මෙහෙයුම් මධ්‍යස්ථානය, ඉසුරුපාය හමුදා කඳවුර, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය, මත්තේගොඩ, ඔරුවල, කොළඹ තුරඟ තරඟ පිටිය, අතුරුගිරිය, කඩුවෙල යුධ හමුදාවේ ගල් පල්ලිය ,තිඹිරිගස්යායේ යටාරෝ කැෆටේරියා , පැලවත්ත, ඇඹිලිපිටිය ජාතික පාසල ඉදිරිපිට මහවැලි නිල නිවාස, කළුතර සොරණාතොට වත්ත, ගාල්ල වලව්වත්ත, අගුණුකොලපෑලැස්සේ ප්‍රජා ශාලාව,  දඹුල්ලේ පැල්වෙහෙර රජයේ ගොවි‍පල, බදුල්ලේ හාලිඇල මෝටර්ස් ගරාජය, හලාවත පොල්වත්ත, වැලිගම කඳවුර, මාතර තලල්ලේ කම්කරු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, ගාල්ල හිල්ටොප්, ගාල්ල ‍කොටිගල, කරන්දෙනිය උණගස්වල, කළුතර බෝඹුවල, මොණරාගල සියඹලාන්ඩුව අම්පාර 4 කනුව අසල මුතුකණ්ඩි ව්‍යාපෘති කාර්යාලය, පොල්ගොල්ල සමූපකාර විද්‍යාලය, බතීගම වත්ත, කෑගල්ලේ වික්‍රමසිංහ බංගලාව, හපුතලේ බෙරගල සමර් ‍ෆැසන් ඇඟළුම් කම්හල, නුවරඑළිය පුරහළ, පල්ලකැලේ කඳවුර අසළ ග‍ඟෙන් එ‍ගොඩ සියඹලාගස ඉදිරිපිට වර්තමානයේ හෝටලයක් ඉදිකර ඇති ස්ථානය, කුරුණෑගල වැහැර, ලිදුළ තේ කම්හල, කොළඹ තුම්මුල්ල, කොළඹ රේස්කෝස් පිටිය, , බත්තරමුල්ලේ සෙත්සිරිපාය, ඔරුවල වානේ සංස්ථා පුහුණු ආයතනය, කොළඹ සරසවි නීති පීඨය, කොළඹ ටොරින්ටන් සහ ග්‍රෙගරි පාරේ කාර්යාල, කැලණි සරසවියේ ක්‍රීඩාගාරය, මත්තේගොඩ කඳවුර, මීරිගම යොවුන් නිකේතනය, පෑලියගොඩ පට්ටිය හන්දිය, කැස්බෑව, දෙමටගොඩ හරක් මඩුව, බොරැල්ල කනත්ත, මොඩර් ෆාම්පාරේ ‍ගොල්ෆ් පිටිය, ජයවර්ධනපුර නේවාසිකාගාරය, ජයවර්ධනපුර සරසවියේ කළමනාකාර ගොඩනැගිල්ල, හැව්ලොක් ටවුන් හෙන්ද්‍රි ප්‍රේදිරිස් ක්‍රීඩා මණ්ඩපය, මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා මණ්ඩපය, කැලණියේ පට්ටිය හන්දියේ බිලියඩ් ශාලාව  සහ තවත් අනේක වූ හමුදා කඳවුරු, ප්‍රා කඳවුරු, පොලිස් ස්ථාන

සටහන- මේ සටහන ලියවුනේ නවක වධය සාධාරණීකරණය කිරීමට නෙවේ. නවක වධ ගැන තප්පුලන වධකයන් ගේ නොමිනිස් කම් ගැන කියා දීමටය.

Monday, March 6, 2017

මේ කොයි යන්නේ..

 

උණුසුම් පුවත් යටතේ පල කර තිබූ  උණුසුම් දැයි මම නොදනිමි. එහෙත් ඒවාට යටින් යන හීතලක් නම් ඇති බව දැනේ. මේ ලංකා සී නිව්ස් හි පලවූ පුවත් දෙකකි. 

