කාලගුණ ලොක්කා ද තම සගයන් සමග සියලු දත්ත, ඓතිහාසික වාර්තා ,පරික්ෂා කර බලා ඉදිරි දින ගණනාවකටම කිසිදු වැස්සක් නොවැටෙන බවට සහතික විය.
ඉතින් අපේ රජතුමාණන් ද තම බිරිඳ නොහොත් බිසව ත් තව මහ පිරිවරක් සමග දඩයමේ ගියේ තවත් කොහේදෝ රටක හිටි රජ කෙනෙක් එක්සත් ජාතින්ගේ සමුලුවට බිසවත් බිසවගේ මල්ලිත්, පුත් කුමාරවරුත් , ආවතේව කාරයිනුත් ඇතුලු හැට හුට හමාරක් සමග ගිය ආකාරයටමය.
රජ සහ පිරිස මෙහෙම යනකොට යනකොට අතරමග මගදී බූරුවෙක් පිටේ දර තොගයක් පටවා ගෙන හනි හනික යන ගොවියෙක් හමු වුනේය.
දඩ කෙලියේ යන . රජු දුටු ගොවි තෙමේ
අහෝ ඛේදයකි. වැඩි වෙලාවක් යන්නට කලින් දෙල් දොදොල් වෙන මහ වැස්සක් කඩා වැටී රජ සහ බිසව සහ බිසවගේ මල්ලි සහ කුමාරවරුන් සහ සිය පිරිවර සියළු දෙනාම තෙමිච්ච කුකුලන් සේ දියබත් වී ආපසු මාලිගයට වැඩම කලහ.
කෝපාවිෂ්ඨ, රජ මාලිගාවට පැමිණ වහාම කාලගුණයා රස්සාවෙන් එලවා දැම්මේය. කාලගුණයාද ඇති යන්තන් හිස් ගැසුම් නොකා බේරුනා යි සිතමින් දිරා මාරු විය.
තම ඇඟ පත තුවායකින් පිසදා ගන්නා ගමන් රජ තෙමේ පණිවිඩයක් යවා කාලගුණ කාර ගොවියා මාලිගාවට කැඳවා ඔහුට තම ප්‍රධාන කාලගුණ විද්‍යාඥ තනතුර ද දී විශාල වැටුපක් ද දුන්නේය.
එහෙත් අඳෝමැයි. එම ගොවි මහතා "රජතුමනි, මම කාලගුණය ගැන කිසිම දෙයක් දන්නේ නෑ මම මගේ බූරුවා දිහා බලලා තමා ඔබතුමාට වහින බව කිව්වේ. වැස්සක් එනවා නම් උගේ කන් දෙක කෙලින් වෙනවා. ඒ නිසා මට මේ තනතුර එපා.. ඒක මට හරියන්නේ නැතැයි " කියා කීවේ රජ ගොල්ලන් ආශ්‍රය ඇඟට ගුණදායක් නොවන බව දන්නා නිසාය.
ඒකත් එහෙමද කී රජතුමා ගොවියාගේ බූරුවාට තම කාලගුණ විද්‍යාඥ තනතුර පමණක් නොව කාලගුණය බාර ඇමති කම ද ලබා දී යහමින් සෙමෙන් වැජඹුනේ යැයි ඉතිහාස කතාවේ කියවේ.
ඉතින් එදා සිට අද දක්වා ඒ රටේ ඇමති කම් කරන්නේ බූරුවන්ය.
එහෙම වුණායැයි කියලා,
ReplyDeleteසිරිලංකාවේ එහෙම වෙන්නෙ නෑ...බොලං ලංකාවේ එහෙම වෙන්නෙ නෑ...
මරු කතාව
ReplyDelete