Friday, February 22, 2013

ලොව සියලු ළමුන් වෙනුවෙන්


"පිය තුමනි, එහෙම නෙවෙයි. ආදරය ගැන මම හිතන්නේ වෙනත් විධියකටයි. කුඩා දරුවන් වද හිංසාවට ලක්  කරන, මරණ ක්‍රමයකට මම මැරෙන තුරාවට ආදරය කරන්නේ නැහැ"

ඉහත උද්ධෘතය ඇල්බෙයාර් කැමුගේ මහාමාරිය නව කතාවෙනි. මහාමාරිය වැළඳුනු දරුවෙකු මිය ගිය විට කෝපාවිෂ්ට වූ දොස්තර රියුක්ස්  එසේ පවසන්නේ එම මරණය දෙවියන්ගේ කැමත්ත නිසා එයට විරුද්ධ නොවිය යුතු යැයි කියන  පියතුමන්ටය.

මටද කීමට ඇත්තේ එයයි. මා ලියන්නේ ද ක්‍රියා කරන්නේද  ඒ වෙනුවෙනි.

එනම් මේ ලෝකය කුඩා දරුවන් මරා  නොදමන තැනක් බවට පත් කිරීම උදෙසාය.

 ලදරුවන් කුස ගින්නේ මිය නොයන තැනක් බවට පත් කිරීම උදෙසාය.

ඔවුන්ව දූෂණය නොකරන ලොවක් උදෙසාය.

තම බඩ වියත වෙනුවෙන් කුඩා දරුවන්ට වහල් සේවයේ යෙදෙන්නට නොවන ලොවක් උදෙසාය.

අඟ හිඟ කම් නිසා කුඩා උන් හොරකමට, ගණිකා වෘත්තියට තල්ලු නොකරන ලොවක් උදෙසාය.

කෙටියෙන් කිවහොත් ලෝකයේ සියලු කුඩා දරුවන් සඳහා වඩා යහපත් හෙටක් උදෙසාය.

එහෙත් එය එතරම් පහසු දෙයක් නොවන බව පසු ගිය දින දෙක පුරා අප අන්තර්ජාලයෙන් ඉගෙන ගත් පාඩමයි.





4 comments:

  1. උඹ විතරයි අඩුව හිටියේ. දැන් ඒකත් හරි. මම ඒත් බල බලා හිටියේ ඇයි උඹ තාම අඬන්නේ නැත්තේ ඇයි කියලා

    ReplyDelete
  2. It is good to know that i am not alone

    ReplyDelete
  3. ‘‘එකඟයි මුළුමනින්ම... වඩා යහපත් ලොවක් අපේ දරුවන් වෙනුවෙන්... අපේ දරුවන් කියද්දි රිසානා, පොල් හොරකම් කළ දරුවා, දූෂණයට ලක් වෙලා සියදිවි නසා ගත් දරුවා, බෝම්බ වෙඩි උණ්ඩවල ඉලක්ක වුණු දරුවො... කොටින්ම සමාජ, ආර්ථික, දේශපාලන වටපිටාව තුළ ගොදුරු බවට පත් වූ, එයට කිසිසේත්ම වග කිව යුතු නැති දරුවො... මේ හැමෝම.... බාලචන්ද්ර න් කියන්නෙත් ළමයෙක්... ”

    ReplyDelete
  4. මිනිස්සු තාමත් මේ ළෝකේ ඉන්නවා. ඒකයි තාමත් ළෝකේ පවතින්නේ. විශේෂයෙන් ලංකාවා. ගෝත්‍රිකයන් රාශීයක් මැද.. පරිනාමය වූ මිනිසුන් කොටසක් සිටීම සිතට සතුටක්...

    ReplyDelete