1. ඇමති රාජිත විප්ලවීය නායකයෙක්..- අස්ගිරි මහ නාහිමි

March 6, 2017 at 8:40 am | lanka C news | ලංකා සී නිවුස් 
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් සහ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවෙි ශ්‍රි සිද්ධාර්ථ සුමංගල නාහිමියන් හමු වී ජාතික හිසතෙල් ගෑමෙි මහෝත්සවයට ආරාධනා කරන ලදී.

ඊට ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යරයා දළදා සමිදුන් වැදපුදා ගත්හ. ප්‍රථමයෙන් අස්ගිරි පාර්ශ්වයේ මහ නායක හිමියන් බැහැදුටු සෞඛ්‍ය අමාත්‍යවරයා හිසතෙල් ගෑමෙි මහෝත්සවයට ආරාධනා කරමින් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව සුහඳ පිළිසඳරක යෙදෙන ලදි. එහිදී මහනායක හිමියන් ප්‍රකාශ කළේ කිසිදු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු නොකළ ආකාරයට ඖෂධ මිල අඩු කරමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා විප්ලවීය වෙනසක් සිදු කළ බවයි. මෙම අවස්ථාවට එක් වූ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි අතිපුජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් මාලඹෙි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියහ. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා සමග පසුගිය සිකුරාදා රාත්‍රීයේ විශේෂ සාකචිඡාවක් පැවැත් වූ බවත්, ලබන 09 වන දා තවත් සාකචිඡාවක් පවත්වන බවයි. ඉදිරියේ දී ගැටළුවක් ඇති නොවන අයුරින් එම ප්‍රශ්ණය විසදන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය......................

2.

විමල් වීරවංශ සමග මම එකගයි.. ඔහු සමබරයි.. – රාජිත

February 23, 2017 at 10:40 am | lanka C news | ලංකා සී නිවුස් 

 සයිටම් ප‍්‍රශ්ණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා දක්වන ලද අදහස් සම්බන්ධයෙන් තමන් එකග වන බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
ඔහු එම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස් තමන් අගය කරන බවද පවසන ඇමතිවරයා ප‍්‍රතිපත්තියමය වශයෙන් ඔහු හා එකග විය හැකි තැන්වලදී එකගවීමට කිසිදු ප‍්‍රශ්නයක් නැති බවද කියයි.
ඇමති රාජිත මේ අදහස් පල කලේ හිරු රූපවාහිනියේ බලය දේශපාලන වැඩසටහන හා අදහස් පල කරමිනි.

වෙනදා මෙවැනි පෝස්‍ටු වලට වැටෙන වීරවංශවාදි හා ආණ්ඩු විරෝධී කොමෙන්‍ටු එකක් වත්  නැති වීම මෙහි විශේෂ ලක්ෂණයකි.මේ දිනවල ලෙව්කේ මැතිඳුට වූ ලෙස හිර ගෙයි තනි වී සිටින වීරවංශ මැතිඳු ලඟදීම එලියට එන බවට ලකුණුද මේ දිස්වෙන්නේ.?

Sunday, March 5, 2017

නිදහස් අධ්‍යාපනය , නව ලිබරල්වාදය හා සයිටම්

 
නිදහස් අධ්‍යාපනය තුළින් වරප‍්‍රසාදිත ප‍්‍රභූ පැළැන්තියක් හා ඔවුන්ගේ ආධිපත්‍යයක් බිහිව ඇතැයි ද පෞද්ගලික අධ්‍යාපනය හරහා බිහිවන වෘත්තිකයින්ගේ ප‍්‍රවේශය මගින් එම ආධිපත්‍යය බිඳ වැටෙනු ඇතැයි ද සයිටම් පක්ෂවාදීන් ඉදිරිපත් කරන තවත් තර්කයකි.

රජයේ වෛද්‍යවරුන්ගේ ක්‍රියාකලාපය තුළින් පෙන්නුම් කරන ප‍්‍රභූ අධිපතිවාදය පැහැදිලිවම ප‍්‍රතික්ෂේප කළ යුත්තකි. ඔවුන් එක් අතකින් සිය වෘත්තීය ජීවිතයේ දී නව ලිබරල්වාදය සමග මැනවින් ගැලපෙමින් ද අනෙක් අතට නව ලිබරල්වාදයේම ප‍්‍රකාශනයක් වූ සයිටම්වලට විරුද්ධ වෙමින් ද පෙන්නුම් කරන දෙබිඩි හැසිරීම සයිටම් පක්ෂවාදීන්ට අවියක්ව තිබුණ ද එයින් සයිටම් ඔස්සේ හඹා එන අධ්‍යාපනයේ පෞද්ගලීකරණය යුක්ති යුක්ත කරන්නට බැරි ය.

