Friday, January 25, 2013

කසාද පහේ කතාව නොහොත් ඇරියස් ඇල්ලීම



බොදු බල සේනාව යැයි අන්ත වර්ගවාදි ආගම්වාදි සංවිධානයක් අටවාගෙන වර්ගවාදි විෂ හලන ගලබොඩ අත්තේ ඥානසාර නම් භික්ෂුව  බෞද්ධයින්ට විවාහ පහක් කර ගැනීමට අවසර ලබා දිය යුතු යැයි ඉල්ලු පුවතක් ඊයේ වාර්තා විය. මෙම ඉල්ලීම ලබා දුනහොත් තමන්ද   සිවුර පසෙකින් තබා ජාතිය ගොඩ නැගීමේ කාර්යයට සම්බන්ධ වීමට  උන්නාන්සේ දත කට මැද ගෙන ගේ  බලා ගෙන සිටිනවා වෙන්නට ඉඩ තිබේ.

කුඩා කාලයේම මහණ වීම නිසා අහිමි වූ කම් සැපත ඉතාමත් ඉක්මනින් බඩ කට පුරා  ලබා ගැනීම සඳහා මෙවැනි යෝජනාවක්  කරන්නට ඇතැයි අපට සිතේ.

එය උපමාවාකින් කිවහොත් විප්ලවය කිරීමට යාම නිසා සීගිරිවත් නොගිය වීරවංශ හිටපු සහෝදරයා , 180ක කරණමක්  ගසා ඩිස්නිලන්තය වඳින්නට යනවා මෙනි.

ඒ ගැන අපි එතරම් නොසිතිය යුත්තේ ඇරියස් ඇල්ලීම මෙවැන්නන් අතර ඉතා පොදු දෙයක් නිසාය.

එසේම මෙම යෝජනාව නිසා ආණ්ඩුවේ ආදායම ද තර වේ. විවාහයකට අය කරන ගාස්තුව රු.5000 ක් කල නිසා දැන් එක අයෙකුගෙන් ලේසියෙන්ම ර්.25,000ක් අය කර ගත හැකිය.

සමහර විට සිංහලයන්ට කසාද පහක් බැඳ ගැනීම සඳහා අවශ්‍ය රු.25,000 සොයා දීම සඳහා බොදු බල සේනාව ඉදිරියේ දී අරමුදලක්ද පිහි‍ටුවන්නට ඉඩ තිබේ. එයට දායක වීමට වීර සිංහලුන්ටද ආරාධනා කරනු ඇත.

සටහන- මෙවන් උමතු ප්‍රකාශ දු‍ටු මතින් කඩා  පැන ප්‍රකාශකයා කීතු කරන සිංහල බ්ලොග් අවකාශයේ සටන් කරුවන් මුන්නාන්සේටත් වැඩක් දෙනු ඇතැයි අප බලා සිටියද තවම එය ඉ‍ටු නොවූ නිසා මෙසේ ලියන්නට සිත් විය. සමහර විට අප බ්ලොග් සගයන්ද මේ යෝජනාවට ඉත සිතින් සහය දෙනවා වෙන්නට ඇති.



12 comments:

  1. ඔය කතාවත් "මව්බිම" කුමන්ත්‍රනයක් කියල සම'හරක් බ්ලොග් වල තිබ්බ

    ReplyDelete
  2. බොදු බලසේනාව ආරම්භයේ සිටම කලේ නිවැරදි කතිකාවන් සඳහා වැරදි ප්‍රවේශයන් ලබාගැනීමයි . ශ්‍රි ලංකාවේ තිබිය යුත්තේ එක් විවාහ නිතියක් පමණි , ඉස්ලාමීය , උඩරට පහතරට ආදි වශයෙන් විවාහ නිති කිහිපයක් එක් රකට අවශ්‍ය නැත . බොදු බලසේනා විසින් අවධාරණය කල යුතුව තිබුනේ මෙයයි . එනම් ඉස්ලාමිකයින්ටත් එක් විවාහයක් පමණක් කරගත හැකිවන පරිදි නිති සකස් කිරීම අවධාරණය කිරීමයි . නමුත් උන්ට 4ක් නම් අපිට 5ක් ලෙස ඉල්ලා සිටීමෙන් එය යටගොස් වෙනත් කතිකාවක් ඉස්මතුව තිබේ

    ReplyDelete
  3. ඔවුන් මෙතෙක් කල් කලේ නිවැරදි දේ වෙනුවෙන් පෙනීසිටීම නොව, අරුන්ට දෙනවා නම් අපිටත් ඕනේ යන බාල බොළඳ තර්කය ඉදිරිපත් කිරීමයි. ඔවුන්ගේ ඔළු වලට නොතේරෙන සරල කාරණය නම්, ඔවුන් විරුද්ධ වන්නා වූ දෙයම, තමන්ටත් ඉල්ලා සිටීමෙන්, ඔවුන් කරන්නේ තමන් විරුද්ධ කාරණය වෙනුවෙන්ම පෙනී සිටීම බවයි.

    ReplyDelete
    Replies
    1. @තිසර ඔබගේ අදහස නිවැරදියි....ආගමට මුස්ලිමුන්ගෙන් වනවාය කියන විනාසෙට වඩා මුන්ගෙන් වන විනාසය අතිමහත් ...අර කට්ටියක් පාර්ලිමේන්තු ගියේ ධර්ම රාජ්‍යය ගොඩනගන්න.....

      Delete
  4. කවරෙකු හෝ මෙවැනි දෙකේ පන්තියේ ඉල්ලිම පසු පස සිටින කිසිවෙකුට ශ්‍රී ලාංකික සමාජය ගැන අබ ඇටයක් තරම් තේරුමක් නොමැත එය නිකම් රනිල්ගේ මහත්මා දේශපාලනය වගේය.

    ReplyDelete
  5. විය යුත්තේ පුළුවන් තරම් දරුවන් සෑදීම නොව. උගත් බුද්ධිමත් දරුපරපුරක් බිහි කිරීමයි. ළමයි කොපමණ හැඳුවත් මේ රටේ හොඳ අධ්‍යාපනයට අවස්ථාව ලබාදිය නොහැකිනම් එහි අවසාන ප්‍රතිඵලය වෙන්නේ කුමක් ද....?
    කෙටියෙන් කියන්නම්, මේ සියල්ල දේශපාලන උවමනාවල් පමනි.

    ReplyDelete
    Replies
    1. මේවට දේශපාලනය කියන්න එපා මේව පැවැත්ම රැකගැනීමේ මාර්ග.....

      Delete
    2. නැහැ. මා නැවත ඉහත කාරනය පැහැදිලිව කියන්නම්. ධනේශ්වර ක්‍රමයේ අර්බුද හමුවේ ඊට සහායට එක් කරගන්නා හොඳම සඟයෙක්නම්.... ජාතිවාදය.... යි. (ජාතික ගීතය ගැන වාසුගේ අවසන් ස්වයංවිවේචනය හොඳ උදාහරණයක් වේවි.)

      Delete
  6. Replies
    1. හම්බයෝ කියන්නේ මොනවගේ සත්තු ජාතියක්ද සුදා?

      Delete
  7. හම්බයෝ කියන්නේ මොනවගේ සත්තුජාතියක්ද සුදා?

    ReplyDelete