Tuesday, March 28, 2017

කාලය ගමන් කරන්නේ වක්‍රවද?

 

පොදු දේපල අවභාවිතා කිරීම පිලිබඳ චෝදනාවක් නිසා මේ දිනවල සිරගතව සිටිමින් උපවාස රංගනයකුත් ඉදිරිපත් කරන විමල් වීරවංශට සෙත් පතා ඔහුගේ අනුගාමිකයෝ සෙත් පිරිත් කියති, සෙත් කවි කියවති, පඬුරු ගැට ගසති භාර හාර වෙති , මහා කෙලියක්ය. ඔහුගේ නෑයෝත්, නොනෑයොත්, මිතුරෝත් සහචරයෝත් ඇඬු කඳුලින්ය. හද කකියවන කතා කියත්. විලාප දෙත්. පොලවේ පස් කත්...... තව නොයෙක් නොයෙක් විකාරය.
 
තමන්ගේ එකෙකුට දුකක් වූ විට එහෙමය.
 
දැන් මේ හත්පොලේ ගාගෙන අඬන මහත්තුරු , එකල, එනම් රාජපක්ෂ රෙජිමය යටතේ  අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු සංජීව බන්ඩාර සිසුවා අත් අඩංගුවට ගත් කල් හි එකල අති මහත් ප්‍රීතියට පත් විය.
 
සංජීව බංඩාර අත් අඩංගුවට ගැනීම - ඔහු අත් අඩංගුවට පත් වූයේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් කිරීම නිසා මිස පොදු දේපල සොරකම් කිරීම නිසා නොවේ- වීරවංශගේ  ගොබෙල්ස්වාදි  සී නිව්ස් වෙබ් අඩවියේ පල කල විට  ඊට දමා තිබූ කමෙන්‍ටු කීපයක් පහත දැක්වේ. මෙම වෙබ් අඩවිය ගැන ඉතා ප්‍රසිද්ධ දෙය නම් මෙහි පල වෙන කමෙන්‍ටු  බහුතරයක් ලියන්නේ වෙබ් අඩවිය කරන උන්ම බවයි. එසේම වීරවංශලාගේ නිල මතයට එරෙහි අදහස්ඩක් එහි පලවන්නේ ඉතාමත් කලාතුරකිනි. එම නිසා සංජීව බණ්ඩාරගේ ලේ ඉල්ලා වීරවංශවාදින් කල  මොර දීම සැබෑවටම ඔහුගේම මතය වේ.
 
1.පලයන් බන් යන්න…කැම්පස් ගියා නම් ඉගෙන ගනින්…රටේ මිනිස්සුගෙ සල්ලි නාස්ති කරන්නෙ නැතුව…අනික හවසට වැඩ ඇරිල මහන්සි වෙලා එන මිනුස්සුන්ව ගෙදර යන්න දෙන්නෙ නැතුව පාරෙ රස්තියාදු කරන එවුන්ව හුරතල් කරන්නද කියන්නෙ

2.එස් බි නෙමේ මූව මරන්න කියලා කියන්නේ මේ රටේ විශ්වවිද්‍යාල වලට ඇතුලත් වුන ළමයින්ගේ දෙමාපියෝ .මේ කාලකන්නි අලුගොසුවන්ව මොනවහරි කරලා විනාශ කරලා දුන්නොත් එස් බි ට ආත්ම ගානක් පින් සිද්ද වෙනවා.

3.මූව නම් අනිවා මරන්න ඕන

4.එවන්ඩ නම් එපා ඕකාව.

5.මුන් ට හොද වැ‍‍ඩේ.සිසුන් සස්පෙන්ඩ් වෙනකොට ආචර්ය වරු එස්.බීට ක‍ඩෙ ගියා,දැන් මුන් ඒ ආචර්වරු ට ක‍ඩෙයනකොට ආංඩුව මුන් ව හිරේ දානවා,ඔය ගොන් හරකව එලියට දාන්න නරකයි

6.උබලා මැරි මැරී ,,උපදින නිසා තමා මේ රට තවම 3 වෙනි ලෝකේ රටක් වෙලා තියෙන්නේ,,අනේ පිංසිදුවෙයි තොපි මැරිලා ,,පලයව්කෝ වෙන කොහේහරි අපිවම කන්න මේකටම එන්නේ,,නැතුව

7.ප්‍රේමදාස මහත්තය හිටියනම් මූව ටයර් එකකට දාල මෙලහකටත් ගිණි තියල. කෝ මුන්ව ඉවර කරල දාන්නවත් මේ මහින්දට කොන්දක් නෑනෙ

8.කාලකන්නි තමා නිදහස් අද්‍යාපනය කන්නේ කෝ මේකත් එක්ක ඉන්න අනිකා උදුල් පේමරත්න,,හොද වෙලාවට ආර් ,ප්‍රේමදාස මහතා නැත්තේ නැත්නම් පරන ටයර් එකෙන් ගේම සෙට්

අද නොකා නොබී හො‍ටු පෙරමින් හිරෙන් එලියට දමන ලෙස කන්නලව් කරන වීරවංශලා එදා වීරයන් වී සිටියේ එසේය.  වන්නාටය.

කාලය ගමන් කරන්නේ වක්‍රවද? නෑ මේ නිකම් ඇහුවේ

3 comments:

  1. එකට සිට වෙන්වුණු පසු සමාජවාදීන් එකිනෙකා හා නයි වෛරක් ඇති කර ගන්නේ ඇයි?

    ජවිපෙ-ජානිපෙ-පෙසප!

    තිහේ දශකයේ දී එකට සිට හතළිහේ දශකයේ දී වෙන් වී නයි වයදරයෙන් සිටි ලසසප සහකොට හැටේ දශකයේ දී එකතුව වැඩ කරන්න පටන් ගත්තා.

    අනුර-විමලසිරි-ප්‍රේමකුමාර් තවත් නාකි වුනාට පස්සේ බලමු!

    ReplyDelete
    Replies
    1. @ සිනුවර සරුලොක් හෝම්ස්
      ///අනුර-විමලසිරි-ප්‍රේමකුමාර් තවත් නාකි වුනාට පස්සේ බලමු!///

      ඒ අය නාකිවෙද්දි ඔහේ ජීවතුන් අතර ඉඳිවිද?

      Delete
  2. විමලගෙ පච සී නිව්ස් එක කරන්නෙ උගෙම පක්ෂෙ කීපදෙනෙක්. ඒවට වැඩිපුර කොමෙන්ට් එන්නෙ අයි. පී එඩ්‍රස් පීපයකින් එකම ලොකේෂන් එකෙන්. ඉන් හිතන් ඉන්නෙ ලංකාවෙ ඉන්නෙ ගොන්නු ටිකක්, උන් කියන ගොන් කතාවලින් රටේ මතයක් හදන්න පුළුවන් කියලා. මම (ඈතින් ) දන්න උන් සෙට් එකක් ඔය සයිට් එක හැක් කරලත් තියෙනවා, උන් තමයි ඔය අයි.පී එඩ්‍රස් කතාව කිව්වෙ.

    ReplyDelete