Wednesday, March 22, 2017

ඇතුලත්මුදලි පොරක්ද?



තම දේශපාලන ප්‍රතිවාදියාගෙන් හෝ ප්‍රතිවාදින්ගේ අතින් මීට වසර විසි ගණනකට පෙර වෙඩි කා මල ලලිත් ඇතුලත්මුදලි නම් දේශපාලකයා පිළිබඳව කතාවක් මේ දිනවල Talk of the town  වී තිබේ.

ඒ ඔහු නමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසික ශාලාවක් විවෘත කිරීමට දැරූ උත්සාහයක් සිසුන් මැදිහත් වී වැලක්වීමයි.

තමන්ගේ නමින් මාර්ග, ගොඩනැගිලි, ක්‍රීඩාපිටි, ගුවන්තොට පමණක් නොව වැසිකිලි පවා නම් කරගැනීමේ සිරිතක් ලංකාවේ දේශපාලකයින් අතර තිබේ. ආර්.ප්‍රේමදාස හා මහින්ද රාජපක්ෂ මේ අතර ඉදිරියෙන්ම සිටි දෙපලකි.

දැන් මේ කඩිමුඩියේ , මීට වසර විසි පහකට කලින් වෙඩි කා මල දේශපාලකයෙකුගේ නමින් සරසවි නේවාසිකාගාරයක් නම් කිරීමට පාලකයින්ට අවශ්‍ය වූයේ මන්ද?

ඔවුන් කියන්නේ සිසුන් ට මහපොල ශිෂ්‍යත්වය හඳුන්වා දුන් මහා පුරුෂයා  නිසා ඔහුට ගරු කළ යුතු බවය. ජනතාවගේ බදු මුදලින්ම යැපුණු මේ දේශපාලුවන් මහපොල ශිෂ්‍යත්වය ලබා දුන්නේ ඔවුන්ගේ බූදලයෙන් නම් අපිට කම් නැත. එහෙත් ඔවුන් එය කලේ නැවතත් ජනතාවගේ තුට්‍ටු දෙකම සූරාගනිමින්ය.

අනිත් අතට ලලිත් ඇතුලත්මුදලි යනු වන්දනා කල යුතු ආදර්ශමත් දේශපාලකයෙක්ද?

ජාතියට මහපොල දායාද කළ මේ මහා මානව හිතවාදි බුද්ධිමතා, 1980 මහා වැඩ වර්ජනයට සහභාගි වූ කම්කරුවන් කනත්තට දක්කන බවට කළ තර්ජන අද අතුලත්මුදලි වෙනුවෙන් කඩේ යන සුදනන් එක්කෝ දන්නේ නැත, නැත්නම් මතක නැත. එදා වර්ජනයට සහභාගි වුවන් ‍රැකියාවෙන් පහකල ජයවර්දන -ඇතුලත්මුදලි-දිසානායක-ප්‍රේමදාස හවුල එම පොරොන්දුව මැනවින් ඉ‍ටු කලේය.

එපමණක් නොව මේ රටේ පරම්පරාවක තරුණ ලේ ඔහුගේ දෑතේ තැවරී ඇත.1979 දී ත්‍රස්තවාදය මැඩීමේ පනතේ නිර්මාපකයා වූ ඔහු  1988 දී වගකීමෙන් ආරක්ෂා වීමේ පනත ඉදිරිපත් කොට රාජ්‍ය අනුග්‍රාහක මිනී මැරීම් සඳහා නීත්‍යානුකූල බව ලබා දුන්නේය.

 1983 ජූලියේ දෙමල ජාතිකයන් දහස් ගණනාවක් මරා දමා තවත් ලක්ෂ ගණනක් උන් හිටි තැන් අහිමි කර දේපල ගිනිබත් කර තිබු තත්වයක් තුල , 1983 ජූලි 31 දින ගුවන් විදුලියෙන් ඒ ගැන කිසිත් නොතකා , නොකියා පැවසූයේ කුමක්ද?

" යලිත් දකිනු පිණිස ඔබ හෝ මම ජීවත් විය යුතු නැතයි සිතෙන දසුනක් මම දුටිමි. මහත් සේ අපහසුවට පත් ව පේලි ගැසී ආහාර සොයන මිනිසුන් මම දු‍ටුවෙමි. මේ දර්ශනය මා බොහෝ සේ ශෝකයට පත් කලේය."

