Friday, January 18, 2013

අපෙන් මල් මිටක්, ජනාධිපතිවරයාට.



සියල්ල අප සිතුවාටත් වඩා හොඳින් සිද්ධ විය.  ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුකමින් ඉවත් කිරීමත් එම තනතුරට රූකඩයක් ( 18 වැනි සංශෝධනය කාලයේ ශිරාණි බඳු හෝ ඊටත් වඩා හොඳ රූකඩයක් ) පත් කරනු ඇතැයි යන්න අපේ පැතුම බව අප මීට කලින් කීවෙමු.

එය එසේම වී තිබේ නව අග විනිසුරු ලෙස මොහාන් පීරිස් පත් කර තිබේ .

අපිට සතු‍ටුය. අපි ඒ  ගැන , එනම් නයෙක් ඔඩොක්කුවේ දමා ගැනීම ගැන ජනාධිපති වරයාට සුභ පතමු.

බටහිර රටවලට හා ඇමෙරිකානුන්ට මෙරටට  අත පෙවීමට සලසන්නේ අමරසේකරලා, වීරවංශලා එන් ජීඕ කාක්කන් , ඩොලර් කුක්කන් දෙමල බෙදුම්වාදින්,පෙඩරල් වාදින් හෝ දෙමල ඩයස්පෝරාව නොව රාජපක්ෂ ආණ්ඩුව හා ඔවුන්ගේ කඩුව ගත් රිලා ආරක්ෂකයින් වන වීරවංශලාම බව නොතේරෙන්නේ වීරවංශලා බඳු මඤ්ඤං කාරයින්ටම පමණි.

එහෙත් අද කණාමැදිරියා ලියන්නේ ඒ ගැන නොවේ. රාජපක්ෂලා වීරවංශලා කඩේ යවපු හැටි ගැනය.

ශිරාණි බණ්ඩාරනායකව ගෙදර යැවීමට ආණ්ඩුව කැපූ මඩවලේ බැස ගෙන නැටූ වීරවංශ, නලින් සිල්වා, ගුණදාස අමරසේකර, ගෝමින් දයාසිරි, හා සරත් නන්ද සිල්වා වැනි අයවලුන් දිගින් දිගටම කියා සිටියේ ශිරාණි ඉවත් කර ඒ තැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෝෂ්ඨතම  විනිසුරුවරයා පත් කල යුතු බවයි. ජනාධිපතිවරයා තම අවවාදය පිලි ගෙන එසේ කරනු ඇතැයි ඔවුන් සිතු බවක්ද පෙනෙන්නට තිබුනි.

එහෙත් සිද්ධ වුනේ මල කෙලියකි.

රජයේ ආයතන කිහිපයකම නිල තල ඉසිලු උග්‍ර රාජපක්ෂවාදියෙක් වූ හා තමන් නීතිපති කාල යේ ආණ්ඩුවේ හිතවතුන්  හිතුමනාපයේ  නඩු වලින් නිදහස් කල මෝහන් පීරිස් අහසින් අවුත් එම තනතුරට පත් විය.

ශිරාණි ඉවත් කිරීමට කඩේ ගිය වීරවංශලා, ගුණදාස අමරසේකරලා,ගෝමින් දයාසිරිලා දැන් සිටින්නේ ගලේ පැහැරූ බලලුන් ලෙසය.

ඇත්තටම ඊටත් වඩා හොඳ උපමාවක් අපගේ හිතට නැගේ.

එනම් කැරි කෑ රිලවුන් ලෙසය.

මේ කාලකණ්නි හැත්ත එවන් තත්වයකට පත් කිරීම ගැන මෙන්න අපෙන් මල් මිටක්, ජනාධිපතිවරයාට.

සටහන- හැබැයි අනිත් අයට කෙසේ වූවත් වීරවංශට නම් ලජ්ජාවක් කියා දෙයක් නැති බවද අප දනිමු.

5 comments:

  1. //මේ කාලකණ්නි හැත්ත එවන් තත්වයකට පත් කිරීම ගැන මෙන්න අපෙන් මල් මිටක්, ජනාධිපතිවරයාට//

    ReplyDelete
  2. //සටහන- හැබැයි අනිත් අයට කෙසේ වූවත් වීරවංශට නම් ලජ්ජාවක් කියා දෙයක් නැති බවද අප දනිමු.//
    හැබෑව... ඔය යෝදයට කොයින්ද ලැජ්ජාවක්...?

    ReplyDelete
  3. එකනේ අපි ලොක්කට ආදරේ.. ආයිත් මුන් විසිකරලා දානවා.. ආයෙත් ගන්නේ ඕන උන වෙලාවට.. හරියට අවුරුද්දට පත්තු කරන බට්ටෝ වගේ....

    ReplyDelete
  4. කැරි කෑ රිලවුන් ලෙසය.

    ReplyDelete
  5. රිලවුන්ට සෑහෙන අපහාසයක් කරලා තියෙන්නේ......

    ReplyDelete