Wednesday, January 16, 2013

වාසුදේව කෝලම




වාසු සබයට පිවිසෙයි

රුංද ගතින් ගත රුංද ගතින් ගත රුංදා රුංද ගතින් ගත රුංද ගතින් ගත රුංදා

බෙරපද තාලයට නටමින් සබය වටා රවුමක් යයි

වාසු-         මම වෙමි වාසු ,නිරිඳුගේ ගැත්තා
                 යුක්තිය සෙව්වේ ඉස්සර කාලේ
                 විප්පල කෙරුවේ ට්‍රොට්ස්කිගෙ කාලේ
                 මම වෙමි වාසු නිරිඳුගේ ගැත්තා

                             
                 අග විනිසුරු එලවමි රජුගේ අණ ලෙස
                 කුණුහරුපෙන් බැන එලවමි එලවමි
                 මෙහි එනු ඉතිරිය සටනට මා හා
                 ගලවමි තිගෙ රෙදි රජුගේ අණ ලෙස


                 විමලෙට හැකිනම් මා හට නොහැකිද
                 නිරිඳුන්ගේ හොඳ දාසයා වන්නට
                 ඇමතිකමේ මා දිගටම ඉන්නම්
                 ඔබගේ පා යුග ලෙව කා ඉන්නම්
               
               
                මම වෙමි වාසු ,නිරිඳුගේ ගැත්තා///////
  
රුඳ ගත රුඳ ගත රුංද ගතින්දා රුඳ ගත රුඳ ගත

වාසු නටමින් සබයෙන් පිටවී යයි. සබයට පි‍ටුපා යන විට ඇඳ සිටින කලිසමේ පි‍ටුපස  පලුවක් නැත. හෙලුව සබයට පෙනේ.

6 comments:

  1. ඔය හාදයගෙ හෙළුව පේන්න ගත්තෙ අද ඊයෙකද කණාමැදිරියො?
    හැබෑට අපිනම් කියන්නෙ කණාමැදිරියා කියලා කලාමැදිරියා නෙවෙයි.

    ReplyDelete
  2. මේ යකා මේ වගේ කාළකන්නියෙක් කියලා ජීවීතේට හිතුවේ නෑ... හැබයි ඒ කාලේ ඉඳන් මෙයා මහින්ද මහත්තයගේ හොඳම යාළුවා....

    ReplyDelete
    Replies
    1. ekata badu gahapu fit ekata thami. wena monawade?

      Delete
  3. මෙහෙම වෙනස් වුනොත් හොඳ නැත්ද?

    " වාසු සබයට පිවිසෙයි. ඔහු ඇඳ සිටින්නේ චූටි රතු පාට අමුඩයකි"

    "වාසු සබයෙන් පිටවෙයි, ඔහුගේ රතු අමුඩය කඩා වැටී හෙලුවෙන්ම පිට වේ."

    ReplyDelete
  4. වාසුගේ මලයා හිටියනම් මීට දෙවෙනි
    නෑ ..මිනිහත් හොඳ අඩව් කස්තිරම් කාරයා .

    ReplyDelete
  5. වාසු මැරූ පර්සි :)
    http://sanuwa.blogspot.com/2010/10/blog-post.html

    ReplyDelete