සුහද මාරු
1. කොළඹ ජාතික රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරයෙකු හම්බන්තොට හෝ තංගල්ල රෝහල් දෙකෙන් එකකට ඉක්මන් සුහද මාරුවක් පතයි.
2. ඹහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ ජාතික පාසැලක විදුහල්පතිවරයෙක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසලකට සුහද මාරුවක් පතයි. කණිෂ්ඨ හෝ ප්‍රථමික පාසලක් වුවද කම් නැත.
3. කොළඹ රාජකීය විදුහලේ සේවය කරන ගුරුවරයෙකු හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසලකට සුහද මාරුවක් පතයි.
ඉඩකඩම්, දේපොල
1. හම්බන්තොට නගරයට කි.මී 12 ඉඩම් පර්චස් 60 වහාම විකිණීමට ,පර්චසය රු. ලක්ෂ 30 සිට .කොටස් වශයෙන්ද විකිනේ.
2. හම්බන්තොට නගරයේ සිට කි.මී විස්සයි . කාමර දෙකේ නිවස සමග පර් 5 ඉඩම රු. ලක්ෂ 300 යි.බ්‍රෝකර් ලා අනවශ්‍යයි.
නම් වෙනස් කිරීමයි
1.හම්බන්තොට දිස්ත්‍රික්කයේ පදිංචි නිමල් වීරසිංහ වන මම මෙතැන් සිට නිමල් රාජපක්ෂ යන නම භාවිතා කරන බව උතුම් වූ ශ්‍රී ලංකාණ්ඩුවටත් ශ්‍රී ලංකාවාසී මහජනයාටත් මෙයින් දැනුම් දෙමි.
2. මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි සෙනරත් වීර බංඩාර පිලිමතලාවේ නන්දන සෙනරත් පිලිමතලාවේ වන මම මෙතැන් සිට නන්දන රාජපක්ෂ නම භාවිතා කරන බව උතුම් වූ ශ්‍රී ලංකාණ්ඩුවටත් ශ්‍රී ලංකාවාසී මහජනයාටත් මෙයින් දැනුම් දෙමි.
3. කොලඹ දිස්ත්‍රික්කයේ පදිංචි සමන් පෙරෙරා වන මම මෙතැන් සිට සමන් රාජපක්ෂ යන නම භාවිතා කරන බව උතුම් වූ ශ්‍රී ලංකාණ්ඩුවටත් ශ්‍රී ලංකාවාසී මහජනයාටත් මෙයින් දැනුම් දෙමි.
4. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචි පහල ගෙදර කිරිමැණිකා වන මම මෙතැන් සිට කිරිමැණිකා රාජපක්ෂ යන නම භාවිතා කරන බව උතුම් වූ ශ්‍රී ලංකාණ්ඩුවටත් ශ්‍රී ලංකාවාසී මහජනයාටත් මෙයින් දැනුම් දෙමි.
එතකොට සේරම හරියැ? හි හි
ReplyDeleteයන විදියට වරදින්න බැහැ
Deleteආන් පුතේ ආස්චර්යය...
ReplyDelete:D
ReplyDeleteමහ පොළවේ කේන්දරේ හම්බන්තොට
ReplyDeleteඉර හඳ තරු උපදින්නේ හම්බන්තොට
වෙන්නට බැරි දේ සිදුවන හම්බන්තොට
අපේ හීන අගනුවරයි හම්බන්තොට
හම්බන්තොට හම්බන්තොට හම්බන්තොට
හම්බන්තොට අම්මටසිරි හම්බන්තොට
(W3lanka)
මොකෝ චාමි අර වැඩේ ගැන සද්දයක් නැති වුනේ ????
Deleteඅම්මටසිරි හම්බන්තොට
Deleteමමත් නම වෙනස් කොරන්න හිතුව විතරයි... අප්පා.. දේශක රාජපක්ස.. කියලා... ඒක නෙමේ උඹ දන්නවනං හම්බයා පැත්තේ පර්චස් දෙකක් හොයල දීපන් පැලං අටව ගන්න.. හම්බ ගනන් ලු බං ඉඩං දැං.. හොද නිර්මාණයක් බං..
ReplyDeleteමමත් මේ කල්පනා කරන්නේ කනා රාජපක්ෂ කියලා නම දා ගන්නද කියලා
Deleteහම්බන්තොට කියා දැන් හැඳින්වෙන ප්‍රදේශයේ නම පසුගිය සියවස් කිහිපය ඇතුලත විකෘති වෙලා මුල නම අමතක වෙලා ගිහින්.
ReplyDeleteඅපේ අසහාය ඉතිහාසඥ ජැකෝනිස් අන්තෝනියෝ මුණිතුමා මහාවංස පුරාණ පුස්කොල පිටපතක තිබී කාවන්තිස්ස රජ දවස ඔය හිරුවාපත්තුවට කියූ සෑබෑ නම අනාවරණය කර ගන්නවා සිකුරුයි.
දුටුගැමුණු ගේ හේවාභටයෝ රුවන්වැලි සෑය හදන කාලේ ගඩොල් හදන්න රජුට පස් දුන්නේ ඔය පලාතෙන්. එනිසා ඒ කාලේ "රජ පස් තොට" යනුවෙන් තමයි ඔය පලාත හැඳින්විලා තියෙන බවයි මං අලා තියෙන්නේ.
ඕකට මං හිතන්නේ ඔයිටත් එහා ඉතිහාසයක් තියෙනවා, මැද මූලනි බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් ඉඳලා තියෙනවා. අර චූලනි බ්‍රහ්මදත්තගේ ඥාතියෙක්. මේ මැද මූලනි නමයි, රජපස් නමයි අතර සම්බන්ද දැන් ජාකොලිස් තුමා හොයා ගෙන යනවා
Deleteකිලිනොච්චියේ පදිංචි සෙල්ලය්යා විශ්වනාදන් වන මම මෙතැන් පටන් සෙල්ලය්යා රාජපක්ෂ යන නම භාවිතා කරන බව උතුම් වූ ශ්‍රී ලංකාණ්ඩුවටත් ශ්‍රී ලංකාවාසී මහජනයාටත් මෙයින් දැනුම් දෙමි.
ReplyDeleteකල්මුනේ පදිංචි මොහමඩ් ඉස්මයිල් වන මම මෙතැන් පටන් මොහමඩ් රාජපක්ෂ යන නම භාවිතා කරන බව උතුම් වූ ශ්‍රී ලංකාණ්ඩුවටත් ශ්‍රී ලංකාවාසී මහජනයාටත් මෙයින් දැනුම් දෙමි.
ReplyDeleteමෙතෙක් කාලයක් හම්බන්තොට වූ මෙම පුරය, .....පුර නමින් හඳුන්වන බව අති විශේෂ ...... ගැසට් නිවේදනයෙන් ජනතාවට දැනුම් දෙන බවයි....
ReplyDeleteරාජපක්ෂ පුරයේ රාජපක්ෂ ගුවන් තොටින් ගොඩ බැස , රාජපක්ෂ වරාය, රාජපක්ෂ සම්මත්‍රන ශාලාව, රාජපෂ විදුහල නරඹා ...... හිකිස්
Delete