Saturday, February 2, 2013

ලඟ ලඟ එන ලහිපිටක්



සුහද මාරු

1. කොළඹ ජාතික රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරයෙකු හම්බන්තොට හෝ තංගල්ල රෝහල් දෙකෙන් එකකට ඉක්මන් සුහද මාරුවක් පතයි.

2. ඹහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ ජාතික පාසැලක විදුහල්පතිවරයෙක්  හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසලකට සුහද මාරුවක් පතයි. කණිෂ්ඨ හෝ ප්‍රථමික පාසලක් වුවද කම් නැත.

3. කොළඹ රාජකීය විදුහලේ සේවය කරන ගුරුවරයෙකු හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසලකට සුහද මාරුවක් පතයි.

ඉඩකඩම්, දේපොල

1. හම්බන්තොට නගරයට කි.මී 12   ඉඩම් පර්චස් 60 වහාම විකිණීමට ,පර්චසය රු. ලක්ෂ 30 සිට .කොටස් වශයෙන්ද විකිනේ.

2. හම්බන්තොට නගරයේ සිට කි.මී විස්සයි . කාමර දෙකේ නිවස සමග පර් 5 ඉඩම  රු. ලක්ෂ 300 යි.බ්‍රෝකර් ලා අනවශ්‍යයි.


නම් වෙනස් කිරීමයි

1.හම්බන්තොට දිස්ත්‍රික්කයේ පදිංචි නිමල් වීරසිංහ වන මම මෙතැන් සිට නිමල් රාජපක්ෂ යන නම භාවිතා කරන බව උතුම් වූ ශ්‍රී ලංකාණ්ඩුවටත් ශ්‍රී ලංකාවාසී මහජනයාටත් මෙයින් දැනුම් දෙමි.

2. මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි සෙනරත් වීර බංඩාර පිලිමතලාවේ නන්දන සෙනරත් පිලිමතලාවේ වන මම මෙතැන් සිට නන්දන රාජපක්ෂ නම භාවිතා කරන බව උතුම් වූ ශ්‍රී ලංකාණ්ඩුවටත් ශ්‍රී ලංකාවාසී මහජනයාටත් මෙයින් දැනුම් දෙමි.

3. කොලඹ  දිස්ත්‍රික්කයේ පදිංචි සමන් පෙරෙරා  වන මම මෙතැන් සිට සමන් රාජපක්ෂ යන නම භාවිතා කරන බව උතුම් වූ ශ්‍රී ලංකාණ්ඩුවටත් ශ්‍රී ලංකාවාසී මහජනයාටත් මෙයින් දැනුම් දෙමි.

4. අනුරාධපුර  දිස්ත්‍රික්කයේ පදිංචි පහල ගෙදර කිරිමැණිකා   වන මම මෙතැන් සිට කිරිමැණිකා   රාජපක්ෂ යන නම භාවිතා කරන බව උතුම් වූ ශ්‍රී ලංකාණ්ඩුවටත් ශ්‍රී ලංකාවාසී මහජනයාටත් මෙයින් දැනුම් දෙමි.


15 comments:

  1. එතකොට සේරම හරියැ? හි හි

    ReplyDelete
  2. ආන් පුතේ ආස්චර්යය...

    ReplyDelete
  3. මහ පොළවේ කේන්දරේ හම්බන්තොට
    ඉර හඳ තරු උපදින්නේ හම්බන්තොට
    වෙන්නට බැරි දේ සිදුවන හම්බන්තොට
    අපේ හීන අගනුවරයි හම්බන්තොට

    හම්බන්තොට හම්බන්තොට හම්බන්තොට
    හම්බන්තොට අම්මටසිරි හම්බන්තොට

    (W3lanka)

    ReplyDelete
    Replies
    1. මොකෝ චාමි අර වැඩේ ගැන සද්දයක් නැති වුනේ ????

      Delete
    2. අම්මටසිරි හම්බන්තොට

      Delete
  4. මමත් නම වෙනස් කොරන්න හිතුව විතරයි... අප්පා.. දේශක රාජපක්ස.. කියලා... ඒක නෙමේ උඹ දන්නවනං හම්බයා පැත්තේ පර්චස් දෙකක් හොයල දීපන් පැලං අටව ගන්න.. හම්බ ගනන් ලු බං ඉඩං දැං.. හොද නිර්මාණයක් බං..

    ReplyDelete
    Replies
    1. මමත් මේ කල්පනා කරන්නේ කනා රාජපක්ෂ කියලා නම දා ගන්නද කියලා

      Delete
  5. හම්බන්තොට කියා දැන් හැඳින්වෙන ප්‍රදේශයේ නම පසුගිය සියවස් කිහිපය ඇතුලත විකෘති වෙලා මුල නම අමතක වෙලා ගිහින්.

    අපේ අසහාය ඉතිහාසඥ ජැකෝනිස් අන්තෝනියෝ මුණිතුමා මහාවංස පුරාණ පුස්කොල පිටපතක තිබී කාවන්තිස්ස රජ දවස ඔය හිරුවාපත්තුවට කියූ සෑබෑ නම අනාවරණය කර ගන්නවා සිකුරුයි.

    දුටුගැමුණු ගේ හේවාභටයෝ රුවන්වැලි සෑය හදන කාලේ ගඩොල් හදන්න රජුට පස් දුන්නේ ඔය පලාතෙන්. එනිසා ඒ කාලේ "රජ පස් තොට" යනුවෙන් තමයි ඔය පලාත හැඳින්විලා තියෙන බවයි මං අලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඕකට මං හිතන්නේ ඔයිටත් එහා ඉතිහාසයක් තියෙනවා, මැද මූලනි බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් ඉඳලා තියෙනවා. අර චූලනි බ්‍රහ්මදත්තගේ ඥාතියෙක්. මේ මැද මූලනි නමයි, රජපස් නමයි අතර සම්බන්ද දැන් ජාකොලිස් තුමා හොයා ගෙන යනවා

      Delete
  6. කිලිනොච්චියේ පදිංචි සෙල්ලය්යා විශ්වනාදන් වන මම මෙතැන් පටන් සෙල්ලය්යා රාජපක්ෂ යන නම භාවිතා කරන බව උතුම් වූ ශ්‍රී ලංකාණ්ඩුවටත් ශ්‍රී ලංකාවාසී මහජනයාටත් මෙයින් දැනුම් දෙමි.

    ReplyDelete
  7. කල්මුනේ පදිංචි මොහමඩ් ඉස්මයිල් වන මම මෙතැන් පටන් මොහමඩ් රාජපක්ෂ යන නම භාවිතා කරන බව උතුම් වූ ශ්‍රී ලංකාණ්ඩුවටත් ශ්‍රී ලංකාවාසී මහජනයාටත් මෙයින් දැනුම් දෙමි.

    ReplyDelete
  8. මෙතෙක් කාලයක් හම්බන්තොට වූ මෙම පුරය, .....පුර නමින් හඳුන්වන බව අති විශේෂ ...... ගැසට් නිවේදනයෙන් ජනතාවට දැනුම් දෙන බවයි....

    ReplyDelete
    Replies
    1. රාජපක්ෂ පුරයේ රාජපක්ෂ ගුවන් තොටින් ගොඩ බැස , රාජපක්ෂ වරාය, රාජපක්ෂ සම්මත්‍රන ශාලාව, රාජපෂ විදුහල නරඹා ...... හිකිස්

      Delete