ඔව්, මේ මහා මානව හිතවාදියා ශෝකයට පත්ව ඇත්තේ මරා දමන ලද අහිංසක ගැහැණු,පිරිමි සහ ළමුන් දහස් ගණනක් ගැන නොව , ආහාර හිඟය නිසා පීඩාවට පත්ව සිටි මිනිසුන්ය. අපූරුයි, මානවහිතවාදිත්වය.

එපමණක් නොව 83 ජුලියේම වැලිකඩ සිරගෙදරදී දෙමල සිරකරුවන් ඝාතන තැතක් පිළිබඳව ඉව වැටී ඔවුන් එතැනින් ඉවත් කිරීමට උත්සාහ කරන විට එයට හරස් කපා ඒ තිරිසන් ඝාතනයට පාර කැපුයේද මේ මහා මානව හිතවාදියාමය.

1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන කරනු ලැබ තිබියදී අත් අඩංගුවට ගත් කොටි නායකයින් 10 දෙනෙක් කොළඹට ගෙන ඒමට අණ කර, ඔවුන් සිය දිවි නසා ගැනීමට යොමු කර නැවත මහා ජන ඝාතක යුද්ධයට ඉඩ ලබා දුන්නේ ද අප කතානායක උතුමාණන්මය.

මේ සියලු දේ පිළිබඳ විස්තර යාපන සරසවියේ ආචාර්ය රාජන් හූල්  ලියූ " ශ්‍රී ලංකාව- බලයේ මහන්තත්වය, මිථ්‍යා, පරිහාණිය හා මනුෂ්‍ය ඝාතන " කෘතියේ මනාව විස්තර කර ඇත.

දැන් පාලකයින් සරසවියක නේවාසිකාගාරයක් නම් කිරීමට යන්නේ මෙබඳු පුද්ගලයෙකුගේ නමින්ය.
නැත. එයට ඉඩ දිය යුතු නැත.

සිසුනි, ඔබ එයට එරෙහි වීමෙන් ඉතාමත් නිවැරදි දේ කර ඇත.

පාලක මහත්වරුනි. ඔබට ලලිත් ඇතුලත්මුදලි වෙනුවෙන් යමක් නම් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා " වැලිකඩ හිරගෙදර" සුදුසු බව අප කියමු.

 එය නොහැකි නම් ඔබගේ නිවස ඒ සඳහා ‍තෝරාගන්න
'

"

20 comments:

  1. //1979 දී ත්‍රස්තවාදය මැඩීමේ පනතේ නිර්මාපකයා වූ ඔහු 1988 දී වගකීමෙන් ආරක්ෂා වීමේ පනත ඉදිරිපත් කොට රාජ්‍ය අනුග්‍රාහක මිනී මැරීම් සඳහා නීත්‍යානුකූල බව ලබා දුන්නේය.//
    සමහරුන්ට අතීතය අමතකයි. සමහරු දන්නෙ නෑ. තවත් දේ බොහොමයි.
    කොහොමත් දේශපාලකයන්ගේ නමින් සරසවි නේවාසිකාගාර නම් කරන්නට ඉඩ නොදිය යුතුයි.

    ReplyDelete
  2. ඔය හාදයනෙ සැරයක් කිව්වෙ "කව්ද කියන්නෙ රුපියලේ අගය අඩු වෙලා කියල, රුපියලට එදත් ශත සීයයි අදත් ශත සීයයි" කියල.
    ඒ තරමට තමයි මිනිහ සාමන්‍ය ජනතාව ගොන්නු කියල හිතාන උන්නෙ.
    අනික හැමෝම කියන්නෙ ලලිත් හිටියනම්, ගාමිණී හිටියනම් අද මේ රට සිංගප්පූරුවක් කියල.
    බංබුව තමයි, හැමිණිල තියෙයි.

    ReplyDelete
    Replies
    1. ඒ රුපියලට ශත සීයයි කතාව කීවේ තිලක් රත්නාකර බවයි මගේ මතකය!