සයිටම් පන්නයේ වෛද්‍යවරුන් හරහා වත්මන් වෛද්‍යවරුන්ගේ ප‍්‍රභූ ආධිපත්‍යයට අභියෝගයක් එල්ල කළ හැකිවන්නට පුළුවන. නමුදු එවැනි වෛද්‍යවරුන් හරහා ඊටත් වඩා ප‍්‍රභූ හා හිතක් පපුවක් නැති ‘‘රෝබෝටික’’ ආධිපත්‍යයක් බිහි නොවනු ඇතැයි සහතික කළ හැක්කේ කාට ද? නිදහස් අධ්‍යාපනයෙන් උපන් වෛද්‍යවරුන්ගේ ආධිපත්‍යය මෙහෙම නම් මිලියන ගණනින් ගෙවා වෛද්‍යවරුන් වන්නන්ගෙන් මතුව ආ හැකි ආධිපත්‍යය කෙබඳු විය හැකි ද?

Saturday, March 4, 2017

ඇමති බූරුවන් සහ බූරු ඇමතියන්

 
එකමත් එක  රටක සිටි රජෙකුට දිනක්  දඩයමේ යන්නට සිතුනේය. මේ රට කුමක්දැයි අප දන්නේ නැත. එය එකෝමත් එක රටකි. රජතුමා වරුන් අප මෙන් හිතු මනාපෙට දඩයමේ යන්නේ නැත. එතුමා තම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලොක්කා කැඳවා ඉදිරි කාලගුණ තත්ත්වය ගැන  විමසුවේය.

කාලගුණ ලොක්කා ද තම සගයන් සමග සියලු දත්ත, ඓතිහාසික වාර්තා ,පරික්ෂා කර බලා ඉදිරි  දින  ගණනාවකටම  කිසිදු  වැස්සක් නොවැටෙන බවට  සහතික විය.

ඉතින් අපේ රජතුමාණන් ද තම බිරිඳ නොහොත් බිසව ත් තව මහ පිරිවරක් සමග දඩයමේ ගියේ  තවත් කොහේදෝ රටක හිටි රජ කෙනෙක් එක්සත් ජාතින්ගේ සමුලුවට බිසවත් බිසවගේ මල්ලිත්, පුත් කුමාරවරුත් , ආවතේව කාරයිනුත් ඇතුලු හැට හුට හමාරක් සමග ගිය ආකාරයටමය.

රජ සහ පිරිස මෙහෙම යනකොට යනකොට අතරමග මගදී බූරුවෙක් පිටේ දර තොගයක් පටවා ගෙන හනි හනික යන ගොවියෙක් හමු වුනේය.

දඩ කෙලියේ යන . රජු දුටු ගොවි තෙමේ තිස්ස තිස්ස නවතින්න .. "රජතුමනි, ඔබ වහාම මාලිගය කරා ඉක්මණින්  වඩිනු මැනවි,තව ටික වෙලාවකින් මහ වැස්සක් කඩන් වැටෙනු ඇත" කීවේය. නමුත් කවදත් වූ පරිදි ගොවියන්  කියන දෙය රජවරු අහන්නේ නැත. ඒ ආකරයෙන්ම අපේ  රජතුමා ආඩම්බරයෙන් " මගේ කාලගුණ ලොක්කාටත් වැඩිය උඹ දන්නේ කොහොමද? නිකම් පලයන් හිස් ගැසුම් නොකා " කියා දිගටම තම ගමනේ යෙදුනේය.

අහෝ ඛේදයකි. වැඩි වෙලාවක් යන්නට කලින් දෙල් දොදොල් වෙන මහ වැස්සක් කඩා වැටී රජ  සහ බිසව සහ බිසවගේ මල්ලි සහ කුමාරවරුන් සහ සිය පිරිවර සියළු දෙනාම තෙමිච්ච කුකුලන් සේ දියබත්  වී ආපසු මාලිගයට වැඩම කලහ.

