Tuesday, February 26, 2013

ඉන්ධන මිල හලාල් වීම



22 දා  මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දැමීමට ජමියතුල් උලමා සංවිධානය තීරණය කර තිබේ. ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින්ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 6කින්ද, සුපිරි ඩීසල් ලීටරයක් රපියල් 3කින්ද ඉහළ දමා තිබේ.
මෙම මිල වැඩි කිරීමට අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 170ක්ද, ඔක්‍ටේන් 90 පෙට්‍රල් ලීටරයක් නව මිල රුපියල් 162ද වනු ඇත.
එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක නව මිල 121ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපිල 145ක් වනු ඇත.

ජමියතුල් උලමා සංවිධානය කල මේ මිල වැඩි කිරීම තමන් දැඩි ලෙස හෙලා දකින බවත් ඊට එරෙහිව උද්ඝෝෂණය කරන බවත් බොදු බල සේනාව කියා සිටී.

මේ අතර ප්‍රකාශයක් නිකුත් කරන ජාතික හෙල උරුමයේ ච. රණවක මහතා මෙම ඉන්ධන මිල වැඩි වීමට හේතුව හලාල් කරණය බවත් තමන් හලාල් කරණයට ඊට එරෙහිව අරගලයක් අරඹන බවත් කියා සිටී.

9 comments:

  1. අම්මපා, බලාගෙන ගියාම ඇත්තක් නැත්තෙමත් නෑ....

    ReplyDelete
  2. මෙන්න බලන්න, බොදු සේනා සහ උල්මාවරු ආණ්ඩුව රකින හැටි. එනිසයි මා ද පෙර සිටම කියුවේ ජාතිවාදය ධනේශ්වර ක්‍රමයේ අරුබුධ හමුවේ ඊට සහායට පැමිණෙන හොඳම සඟයෙකු බව.... අපේ රටේනම් එය ඉතා කැපී පෙනෙනවා.
    දැන් උලමා පිට දා ආණ්ඩුව බෙරේවි.

    ReplyDelete
  3. ශ්‍රී ලංකික අපිට කිසිසේත් හලාල් අනවශ්‍යය. හලාල් මෙරටින් ඉවත් කරගන්නා තුරු ශ්‍රී ලාංකික අපගේ විරෝධය අත් නොහරින්නෙමු.

    ReplyDelete
  4. ශ්‍රී ලංකික අප සැමට තෙරුවන් සරණයි.

    ReplyDelete
  5. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ අප සිටින තුරු සපිරිස්ථානයක් කිරීමට ඉඩ නොදෙමු. ජාතියේ මුර දේවතාවුන් වන භික්ෂුන් වහන්සේලා මෙරට සිටින තුරු ශ්‍රී ලංකාව නියම සිංහල බෞද්ධ රටක් වශයෙන් පවතිනු ඇත.

    ReplyDelete