Sunday, February 10, 2013

දිවයින මුදලාලියි නවලෝක මුදලාලියි හරිම යාලුවෝ දෙන්නා




පසුගියදා පස් හැවිරිදි දැරියක නවලෝක රෝහලේදී එම්.ආර්.අයි. පරීක්ෂණයක් කරන අතර තුර සිදු වූ අනතුරකින් මිය ගියාය.

මේ ගැන වාර්තා කරන ලංකාවේ තිබෙන ජාතික යැයි කියා ගන්නා සංවාදශීලි, ප්‍රගතිශීලි, ගවේෂණාත්මක එකම මාධ්‍යක්වත් මේ රෝහලේ නම හෙලි කලේ නැත.ඔවුන්ට එය එක්තරා පෞද්ගලික රෝහලක් විය.

නමුත් නීති සිසුවියගේ අත  කැපු විට එය මාතර රෝහලේ වරදකින් සිදු වු දෙයක් බවත් කිසිම පැකිලීමකින් තොරව හෙලි කලේ මේ මාධ්‍යයමය.

එසේම රජයේ රෝහල් වල එන්නත් වැරදුන විට, සැත්කම් වැරදී රෝගීන් මිය යන විට, දකුණු අත වෙනුවට වම් අත කපා දමන විට අදාල  රෝහලේ නම හෙලි කිරීමට ඔවුනට කිසිම බාධාවක් නොවීය.

එය ඉතා හොඳ වැඩකි. වැරදිකරුවන් කවුදැයි රටට හෙලි කල යුතුය.

එසේනම් වෙල්ගම මුදලාලි හා අනෙකුත් මාධ්‍ය මුදලාලිලා නවලෝක රෝහලේ නම කියන්නට පැකිලෙන්නේ නවලෝක මුදලාලිට ඇති බිය නිසාද, නැතිනම් මුදලාලිලා අතර ඇති මිත්‍රකම් නිසාද?

11 comments:

  1. බයට ඕයි බයට

    ReplyDelete
  2. මුදල + දේශපාලනය + බලය අතර ඇති ඥාතීත්වය සහ සමහර ව්‍යාපාර එම තුන්බෑජටිලයෝ සමග දෝලනය වීමයි.

    ReplyDelete
  3. නියම ලොල් සිද්දිය කනමදිරියෝ.උබ නම් නියම දේශපාලන සත්වයෙක්

    ReplyDelete
  4. හිතවත්කම නෙවෙයි ඥාතිත්වය.. වෙල්ගමලයි දර්මදාසලයි විවාහ හරහා නෑදෑයො

    ReplyDelete
  5. ඔය මුකුත් නෙවේ බං , කැරිකම ,කැරිකම

    ReplyDelete
  6. එකෙක්වත් ඕවා ගැන නෝ කතා.... මුදලේ බලය...

    ReplyDelete
  7. මරු පින්තුරේ හික් හික්

    ReplyDelete
  8. ලංකාවනේ බං...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. පාදඩ ව්‍යාපාර ප්‍රජාවේ ශක්තිය ....

    ReplyDelete
  10. හිතවත්කම,බලය,ධනය, නිසා අපේ මිනිස්සු මොනවද නොකරන්නෙ?

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete