Thursday, January 10, 2013

ශිරාණි ඉවත් කරනු.-මගේ පරම පැතුම එයයි.



අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය අවසන් අදියරට පැමිණ තිබේ. නිසැක ලෙසම ඇයව තනතුරින් පහ කරන්නට රජය , මිලට ගත් හිස් ගෙඩිත්  සමග පාර්ලිමේන්තුව තුල ඇති තම අති මහත් බහුතරයේ බලය යොදා ගනු ඇත.

තමන් බලාපොරොත්තු නොවූ ලෙස ශිරානි බණ්ඩාරනායක ඉල්ලා අස් නොවූ නිසා ආණ්ඩුවේ ලොක්කන් හා ක‍ටු කන කුක්කන් හැසිරෙන්නේ මාරාවේෂ වූවන් ලෙසය.රාජ්‍ය මාධ්‍ය පමණක් නොව ආණ්ඩුවට කඩේ යන බහුතරයක් වූ පෞද්ගලික මාධ්‍ය ද ශීලාචාර බවේ සියලු සීමා බිඳ දමමින් සිටිති. වීරවංශලා හා හඩ්සන් ලා එක පෙලට සිට උරෙන් උර ගැටී තම අසහනකාරි වෛරී මානසිකත්වය ප්‍රදර්ශනය කරමින් සිටිති. ඔවුන් තමන්ගේ පහත් ගති ලක්ෂණ මහත් උජාරුවෙන් පෙන්වමින් සිටිති.

ඔවුන් පසුපස ,ගුණදාස මරසේකර, ගෝමින් ,නලින් සිල්වා, චම්පික බඳු ජාතිවාදින් තම සුපුරුදු බටහිර කුමණ්ත්‍රණ මන්තරය ජප කරමින් පෙරහැරේ එන්නේ ස්වාමියා අසුරු ගැසූ විට කීක් කීක් ගාමින් එන බලු කුක්කන් විලසය. ඒ මාලු බනිසකට හා රුපියල් කිහිපයකට ගෙන්වන ලුම්පන් පංතියේ උද්ඝෝෂකයින්ට අමතරවය.

සඳුදා වන විට ඇයව ඉවත් කර රූකඩයක් අග විනිසුරු පු‍ටුවේ හිඳුවනු ඇත. ඒ සමග මෙතෙක් නාමිකව පමණක් තිබූ ශ්‍රී ලංකාවේ ස්වාධීන අධිකරණය අංගසම්පූර්ණ ලෙසම පාලකයින්ගේ අභිමතාර්ථයට අනුව ක්‍රියා කරන රූකඩ කෝලමක් වනු ඇත. එයින් අනතුරුව , මානව හිමිකම්, යුක්තිය, මූලික අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රික අයිතිවාසිකම් වැනි දේ සඳහා අධිකරණයට යාමට සිතනු ඇත්තේ උම්මත්තකයින් පමණි.

ඒ අනුව බලන විට මේ දෝෂාභියෝගයෙන් ඇත්තටම සිදුවනු  ඇත්තේ යහපතකි. එනම් ස්වාධීන අධිකරණ මිථ්‍යාව බිඳ දැමීමයි. රටේ අනිකුත් ආයතන සියල්ලටම වීඇති පරිදි අධිකරණයත් පවුල් පාලනයේ විය ගසට සම්පූර්ණයෙන්ම බැඳ දැමූ පසු ජනතාව යුක්තිය උදෙසා විකල්ප මං සෙවීමට කල්පනා  කරනු ඇත. එයම ප්‍රමාණවත්ය.එය හෙට සිදුනොවුනත් සිදු වනු ඇත. මාලු බනිසට හා කසිප්පු වීදුරුවට සෑම දාම ජනයා යට නොවී සිටිනු ඇත. මර්වින් සිල්වාට සිල්වාට සිදු වූ දෙය මෙනි.

එහෙත් එහි ඇති යහපත ඉන් නිමා නොවෙන්නේ මේ ප්‍රශ්නය ගැන ජාත්‍යන්තරයද දැනටම සීරුවෙන් සිටින නිසාය. තම ක්‍රියා කලාපය නිසා දැනටමත් ජාත්‍යන්තර ප්‍රජාව තුල කොන් ව සිටින  පත් ව සිටින රෙජිමය මේ සමග තව  තවත් අපකීර්තියට පත් වනු ඇත. අධිකරණය තම අතට ගැනීමත් සමග රටේ මානව හිමිකම් ප්‍රශ්න උග්‍ර වනු නො අනුමානය.

මේ කරුණු වලින් පෙනී  දෝෂාභියෝගය රාජපක්ෂලාට අහක යන නයි ඔඩොක්කුවේ දමා ගත්තාක් මෙන් විය  හැකි බවයි.

එසේ වේවායි අපිත් පතමු.

මගේ නම් පරම පැතුම එයයි.



5 comments:

  1. පිස්සුද බන් සති දෙකයි ඔක්කෝම අමතකයි.... බඩු නම් බුදු ෂුවර්

    ReplyDelete
  2. කොහොල්ලෑ බබාගේ කතාව මතක් උනා

    ReplyDelete
  3. මට මේ පන්ති බෙදල ඉරි අදිනකොට හැමදාම පැටලෙනව වීරවංශලා, හඩ්සන්ලා, ගුණදාස අමරසේකර, ගෝමින් ,නලින් සිල්වා, චම්පික අයිති වෙන්නෙත් අර ලුම්පන් පංතියටමද?

    ReplyDelete
  4. රිසානා හන්ද ඔක්කොම අමතකයි.

    ReplyDelete