කෝපාවිෂ්ඨ, රජ මාලිගාවට පැමිණ වහාම කාලගුණයා රස්සාවෙන් එලවා දැම්මේය. කාලගුණයාද ඇති යන්තන් හිස් ගැසුම් නොකා බේරුනා යි සිතමින් දිරා මාරු විය.

තම ඇඟ පත තුවායකින් පිසදා ගන්නා ගමන් රජ තෙමේ පණිවිඩයක් යවා කාලගුණ කාර ගොවියා මාලිගාවට කැඳවා ඔහුට තම ප්‍රධාන කාලගුණ විද්‍යාඥ තනතුර ද දී විශාල වැ‍ටුපක් ද දුන්නේය.


එහෙත් අඳෝමැයි. එම ගොවි මහතා "රජතුමනි, මම කාලගුණය  ගැන කිසිම දෙයක් දන්නේ නෑ මම මගේ  බූරුවා දිහා බලලා තමා  ඔබතුමාට වහින බව කිව්වේ. වැස්සක් එනවා නම් උගේ කන් දෙක කෙලින් වෙනවා.  ඒ නිසා මට මේ තනතුර එපා.. ඒක මට හරියන්නේ නැතැයි " කියා කීවේ රජ ගොල්ලන් ආශ්‍රය ඇඟට ගුණදායක් නොවන බව දන්නා නිසාය.

ඒකත් එහෙමද කී රජතුමා ගොවියාගේ බූරුවාට තම කාලගුණ විද්‍යාඥ තනතුර පමණක් නොව කාලගුණය බාර ඇමති කම ද  ලබා දී යහමින් සෙමෙන් වැජඹුනේ යැයි ඉතිහාස කතාවේ කියවේ.

 ඉතින් එදා සිට අද දක්වා ඒ රටේ ඇමති කම් කරන්නේ බූරුවන්ය.

Friday, March 3, 2017

ප්‍රශ්න ප්‍රශ්න සහ ප්‍රශ්න



1.නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් උන්ම නිදහස් අධ්‍යාපනයට වල කපන්නේ ඇයි.

2. විශ්‍රාමික වාමාංශිකයන් ධනවාදයේ නරකම මුර බල්ලන් වන්නේ ඇයි.
.
3. හුදු ආර්ථික හේතු මතම ලංකාවෙන් පලා ගොස් බටහිර හෝ උතුරු ඇමෙරිකාවේ කඹුරණ හිටපු ශ්‍රී ලාංකිකයන්ට ලංකාවේ මිනිසුන්ගේ හැදියාව ගැන ඇති කැක්කුම කුමක්ද?

Thursday, March 2, 2017

හුකෑස් ---හිනා කාලා මැරෙනවා ඕයි



අන්තරය, වෛද්‍ය සංගමය සහ වෛද්‍ය සභාව පසුපස සිටින පරාජිත වාමාංශික දේශපාලන බලවේග, යලිත් රට 89-90 මිනීමරු කැරලි යුගයට ගෙනගොස් එතුමන් ඇතුළු අප ආයතනයේ පරිපාලනය හොබවන ...නිලධාරි මඩුල්ල ඝාතනය කිරීමට සැලසුම් සකස් කළහ...

එතුමාට දුරකථන මාර්ගයෙන් සහ තැපැල් මාර්ගයෙන් ලැබුණු ජීවිත තර්ජන ප්‍රමාණය අපමණය...
මෙය පොලිසියට පැමිණිලි කිරීමෙන් වැඩක් වේද...? නැත.. කොහෙත්ම නැත...

පොලිසියේ අවධානය යොමුකරවාගෙන තම ආරක්ෂාව තහවුරු කර ගැනීමට එතුමා වැඩපිළිවෙලක් දියත් කළේය... ඉන් කුරා කුහුඹුවකුටවත් කිසිදු හානියක් සිදු නොවූ බව මේ රටේ ජනතාව දුටුවෝය...

එතුමා එසේ ක්‍රියා නොකළේ නම්, අපේ රටේ මිනීමරු වාමාංශික දේශපාලන බලවේග වලට මේ වන විටත් එතුමන් ඇතුළු අප ආයතනයේ පරිපාලන වෛද්‍ය නිලධාරීන් පිරිස ගොදුරු වී තිබීමට ද හැකියාවක් තිබුණි...