      Delete
  3. මිනීමරු විජේවීර වගේ එකෙක්ගේ නමින් දාමුද එහෙනම් ඕක?

    අනේ ගොනෝ ඇතුලත්මුදලි මහපොළ ආරම්භ කලේ ඒ මනුස්සයාගේ පෞද්ගලික අරමුදලින්. තොපි වගේ කුහකයොන්ට රස්සාවක් දෙන්නවත් පෞද්ගලික ව්‍යසායකයකේ කැමති වෙයිද කියහන්කෝ ඉතිං. පව් ඔයි තමුසෙලා. මුන් වගේ පිනට කන්න ඉන්න එවුන්ට සතපහක් දෙන්න හොද නෑ. තොපි ඇවිල්ලා රටට‍ බරක්.

    ReplyDelete
    Replies
    1. ඇතුලත්මුදලි ඇමති කාලේ ලන්කාවට රජයේ සල්ලි වලින් ගත්තු එක නැවකට නම දැම්මේ ලන්කා ශ්‍රීමනී.හෙවත් තමන්ගේ බිරිදගේ නම.පස්සේ ඒක වහගන්න ඊලගට ගත්ත නැවට නම දැම්මා ලන්කා ශ්‍රීමතී කියලා.රටට බරක් වන්නේ මෙවැනි ආන්ඩුවේ සල්ලි වලින් බැබලෙන්නට හදන ගොන්පාට් කාරයන් මිස සිසුන් නොවේ.කුලියට කහින්න කලින් හොයලා බලලා කතාකරපන්.

      Delete
    2. ඔන්න ඔන්න දන්නේ නැති දේවල් කියවනවා.
      මුලින් ගත්තේ 'ලංකා ශ්‍රීමතී'. ඒකට නම දැම්මේ ලලිත් නෙවෙයි එය යටතේ තිබුණු නැව් සංස්ථාවෙන්. උනුත් එක කලේ ගොට්ටක් අල්ලලා ඇමතිගෙන් ලකුණක් දාගන්න. පස්සේ තමයි උන් දැනගත්තේ නම ශ්‍රීමති නෙවෙයි 'ශ්‍රීමනි' කියල. මොකද ශ්‍රීමනි කියන එක එච්චර කොමන් නමක් නෙවෙන නිසා.

      Delete
  4. ජේආර්ගේ ප්‍රධාන චක්ගෝලයෙක වූ ලලිත් අතුලත්මුදලි ඒ යූඇම්පී රජයේ සියලු ජඩවැඩවල පොදු වගකීම ද, රාජ්‍ය ආරක්‍ෂක ඇමති ලෙස සහ අධ්‍යාපන ඇමති ලෙස කළ ජඩ වැඩවල පුර්ණ වගකීම ද හිමිවෙනවා.

    දුෂණ ගැන කියනවා නම්, දෝෂාභියෝගය කාලේ ලලිත් නැව් ගිල්ල කතාවක් තිබුණා මතකයි.

    නමුත්, එනිසා, මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය ඇරඹීමේ ගෙෘරවය ඔහුගෙන් උදුරා ගන්න බෑ!

    ReplyDelete
  5. කැට හොල්ලලා ගෙවල් කුලියට අරන් වධකාගාර නඩත්තු කරන උන්ගේ පදයට ගරු කරලා ඔය නේවාසිකාගරයට විරු ශිෂ්‍යකුගේ නමක් දාමු.
    මරු වාමාංශිකයෝ...!

    ReplyDelete
    Replies
    1. යකෝ ඕවා මේ රටේ දුප්පත් මිනිස්සුන්ගෙන් බදු ගහලා ගන්න සල්ලි වලින් හදන දේවල්.ඒවාට එක එක පොලොටික්කන්ගේ නම්දාන්න ඕනෑ නැහැ කියලවත් තේරුම් ගනින්

      Delete
    2. අම්මට හුඩු එහෙනම් ඔය තියෙන ඔක්කොම කඩලා,බිඳලා දාමු.අනේ උඹලාගේ ලොජික් බං.

