Wednesday, January 2, 2013

කණු ඉබ්බා



කිරි ඉබ්බන් , ගල් ඉබ්බන් හෝ තාරකා ඉබ්බන් ගැන  නම් ඔබ දන්නවා විය හැකි නමුත්  ඔබ කණු ඉබ්බන්  ගැන දන්නේද ? අඩුම තරමෙන් උන් ගැන අසා ඇති ද?

මා අද ඔබට කියන්නට යන්නේ කණු ඉබ්බන් ගැනයි.

ඔබ යම් ගමනක් යන විට පාර අයිනේ සි‍ටුවා ඇති උස කණුවක්  මුදුනේ ඉබ්බෙක් සිටියේ යැයි සිතන්න .

අන්න ඌ කණු ඉබ්බෙකි.

මේ කණු ඉබ්බා ගැන ඇති වැදගත් කාරණයක් නම් ඌට ඒ කණුව මුදුනට තනිවම නැග ගැනීමට නොහැකි බවයි.

කවුරුන් හෝ පිරිසක් ඌව එතැනට ඔසවා තැබිය යුතුය.

කණු ඉබ්බා එසේ පිටස්තරයන් විසින්  කණුව උඩින් තැබුවත් ඌට එතැන සිට කිසිවක් කිරීමට නොහැකිය.ඌට කළ හැකි එකම දේ කවුරුන් හෝ දෙන දෙයක් කා කණුව මතම මළ පහ කර එය ජරා කරමින් ඒ මතම සිටීමයි.

කණු  ඉබ්බාගේ ඇති විශේෂම ලක්ෂණය නම් ඌ කිසිම දිනෙක තනිවම මේ කණුවෙන් බිමට නොබැසීමයි.

ඌ ඔසවා කණුවෙන් තැබූ පිරිස හෝ වෙන කවුරුන් විසින් හෝ ඌව කණුවෙන් බිමට බැස්විය යුතුය.


9 comments:

  1. ඌ කනු ඉබ්බා නම් ‍තෝ ගල් ඉබ්බෙක්

    ReplyDelete
    Replies
    1. ඉහත වැනි ඉබ්බෙකුට තවත් උදාහරණයක් නමුත් මු ඉන්නේ වලක. වල ඉබ්බෙක්!

      Delete
  2. ඔය කණු උඩ ඉන්නේ දැත් ශක්තිමත් කරන්න ආපු ඉබ්බො විතරක්මද?

    ReplyDelete
  3. @කලාමැදිරියා
    කනු ඉබ්බාගේ චයාරුපයනම් මෙලෝ රහක් නැත

    ReplyDelete
  4. ඉබි කතාව තේරුනේ ලාවටය

    ReplyDelete
  5. මේත් ඉබ්බෝ ගැන
    http://wordpress.com/read?b=21286931&unsub=1&_wpnonce=f8c56ce588

    ReplyDelete
  6. හිකිස් උඹගේ කතා සමහර අයට රිදෙනවා වගේ... වෙන්න ඕනෙත් ඒක තමයි.. දැනෙන එක.. නැත්තන් නිකන් ලාදුරු වගේ ඉන්නේ.... කණු ඉබ්බා... අළුත් සංකල්පනාවක්....

    ReplyDelete
  7. ඇයි ඌ කණුවෙන් බිමට පනින්නෙ නැත්තේ?

    ReplyDelete
  8. ඉබි පවුලක් කණුවක් උඩ තිබ්බොත් මොකක් වෙයිද?

    ReplyDelete