සාධාරණව සිතන්න... මෙය ආරක්ෂාව වෙනුවෙන් ගත අහිංසක පියවරක් පමණි

-Sri Lanka Private Medical Education - ජනතා වෛද්යවරු-

Wednesday, March 1, 2017

සීත සමීරේ



සයිටම් මුදලාලිගේ මැනේජර් මහත්තයා කෙලවා ගෙන තිබේ. උන්නැහැ හැදුවේ සයිටම් විරුද්දකාරයින් තමන්ට වෙඩි තිබ්බා කියා ඝෝෂාවක් කර සයිටම් විරෝදීන්ට කෙලවන්න විය යුතුය. ඒ වෙඩිල්ල දැන් බූමරංගයක් වී සමීර සේනාරත්න ( MD අලුත්කඩේ )ටම වැදී තිබේ.

එයා ට අමතක වුන දේ  නම් තමන්ම තියාගත් වෙඩිල්ල නොවැදුනාට බූමරංගය කැරකී ඇවිත් තමන්ටම වදින බවය.

සමීර සේනාරත්න ට වෙඩි තැබුවා යැයි කියන විටම සයිටම් වෙනුවෙන් රෙදි නැතිව කඩේ යාමට සෙට් වී සිටි පිරිසට මාර ආතල් එකක් ලැබුනේය.එයින් එක්කෙනෙක් වන බ්ලොග් ලෝකයේ ලොක්කෙක්ද වන අජිත් පැරා " මස් කටවල් වෙනුවට තුවක්කු කටවල් කතාකරන්නට පටන් ගෙන ඇතැයි" ලීවේය. ඒ විතරක් නොව දයා පතිරණ  ගැනත්  මොන මොනාවාදෝ ලීවේය.

" මෙවැනි තරමක් දුරට අරාජික වූ, වල් බූරු ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන දේශපාලන වටපිටාවන් වනාහි අන්තවාදී බලවේග බලය වෙනුවෙන් කෙටි මාර්ග සොයා ත්‍රස්තවාදය වෙත යොමු වීමට ඉඩ තිබෙන වකවානු වේ.

 1986දී ජවිපෙ සිය පළමු දේශපාලන ඝාතනය කළේ ය. එ් දයා පතිරණයි. මේ වන විට, එය ජවිපෙ විසින් කරන ලද ක්‍රියාවක් බවට සෑහෙන තරම් කරුණු ඉදිරිපත් වී තිබේ. එම ඝාතනය සම්බන්ධයෙන් මුලින් ජවිපෙට චෝදනා එල්ල වන විටත් ඇතැමෙකු හැසිරුණේ වර්තමානයේදී ඇතැම් කුමන්ත්‍රණ න්‍යායධරයන් හැසිරෙන ආකාරයට ම ය.

මුලින් ජවිපෙට චෝදනා එල්ල කිරීම සිනහවට ලක් කරන ලදී. ආණ්ඩුව එම ක්‍රියාව කළේ ජවිපෙ පිට වරද පටවා මර්දනය කිරීමට බව ද කියන ලදී. ජවිපෙ ඒ වෙනුවෙන් මාවිත්තර සරත් නම් මැරවරයකු සම්බන්ධ කරගෙන ගාමිණී ලොකුගේ ද පටලවා කතාවක් නිර්මානය කරන ලදී. ජවිපෙ උත්සාහ කළේ දයා පතිරණ මරා දැමුවේ එවකට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ගාමිණී ලොකුගේ බව කියන්නට ය."

පැරා උන්නැහෑ කියන්නට තැතනුවේ සමීර (MD) තැබූ වෙඩිල්ල අන්තවාදින්ගේ එකක් බවත් , එය නාටකයක් කියන්නේ මීට පෙර දයා පතිරණ ඝාතනයේදීත් කුමන්ත්‍රණ කතා කියූ අය බවත්ය.එම නිසා වල් බූරු ප්‍රජාතන්ත්‍රවාද්ය අහවර කර පැසිස්ට් පාලනයක් අවශ්‍ය බවය. මෙසේ කියන්නේ පහුගිය රාජපක්ෂ පාලනයේ පැසිස්ට් පිලිවෙතට එරෙහි  වූ ප්‍රජාචන්ච්‍රවාදයේ මුර දේවතාවුන්  ම වන විට අපි කල යුත්ත්හේ අඬන්නද නැත්නම්  හිනා වෙන්නද කියා ඒ අයම කියන්නේ නම් අපූරුය.

