Monday, January 7, 2013

සිරිපා ගමන-ජීවිතය සුන්දරද කෙතරම්



මේ අතරතුර පාර්ලිමේන්තුවේ ආණ්‌ඩු පක්‍ෂය නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරු පිරිසක්‌ පසුගිය සති අන්තයේ අපූරු වන්දනා ගමනක්‌ ගොස්‌ සිටියහ. මෙහි මූලිකත්වය ගෙන තිබුණේ නාමල් රාජපක්‍ෂය.

නාමල් තරුණ මන්ත්‍රීවරු පිරිස සමග සිරිපා වඳින්නට යන ගමන සංවිධානය කිරීමේ වගකීම බාර දුන්නේ උදිත ලොකු බණ්‌ඩාරටය. ඒ අනුව සතියක්‌ පුරා මස්‌ මාංශ ආහාරවලින් තොරව පේවී සිටි මන්ත්‍රීවරු පසුගිය 29 වැනි සෙනසුරාදා රාත්‍රියේ හැටන් මාර්ගයේ නල්ලතන්නිය අසල වයිට්‌ එලිපන්ට්‌ හෝටලයට පැමිණ සිටියහ. ඒ අතර නාමල්, උදිත, තාරානාත්, රොෂාන්, කනක, මනුෂ, එරික්‌ යන මන්ත්‍රිවරු පිරිසක්‌ සිටියහ. ඊට අමතරව නාමල්ගේ ළඟ හිතවතෙකු වන ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා ද රොෂාන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ද පැමිණ සිටියහ.

මෙම නඩය, නඩේ ගුරු උදිතගේ උපදෙස්‌ අනුව රාත්‍රි 11.30 ට ගමන ආරම්භ කිරීමට යොදා ගෙන සිටියත් රාත්‍රි 1.30 වනතුරු එතැනම රැඳී ඉන්නට හේතුවක්‌ යෙදිනි. හේතුව යෝෂිත රාජපක්‍ෂ ද ගමනට සහභාගි වන බැවින් රැඳී ඉන්නැයි කරන ලද ඉල්ලීමකි.

ඒ අනුව සිටින ආරක්‍ෂක නිලධාරීන් කිහිපදෙනකුගේ ආරක්‍ෂාව මධ්‍යයේ මේ තරුණ පිරිස ගමන් අරඹන විට අලුයම 1.30 පමණ වී තිබිණ.

පිරිස මකර තොරණ අබියසට ළඟා වන විට කණ්‌ඩායම දෙකට තුනට බෙදී සිටියහ. නාමල්, යෝෂිත, ඇතුළු තරුණ ගැටවර පිරිස ඉතා වේගයෙන් සිරිපා කරුණා කරන්නට පටන් ගෙන සිටියහ. යන එන බැතිමතුන්ට කතා කරමින් විහිළු තහළු කරමින් තුන් සරණ කවි කියමින් මේ තරුණයෝ පිරිසගේ සිරිපා ගමන මගතොට කාට කාටත් අරුමයක්‌ ම වී තිබුණා යෑයි කිවහොත් අතිශයෝක්‌තියක්‌ නොවේ.




මන්ත්‍රීවරු අතර කෝඩුකාරයන් ද කිහිපදෙනෙක්‌ම සිටියහ. කනක, තාරානාත් ඒ අතර කැපී පෙනිණි. ඉඳිකටුපාන, සීත ගඟුල, මහගිරිදඹ, අහස්‌ගව්ව පසු කරමින් මන්ත්‍රීවරු ඉතා වේගයෙන් උඩමළුවටම ගොස්‌ සිටියහ.

උඩමලුවේ සිරිපා පියුම සිත් සේ වැඳ පුදාගත් තරුණ පිරිසට ආශිර්වාද කරන්නට සිරිපා මළුවේ නායක හිමියෝද පැමිණ සිටියහ. උන්වහන්සේ උණුසුම් තේ කෝප්පයකින් මන්ත්‍රීවරුන්ට සංග්‍රහ කර සිරිපා වන්දනාවේ ඉතිහාසය හා ආදීනව ගැන හොඳ පාඩමක්‌ ද කියා දුන්හ.

වන්දනාකරුවන්ට පුදුමයක්‌ වෙමින් යළිත් මේ සහෝදර පිරිස ඉරිදා පාන්දර වනවිට සිරිපා කරුණාව නිමා කර වයිට්‌ එලිµන්ට්‌ හෝටලයටම පැමිණ සිටියහ....

අපි හිතාගෙන හිටියේ මෙයා එනව කියන කොට අපිට මෙයාව උස්‌සගෙන ගන්න වෙයි කියලයි......... හැබැයි උනේ ඒකේ අනිත් පැත්ත. මෙයාලට පුළුවන් රොෂාන්වත් උස්‌ස ගෙන ආයෙත් කන්ද නැගල බහින්න..... තරුණ මන්ත්‍රීවරු රොෂාන්ගේ බිරිඳට විහිළු කළේ රොෂාන් මහත් අපහසුවෙන් දෙපාවලට සත්කාර කරමින් වෙහෙස නිවන ආකාරය දෙස පෙන්වමිනි. 


(උපුටා ගැනීම දිවයින ජාතික පුවත් පතෙන් -http://www.divaina.com/2013/01/06/politics01.html)

9 comments:

  1. පින් අතේ වැඩක් කරගෙන
    අවතාර්ට තවම බැරි උනානේ සිරිපා කරුණා කරන්න

    ReplyDelete
  2. දිවයින පුවත් පතට සිදුව ඇති විපතක තරම.මා 1983_2009 දක්වාම දිවයින පුවත්පත කියවූ කෙනෙකි.සරත් ෆොන්සේකා ද්‍රෝහියෙකු ලෙස අර්ථ ගන්වමින් කුමාරන් පද්මනාදන්ගේ කොටි සමේ සුදුහුණු තැවරීමේ ක්‍රියාවේ යෙදීම වැටහුණු විගස පුවත්පත මිලදී ගැනීම අත් හළෙමි.දැන් දිවයින සුදුසු වන්නේ පාලක පන්තියේ වැසිකිලි කඩදාසි ලෙසින් භාවිතයට පමණි.

    ReplyDelete
  3. මචන් අර උඩ පින්තූරේ ඉන්න කාලකන්නි
    ටික අයින් කරහන් ..pls
    ආතල් කැඩෙනවා ...

    ReplyDelete
    Replies
    1. අයින් කරන්න බෑ බං. කොච්චර අයින් කලත් ආපහු එනවා.

      Delete
  4. ඇත්තටම එයාල වැදගත්ත එක හොදයි...නැත්තං සිරිපා වහන්සෙත් වෙන තැනකට වඩී මේ රටේ වෙන අමන වැඩවල හැටියට...

    ReplyDelete
  5. මොන හු**** (හුලඟක්ද)
    මං මෙච්චරවෙලා මේක කියෙව්වෙ උඹ අරුන්ට කිණ්ඩියට ලියපු එකක් කියලා හිතං.
    වහපං අමාවක. අපිට දිවයින හොඳයි.

    ReplyDelete
    Replies
    1. කින්ඩි. ??? යකෝ ඒ උත්තමයෝ අච්චර අමාරුවෙන් සිරිපාදේ නැග්ග එක ගැන කොච්චර අපූරුවට ලියලා තියෙනවද දිවයින කාරයා. මගේ හිත සද්දාවෙන් බර වෙලා මම මේක දැම්මේ.

      Delete
  6. අත්‍යවශ්‍යම මනුස්සයාව හලලා ගිහින්නේ.

    ReplyDelete