      Delete
    3. කියන දෙයක් තේරෙන්නේ නැති උඹලා වගේ එවුන්ට ගමේ කියන්නේ මොංගල් එවුන් කියලා.කඩේ යන්න කලින් හරියට තර්කයක් කරන්නවත් ඉගෙනගෙන හිටහන් බන්.

      Delete
  6. ඇත්ත තමයි මහජනයගේ බදු සල්ලි වලින් හදපු ඔය බිල්ඩිමට ඇතුලත්මුදලිගේ නම දාන එක වැරදියි. මෙන්න මේ නම් දෙකෙන් එකක් දාමු නේද? රූපා රත්නසීලි හෝ වරප්‍රගාෂ්.
    අනේ උඹ්ලගේ සමාජවාදේ

    ReplyDelete
    Replies
    1. පව් අප්පා මූ බොහොම අමාරුවෙන් එකිනෙකට නොගැලපෙන නම් දෙකක් හොයාගෙන.

      Delete
  7. මමත් මහපොල ශිශ්ශත්ව ලාභියෙක්.එහෙම කියලා ඔය සමහර උප ඇමතිවරු කියනවාවගේ ඇතුලත්මුදලිගේ පොටෝ එක ගහගෙන මල් පහන් පූජා කරන්න ඕනෑ කියලාමම නම් හිතන්නේ නෑ.මොකද ජනතාවට යහපත සලසන්න තමයි රජයක් තියෙන්නේ.මහපොල දෙන්නේ මේ රටේ ජනතාවගේ සල්ලි වලින් මිසක් ඒක එක්කෙනාගේ බූදලෙන් නොවෙයි.

    ReplyDelete
    Replies
    1. පොටෝ එක ගහගෙන මල් පහන් පූජා කරන්න ඕනෑ කමක් නං නෑ තමයි.
      ඒත් ඉතිං ඔය හාදය මහපොළ පටන්ගත්තේ නැත්තං ඉතිං තාමත් හුප්පේ තමයි. ශිෂ්‍යාධාර දෙනු කියා කියා ලිප්ටන් වටරවුමෙයි කොටුවේ දුම්රියපොලෙයි කට්ට කන්න තිබුන.
      ඉස්සර නං ඕකට සල්ලි හම්බුකළේ රටවටේ මහපොළ කියල සැණකෙළියක් තියලයි. නැතුව මේ 'මහජනයාගේ' බදු මුදලින් නෙවෙයි.

      Delete
  8. උඹ වගේ අඩු කුලේ වේසිගෙ පුතෙක් පොරක් කියලද උඹ හිතන්නේ

    ReplyDelete
  9. ඕකට චේගෙ හරි, ලෙනින්ගෙ හරි අඩුම ගානෙ විජේවීරගෙ හරි නම දැම්මානම් ඔය සිසුවො බොහොම කැමතිවෙයි. හැබැයි උනුත් සේරම ජන ඝාතක දේශපාලුවො තමයි. මම නම් කියන්නෙ දේශපාලුවන්ගෙ නම් දැමීම අවශ්‍ය නෑ. හැබැයි ලලිත් පොරක් තමයි, නැත්නම් ඔක්ස්ෆර්ඩ් එකෙනුයි, හාවඩ් එකෙනුයි උපාධි ගන්න බෑනෙ. අනික මහපොල ඇති කළේ වෙළඳ ඇමති කාලෙ තමන්ගෙ පුද්ගලික මුදල්වලින්, ඒ ගෞරවය දිය යුතුයි, හැබැයි දේශපාලුවන්ගෙ නම් දැමීම නොකළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. රොබට්, ඔක්ස්ෆර්ඩ් එකෙනුයි, හාවඩ් එකෙනුයි ශාස්ත්‍රවේදී උපාධි දෙන්නේ නැහැ නේ බං.
      අඩුමගානේ මේකට උලපනේ අත්තනායක නේවාසිකාගාරය කියලවත් දැම්මනං.

      Delete
  10. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පණ වුනත් දෙන්න වගේ කතා කරන, ඒත් ඒක හඳුන්වලා දීපු කන්නන්ගර මැතිතුමාවත් අඩු ගානේ මතක් වෙන්නැති එකෙ ඇතුලත්මුදලි ගැන කවර නම් කතාද?

    ReplyDelete