මේ ආණ්ඩුවේ ඕනෑම රෙද්දකට පැනලා දෙන මේ උදවිය සමීර/ නෙවිල් හවුල සමග එක් වී සූදානම් වුනේ සයිටම් විරෝදය ලෙයින් මර්දනය කරන්නටය. සයිටම් විරෝදීන් හිරගෙට  දක්කා හෝ තම අරමුණ ඉෂ්ට කර ගන්නටය. එදා තමන් කිසි සේත් හවුල් නොවූ 83 කලු ජූලියට ජවිපෙ පටලා ජේ ආර් කල විනාශයම නැවත කරකවන්නටය. එදා ඩග්ලස් ලියනගේ ලා කල දේ අද කරන්නේ අජිත් පැරකුම් ලාය. ඉතිහාසය කැරකෙන්නේ එහෙමය.

සටහන- තමන්ගේ ව්‍යාපාරයේ පැවත්ම වෙනුවෙන් මේ ආකාරයේ ඕනෑම බලු වැඩක් කිරීමට සූදානම් මේ තක්කඩින් පවත්වාගෙන යන වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය ගැන අමුතුවෙන් කතා කිරීමට අවශ්‍ය නැත. තම්න්ට  ලක්ෂ 120 දෙන්නේ නම් ඕනෑ ගොනෙකුට වෛද්‍ය උපාධිය හෝ වෙනත් උපාධියක් මොවුන් පිරි නමනු ඇත. නොදියුණු පසුගාමි වෙලඳපල ආර්ථිකයකට  සිටින කපටි ජාවාරම් කාරයින්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වන්නේ නම් එය ගොන් කමක් නොව තක්කඩි කමකි.

Sunday, February 26, 2017

මානසික වෛද්‍යවරයෙක් ඉතා ඉක්මණින් අවශ්‍යව ඇත.



ලංකාවේ විශ්ව විද්‍යාලයකට යාමට නොහැකිව රූබල් කාමි ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වල්ගයේ එල්ලී රුසියානු වෛද්‍ය උපාධියක් ලබා ලංකාවේ විශ්ව විද්‍යාල ගැන මහා වෛරයක්, කෝන්තරයක් පිරිමසා ගැනීමට තැත් කරන මානසික වෛද්‍යවරයෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකුට ප්‍රතිකාර කිරීම සඳහා සුදුසු කම් ලත් මානසික වෛද්‍යවරයෙක් කඩිනමින් අවශ්‍යව ඇත.

රෝග ලක්ෂණ

1. නිදහස් අධ්‍යාපනය නයාට අඳුකොල මෙන් වීම
2. ඇමෙරිකාව, කැනඩාව හා යුරෝපය වන්දනා කිරීම
3.  තමන් දන්න බව පෙන්වන ,එහෙත් නොදන්නා මනෝ විද්‍යාවෙන් සෑම දෙයක්ම විශ්ලේෂණය කිරීමට තැත් කිරීම
4.අන්තරය, ලංකාවේ වෛද්‍යවරුන් ,ඇතුලු ලංකාවේ සියලු දෙයක්ම පහත් කොට සැලකීම
5. ලෝකයේ සිටින මහා බුද්ධිමතා ,උගතා තමා යැයි සිතීම
6.PTSD, PTSD  යැයි වරින් වර හඬ නැගීම
7.ලොවෙත් නැති කවුරුන් හෝ සමග ඡායාරූප ගෙන අහවලා මහා බුඩ්ඩිමතෙකි, මම ඔහුගේ මිතුරාය ,සගයාය ,ආදි වශයෙන් ලිවීම
8.රුසියාවේ වසර කීපයක් ඉගෙන ගෙන ඇති නිසා සාර් නිකොලායි තමන්ගේ බාප්පා ලෙසත්, රස්පුටින් ගුරුවරයා ලෙසත් සිතීම
9. පුද්ගල චරිත ඝාතනයට ප්‍රිය වීම
10. චතුරසේනාරත්න සින්ඩ්‍රෝමයෙන් පෙලීම- ඉතිහාසයේ සිදුවීම් වලට තම සම්බන්ධය හෝ අඩුම වශයෙන් තමන්ගේ නෑයෙක් හෝ සම්බන්ධ යැයි නිතර කීම


මේ ආදි රෝග ලක්ෂණ රාශියක් ඇති මේ පුද්ගලයා පිං තකා සුව කර දීමට කැමති මනෝ වෛද්‍යවරයෙකු සිටී නම් කඩිනමින් ඉදිරිපත් වන්න. දැනටම ප්‍රමාද වැඩියි.

Friday, February 17, 2017

සයිටම්-ඉන්දියානු ආකෘතිය

 
Hundreds of medical licenses cancelled over India exam scam
 
India's Supreme Court has cancelled the licenses of 634 doctors embroiled in a medical school admissions scandal in central Madhya Pradesh state.
Hundreds of candidates were found to have cheated to gain admission to medical colleges between 2008 and 2013.
The Vyapam scandal has seen thousands of arrests and many mysterious deaths.
Vyapam is the Hindi acronym for an office that conducts examinations for government jobs and medical school admissions in the state.
In its verdict, the Supreme Court said the accused had engaged in "acts of deceit" and "mass fraud".
The scandal involved leaking question papers, rigging answer sheets and hiring bright students as impersonators to sit for candidates, as well as selling medical school seats to the highest bidder.
Anything between 1m rupees ($15,764; £10,168) and 7m rupees was paid for a seat, correspondents say.
More than 2,000 people have been accused in connection with the scandal since 2012.
Some 33 people - mostly accused in connection with the scam - have died in the past three years, raising suspicions of foul play. It is not clear how many of the deaths are linked to the scandal.
http://www.bbc.com/news/world-asia-india-38965725

Thursday, February 16, 2017

අම්මා සහ චින්නම්මා එදිරිව අප්පච්චි සහ බාප්පොච්චිලා



අම්මා මැරුණාම චින්නම්මා හිතුවේ මහම්මා වෙන්ටය. ඒත් උන්දෑට සිද්ද වුනේ මහ උළුගෙයි උළු ගණන් කරන්ටය. ඇපීලක් දමා එලියට ඇවිත් සමා බජනයක් ලබා ගන්ට පුලුවන් වේදැයි කියන්ට තවම වේලාසන වැඩිය. දැනට නම් චින්නම්මා කම්බස්ය.

එහේ එහෙම උනාට මෙහෙ වෙනස්ය. මොකද කියනවා නම් අපි හරි වෙනස් ජාතියක් නිසාය. අප්පච්චි මැරුණාම පුතාලා අප්පච්චි වල දාන්ට කතා කරන අතරේ බාප්පොච්චිලා රටෙනුත් පැන ගියෝය. ඒ ටික දවසකටය. අප්පච්චිගේ මිනිය කරේ තියාගත්තු උන්දෑලා ඒක වෙන්දේසි කොර කොර රට වටේ ඇවිදින කොට අප්පච්චිටත් තමන් මලා කියලා අමතක වෙලාය. බාප්පොච්චිලාත් අලුත් පණක් ලැබුවා වාගේ ආපහු ඇවිත් අප්පච්චි වටේ කැරකෙන ගමන් අප්පච්චිටත් කෙලලා මහප්පච්චිලා වෙන්ට තනනවාය. ඒ අතරේ  අප්පච්චිගේ තැන ගන්ට බාප්පොච්චිලා විතරක් නෙවේ, පුතන්ඩියාත් හටන් කොරනවාය.

ඔය අව් අස්සේ මාමණ්ඩී , අප්පොච්චි එක්ක හවුලක් දායිද කියලා හිටන්  සැකය. එහෙම වුනොත් නම් රටට අබ සරණය. අනික ඉතින් එහෙම නොවුනා කියලාත් අබ සරණම තමාය.

