Thursday, March 16, 2017

සයිටමාලංකාරය හෙවත් පරණ වාමාංශිකයන්ගේ වලප


 
 
සයිටම් එකට බඩගාගෙන කඩේ .........යනු
 නෙවිල් හාමුගේ පා ලෙවකා පිස.......... දමනු
 රජයේ යුනිවසිටි  විකුණනු හෝ .........වහනූ
 සමාජවාදේ  කුමකටදැයි ..............අසනු
 
 නෙවිල් මුදලාලි හෙට දින ..............බුදුවේවා
 පැරකුම් හෙන්රි සැරියුත් මුගලන්........වේවා
රජයේ  යුනිවර්සිටි හැඳිගෑවී..............යේවා
 නිදහස් අද්දියාපනේ ..............මක බෑ වේවා
 
 අවුරුදු දහතුනක් නොමිලේ ............උගන්නලා
තව සිව් වසක් සරසවියෙත්....................තියලා
 රුපියල් පහ නැතිව බත් පත   .........අඩු ගහලා
සයිටමයට ආවඩයි අයියෝ .................උඹලා 
 
 එස් තුන නැතිව  සරසවි  යන්නට..............බැරිය
 එස් තුන නැතත් ප්‍රයිවට් එක ...............අපිටමය
ශත පහ අතේ නැති උන් ඇත ...............සරසවිය
 මකවා දමනු නිදහස්..................... අද්දියාපනය
 
 සීයට  දෙක තුනයි  ඒ එල් ලකුණු  .........ඇතේ
නෙවිල් මුදලාලි අපි ගොඩ දානු .............ඇතේ
දුප්පත් හිඟන ‍රැල සරසවි පිරිලා .............ඇතේ
 තොපට උරුම කැඹිරීමයි අපි................යටතේ
 
 අවුරුදු දහ හතක්  පිනටම.............ඉගෙන ගෙන
රජයේ ‍රැකියාවකුත් තව කල් ........කොරාගෙන
නෙවිල් හාමුගේ මුදලට ලොල් ......... අමන දන
 පිකට් කරොත් වෙඩි තියනුලු ලෙසින් ......හෙණ

 නිදහස් අද්දියාපනේ  මොකටද අපිට.... අඩෝ
 කන්නංගරයා මොන පිස්සෙක්ද .........අඩෝ
චේලා ‍ෆිඩෙල් ලා තිබ්බොත් පෙලට ......අඩෝ
 අපේ සමීර මහ වීරයා තමයි .................අඩෝ
 
 දැයේ දරුවන්ගේ අධ්‍යාපනෙ..............නසනු
 සමාජවාදේ මොන ලබ්බද ................අසනු
 අන්තරේ කලේ මොන මගුලද ...........අසනු
නෙවිල් මුදලාලි ලඟ බෑවී  වැඳ ........වැටෙනු
 
 කොන්ඩ රැවුල් ඇත්නම් උන් හම.......... ගහමු
 ජෙප්පෝ කුරුට්ටෝ  කියලා වද........... දෙවමු
 නවක වදය  කියමින් තව මඩ.............. ගසමු
 නෙවිල් සර් ලඟ හෙලුවෙන්................ සිටිමු
 
 හොර උපාධි කඩ  වෙත ලයිසන් ............. දීලා
 ඒවයෙ ඉන්න උන් හට උපාධි............විකුණාලා
 ලිප්ටන් වටරවුමේ වද කඳවුරු ............ ...හදලා
 සරසවි සිසුන් මඩවනු එහි හිර.................කරලා

සයිටම අපේ අරමයි  රජ දහන...........  එය
නෙවිල් අපේ අති උත්තම............. සාදුමය
දුන්නොත් අපිට රුපියල්.............. ගෙඩිය
 කන්නන්ගර වුනත් විකුනාගෙන........ කමුය







4 comments:

  1. /* නෙවිල් මුදලාලි හෙට දින ..............බුදුවේවා
    පැරකුම් හෙන්රි සැරියුත් මුගලන්........වේවා */

    Who is හෙන්රි?

    අග සව්වා බස් ගැමුණු නොවෙයි ද?

    ReplyDelete
    Replies
    1. http://nokieekatha.blogspot.com/

      Delete
  2. මතුගම කුලී ලියන්නා,ලන්ඩන් ඇල්බට්,මනෝ විද්යා චක්රවර්තී දොස්තර,ගෝතලන් වැනි බ්ලොග් අපතයන් පහුගියකාලේ එකදිගටම සයිටම් ගුන ගැයුවේය.මුන් සයිටම් එක වෙනුවෙන් නොකල තර්කයක් නැත.එසේම මුන් සයිටම් එකට විරුද්ද දොස්තරලා, අන්තරය, ජවිපෙ පතුරු ගැසුවේය.

    එක පාරටම මුන්ගේ උත්සවයට ප්රධාන අමුත්තා ලෙස රාජිත එන්නේය.

    කාරනය පැහැදිලිය.මුන්ට කොන්ත්රාත් එක ලැබුනේ සයිටම් එක වෙනුවෙන් මතයක් ඇති කරන්නටය. කරපු කුලී කොන්ත්රාත් එකට දැන් රාජිත මුන්ට කෑමක් හා අතට ගානක් දෙන්නට යනවාය.

    මුන් දන්නා ප්රතිපත්තියක් හෝ මොන මගුලක් වත් නැත.මතුගම හිටියත් කොලඹ හිටියත් ලන්ඩන් කැනඩා හිටියත් එකම ජාතියේ අපතයන්ය.

    ReplyDelete
    Replies
    1. තොරතුරු දැන් ගැනීමේ පනතට අපමන අගයක් දුන්නේ, රාජිත ඇමතිතුමානේ. එතුමා පහුගිය කාලේ කොච්චරනම් තොරතුරු ප්‍රමාණයක් හෙලි කලා ද. බොග්-කරුවෝ වැඩිදෙනෙක් ජීවත් උනේ එතුමා හෙලි කරපු තොරතුරු වලට පිං සිද්ධ වෙන්න නේ. ඉතින් එතුමට ලී කෑලි බෙදන්න එන්න කියන එක බොහොම සාධාරණයි.

      Delete