Wednesday, March 8, 2017

හැරී ජයවර්ධන, ධම්මික පෙරේරා, ජයන්ත ධර්මදාස වෘත්තීය සමිති නායකයින්ද?


ජාතික වෘත්තීය සමිති සන්ධානයට ලැබී ඇති චීන සංචාරයක  සඳහා එක්වීමට එම වෘත්තීය සමිති නායකයන් අතර දැඩි ගැටුම් කාරී තත්වයක් මතුව තිබෙන බව වෙබ් මාධ්‍ය කිහිපයක් ප්‍රවෘත්තියක් පල කර තිබේ .
මේ ගැ‍ටුම ගැන තවත් නොයෙක් තොරතුරු එම පුවත් වල තිබුණද ඒවා අපට අදාල නැත.


අපට අදාල වන්නේ එම ගැ‍ටුමට සම්බන්ධ එක් පාර්ශවයක් වශයෙන් දක්වා තිබුණු හා වෘත්තිය සමිති සංධානයේ නායකයෙක් වශයෙන් දක්වා තිබූ සයිටම් ආයතනයේ විධායක අධ්‍යක්ෂ කෙනෙක් ද වන  ගැමුණු විජේරත්න මහතා ගැනය. එම තුමා වෘත්තිය සමිති නායකයෙක්   වීම හා වෘත්තිය සමිතියකට ලැබුණු රට සවාරියකට පොර කෑම ගැනය.
එක් අතකට  පොරකෑම කමක් නැත. එය අමතක කරමු.

මේ බස් හිමි ලුම්පන් ධනපතියා  වෘත්තිය සමිති නායකයෙක් වෙන්නේ කෙසේ ද.? ඔහු වෘත්තිය සමිති නායකයෙක් නම් හැරී ජයවර්ධන, ධම්මික පෙරේරා, ජයන්ත ධර්මදාස යන අයත් වෘත්තීය සමිති නායකයින් නොවන්නේ ද?

4 comments:

  1. ලුම්පන් ධනපතියා?

    //අපේ පසුගිය ලිපියේ ලුම්පන් ධනපති පංතිය කියා යෙදී තිබුණු නිසා 'ලුම්පන්' කියන වචනයේ තේරුම මොකක්ද කියා පසුගිය දිනෙක අපේ පාඨකයෙක් ඇසුවා. මාක්ස්වාදී සංදර්භය තුළ ලුම්පන් යන වදන යෙදෙන්නේ විප්ලවය ගැන උනන්දුවක් නො දක්වන නිර්ධන පංතිය හඳුන්වන්නයි. ලුම්පන් ධනපති පංතිය යන වදන අපි යොදන්නේ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි අරුතින් 'පහත් පෙළේ' යන අරුත දෙන්නයි//

    පැරා ගේ ලිපියකින් හොයා ගත්තේ.. මෙතනත් බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි අරුතින් වෙන්නොනේ කියන්න ඇත්තේ..

    ReplyDelete
  2. /////වෙබ් මාධ්‍ය කිහිපයක් ප්‍රවෘත්තියක් පල කර තිබේ .///////
    ලින්ක් එකක් දීපන්කො මහත්තයෝ...

    ReplyDelete
    Replies
    1. http://www.lankadeepa.lk/latest_news/චීන-සංචාරයක්-නිසා-වෘත්තීය-සමිති-සන්ධානයේ-මත-ගැටුම්/1-510468

      Delete
  3. ඔබේ බ්ලොග් අඩවියේ පලවු ලිපි නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ දෙවනි වටයට තේරි ඇති අතර , තරගයට ඔබේ බ්ලොග් අඩවියේ ලිපි ඉදිරිපත් කිරිම ගැන අකමැත්තක් ඇත්නම් කරුනාකර atampahura@gmail.com වෙත ඊමෙල් පනිවිඩයක් මගින් දැනුම් දෙනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි , 2017-03-12 දින පෙරවරු 6 ට බ්ලොග් සටහනක් මගින් තරග කරන බ්ලොග් අඩවි ප්‍රකාශයට පත් කරන බැවින් ...ඊට ප්‍රථමව අකමැත්තක් ඇත්නම් දැන්වුවහොත් අපහට මහත් අස්වැසිල්ලකි . ස්තුතියි ....නෙලුම්යාය වෙනුවෙන් ...අටමා

    ReplyDelete