ඔය කවුරු මොනවා කලත් අපිට වෙනසක් නැතිය.  අපිට ඕනෑ හාල්ය. අපි දැන් ඉන්නේ දෙයියන්ගේ හාල් කැවිලා වගේය. . ඒ  ඩඩ්ලිගේ හාල් ගිනි ගණන් නිසා ය.  ඩඩ්ලිගේ හාල් වල ගණන් හැටියට අපිට කන්ට වෙන්නේ එක්කො දෙයියන්ගේ හාල්ය. එහෙම නැත්තන් ක්‍රෝටන් කොළය.ඔය දෙකම නැත්නම් කනේරු ඇටය.

Thursday, February 9, 2017

සයිටමයේ අයිටම්

 

.සයිටම් නරක එහි ප්‍රමිතිය අඩු  නිසා හෝ නැති නිසා යැයි කීම බොළඳ හා  ඊටත් වැඩියෙන් කුහක තර්කයකි. ඊනියා ප්‍රමිතියක් තිබුණත් සයිටමයට  එකඟ විය නොහැක.
 
 මක් නිසා ද යත් එයින් අප නිදහස් අධ්‍යාපනය යැයි හඳුනා ගනු ලබන දෙය විනාශ කර දමන බැවිනි. සයිටම් මුදලාලි නොහොත් නෙවිල් ප්‍රනාන්දු යනු විශ්ව විද්‍යාලයක් ඇරඹීමට සුදුසු විද්‍යාර්ථියෙක් නොව කූට වෙලෙ‍ඳෙක් වන බැවිනි. සයිටමය යනු තරුණයන්ගේ සිහින ගසා කෑමට සාදා ගත් කෙමණකි. එම කෙමණට අසුවන උන් කුඩමසුන්  සේ විනාශ ය කරා යති. වෙනසකට ඇත්තේ උන් වෙදුන් වී රටේ ජනතාවත් සමගම විනාශයට යාමට තැත් කිරීමයි.
 
ප්‍රමිතිය ගැන කතා කිරීම අමන කමකි.මක් නිසාද යත් සයිටම් වාදින්ම එයට  ඉතා හොඳ පිළිතුරක් දෙන බැවිනි. ඔවුන් කියන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල වල උගැන්වූ මහාචාර්යවරුන් 14ක් හෝ 15ක් දැනටමත් සයිටම් හි සේවය  කරන බවත් සමහර රජයේ වෛද්‍ය විද්‍යාලවල මහාචාර්යවරුන් ඇත්තේ ඊට අඩුවෙන් බවත්ය.
සයිටම් ආයතනය නිදහස් අධ්‍යාපනයට එල්ල කරන නියම තර්ජනය ඇත්තේ එහිය.තම මුදල් බලය යොදවමින් රාජ්‍ය විශ්ව විද්‍යාලවල සේවය කරන ඇදුරන් එයට ඇද ගැනීමය. මෙය වඩාත් උග්‍රවන්නේ රජයේ සරසවි ඇදුරන්ට අඩු වැ‍ටුප් හා ඉතා අයපත් කොන්දේසි යටතේ සේවය කිරීමට සිදුව ඇති නිසා සයිටම් මුදලාලිලාට ඉතා පහසුවෙන් ඔවුන් ඇද ගත හැකි  වීමය. .
 
 එසේම රජය ක්‍රම ක්‍රමයෙන් අධ්‍යාපනයට යොදවන මුදල් කප්පාදු කරමින් පෞද්ගලික විශ්ව විද්‍යාල දියුණු කිරීමට මිලියන සිය ගණන් කප්පම්  දෙන තත්වයක් තුල මෙය තවත් උග්‍ර වනු ඇත.
 
ඉතා විශාල ආයෝජන සහිත පෞද්ගලික විශ්වවිද්‍යාල ඉදිරියේදී ගෙන ඒමට රජය දරණ උත්සාහයේ අනිවාර්ය ප්‍රතිපලය වනුයේ රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය ක්‍රමයෙන් විනාශ වීමය. පාලකයින්ට අවශ්‍ය වී ඇත්තේද එයයි.
 
මේ සයිටම් විරෝධී සටන , හුදු නෙවිල් ප්‍රනාන්දු මුදලාලිට එරෙහි සටනක් නොව නිදහස් අධ්‍යාපනය ‍රැක ගැනීමේ සටනක් කර ගත යුත්තේ ඒ නිසාය.