Tuesday, January 22, 2013

48 පැය




ඔව්හු උතුරේ දෙමල ජනයා තලා දැමූහ.
අප සිනහසෙමින් කිරිබත් කෑවේ  අප දෙමලුන් නොවන නිසාය

ඉන්පසු ඔව්හු ශිෂ්‍යන්ට පහර දුන්හ.
අප තව දුරටත් නිහඬ වීමු. ඇයි අප ශිෂ්‍යයන් නොවෙමු.

ඔවුන් ක‍ටුනායක කම්කරුවන්ට වෙඩි තබා විශ්‍රාම වැ‍ටුප්  දුන්හ.
අප නිහඬ වූයේ අප කම්කරුවන්ද නොවන නිසාය

ඊ ලඟට  ඔවුන් ධීවරයින්ට වෙඩි තැබුහ.
අපිට පාන්ද? අප ධීවරයින් නොවෙමු.

අනතුරුව ඔව්හු සරසවි ඇදුරන්ගේ ද සටන කීතු කලහ.
මක් වෙනවාද කියු අප සුවසේ නිදා ගත්තෙමු.

ඉන්පසු ඔව්හු උසාවිය සමතලා කලහ.
අප රතිඤ්ඤා පත්තු කර කිරිබත් කෑවෙමු.

දැන් ඔවුන් අපව මැඩලීමට නීතිගෙන එති.
අපව පැය 48ක් පොලීසියේ  ‍රැඳවීමට ඔවුනට අවැසිය.

 ඇට තලා ලබා ගත් කට උත්තරේම සාක්ෂියක් කර ගෙන
අපව මඩින්නට ඔවුහු කැස කවති.

එහෙත් අප තවමත් නිහඬය
උගුරට එනතෙක් කිරිබත් කා සිටින අපට කෑ ගැසීමට නොහැක.











7 comments:

  1. තලන්න කොහෙද මචං ඇට?

    ReplyDelete
    Replies
    1. ඒ කැල්ල උඹට අදාල නැ. ඇට දෙයක් තියන උන්ට විතරයි එහෙම ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන් මචං

      Delete
  2. ඌරන් කැකුන අැට තලන විට හබන් කුකුලන්ට රජ මගුල්ය..අපි ඇට තලන දෙසද බලා සිටිමු..ඒ අපේ ඇටය නොවන නිසාවෙන් හෝ අපේ ඇටේතැලුව නිසා අනෙකාගේ එක තලන තුරු නොඉවසිල්ලෙන්..

    ReplyDelete
  3. කාටහරි ගහන එකටත් වඩා එක බලන් ඉඳල ආතල් ගන්නනේ අපේ උදවිය පුරුදු වෙලා ඉන්නේ මම කිව්වේ මේ.......

    ReplyDelete
  4. ඔය මදි අපි තාම දේශමාමක ජනතාවනේ...
    පොලීසියේ කට උත්තරෙත් වලංගුයි කියයි ලගදීම...

    ReplyDelete
  5. ඔබගේ බ්ලොග් එක ඇස ගැටුනේ අදයි. ඔබගේ රචනයන් යතාර්ථය මතුකරන්න සමත් වෙනවා.

    ReplyDelete
  6. ඇත්ත කතාව අමාවක..අපිට වෙනකම්
    ඇස් ඇරෙන්නේ නැහැ.අපිට උන දාට
    අනිත් අයගෙත් ඇස් ඇරෙන්නේ නැහැ .

    ReplyDelete